පිහිට පතයි
බත්තරමුල්ල තලංගම, උතුර, කොස්වත්ත පදිංචි ජනිත චාවිතර පෙරේරා (27) වකුගඩු රෝගයකට
ලක්ව ඇති හෙයින් ඔහුට “ඒ පොසිටිව්” වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍ය
නිර්දේශය වී ඇති බව කියයි. පරිත්‍යාගශීලියකු වෙතොත් පහත සඳහන් දුරකථන අංකවලට අමතන
ලෙස ඉල්ලීමක් කෙරේ. 077 0811361, 077 24 61 361
****
පනස් තුන්වන වියෙහි පසුවන වකුගඩු ආබාධයෙන් පෙළෙන රෝගියෙකු සඳහා “ඒ හෝ ඕ” ලේ වර්ගය
ඇති පරිත්‍යාගශීලීයෙකුගේ වකුගඩුවක් අපේක්ෂා කෙරේ. විමසීම් 0766620330, 0766565801
අංක වේ.
****
බණ්ඩාරවෙල පට්ටියගෙදර කිරින්ද පල්ලේමැදගොඩ පදිංචි දැනට වයස අවුරුදු 37 ක් වන කේ.කේ.
නිශාන්ත බණ්ඩාර මහතා දරුණු වකුගඩු රෝගයකින් ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව කියයි.
මේ වන විට ඔහුගේ වකුගඩු දෙකම නරක් වී ඇති බැවින් කඩිනමින් “ඕ වර්ගයේ” වකුගඩුවක්
බද්ධකළයුතු බවත් බදුල්ල මහ රෝහලේ තුමා නිර්දේශ කර ඇති බව කියයි. මේ වන විට සතියට
දින 02 ක් ලේ පිරිසුදු කිරීම සිදුකරන අතර නිරන්තරයෙන් රෝහල්ගතවීම හේතුවෙන් අනෙකුත්
කාර්යයන් ද අඩපණ වී ඇති බවත් කියයි. ඉහත තත්ත්වයන් සලකා බලා “ඕ වර්ගයේ” වකුගඩුවක්
පිරිනැමිය හැකි අයෙක් වෙතොත් 071 988 5658, 071 3970354, 071 847 6870, 077 23
88979 දුරකථන අංක වෙත දන්වන මෙන් ද ගිණුම් අංකය 100220657379 ජාතික ඉතිරි කිරීමේ
ගිණුම වෙත ආධාර කරන මෙන් ද ඉල්ලීමක් කෙරේ. |