ජය ශ්‍රී මහා බෝ සමිඳුන්
අබියසදී පැවැත්වෙන
අලුත් සහල් මංගල්‍යය
ඉතිහාසය පුරා ලක්දිව රජ කළ විවිධ රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ
සමිඳුන් වෙත විවිධාකාරයෙන් බෝධි පූජා පවත්වා තිබේ. වර්තමානයේදී ජය ශ්‍රී මහා බෝධින්
වහන්සේ වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍යය හතරක් දැකගත හැකිය. ඒවා
නම් දුරුතු මංගල්‍යය (අලුත්සහල් මංගල්‍යය) පරණ අවුරුදු මංගල්‍යය, නානුමුර මංගල්‍යය
හා කාර්ති මංගල්‍යය වේ.
මෙම මංගල්‍යය අතුරින් විශේෂ තැනක් ගන්නා “දුරුතු මංගල්‍යය” ,”අලුත් සහල් මංගල්‍යය”
අලුත් සහල් මංගල්‍යය, හෙවත් අග්‍රශෂ්‍ය මහා දානය” මෙවර 49 වැනි වතාවට පැවැත්වෙනුයේ
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි. එම පුණ්‍ය මහෝත්සවය
වාර්ෂිකව සිදුකෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති, ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු
පාර්ශ්වයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත
සිරිනිවාස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණය හා අනුශාසනා පරිදිය.
ඉතිරිය»
හෝමාගම කිරිවත්තුඩුවේ ඉදිවන
ගුරුදෙව් සුවඅරණ
භික්ෂු රෝහල
“පූතිගත්තතිස්ස” තෙරුන් වහන්සේ රෝගීව කිසිවෙකුගේ පිළිසරණක් නොමැතිව සිටි අවස්ථාවේ
අසරණ සරණ වූ, අනාථනාථ වූ මාගේ බුදුපියාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමඟ එම ස්ථානයට
වැඩමකොට පැන් උණුකර පූතිගත්තතිස්ස තෙරුන් නහවා, කයට යම් සුවයක් ලබා දී ධර්ම දේශනා
කර මනස සුවපත් කළ සේක. එවේලෙහි බුදුපියාණන් වහන්සේ දේශනා කළේ යමෙක් රෝගීනට උපස්ථාන
කෙරෙත් නම් ඔහු මට උපස්ථාන කළ හා සමාන බවයි. බුද්ධ ශාසනයට ඇතුළත්වන ශ්‍රාවක සංඝයාට - සංඝයා වහන්සේම පිහිට විය යුතු බවද
බුදුරදුන් එහිදී වැඩිදුරටත් දේශනා කර ඇත. මේ බුද්ධ දේශනාවට ගරු කළ අපේ පැරැණි
ඇත්තන් මෙන්ම දැනටත් දායක දායිකාවන් දානයක් පූජා කළත්, ආගන්තුක හිමිවරුනට ගමින් ගමට
වඩින හිමිවරුනට හා විශේෂයෙන් රෝගී හිමිවරුනට දානයක්, ගිලන් පසක් පූජා කිරීමෙන්
විශේෂ කුසලයක් අත්වන බව දනිති.
ඉතිරිය»
හග්ගල ශ්‍රී සංඛගිරි විහාරෝත්සවය
මධ්‍යම පළාතෙන් ඌව පළාත වෙන්වන පළාත් මායිම තුළින් දිස්වන මනස්කාන්ත විහාරය ලෙස
හග්ගල ශ්‍රී සංඛගිරි විහාරස්ථානය හැඳින්විය හැකිය. නුවරඑළියේ සිට ඌව පළාතට පිවිසෙන
විට හග්ගල උද්භිද උද්‍යානය ආසන්නයේ පිහිටා ඇති මෙම භූමිභාගය දර්ශනීය වූ වැලිමඩ
සානුව නෙතට ගැටීමෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ මනබඳීනා ස්ථානයක් හැටියට ආකර්ෂණය වී
ඇත.ශ්‍රී සංඛගිරි විහාරස්ථානය සියලු විහාර අංගයන්ගෙන් පරිසමාප්ත වී ඇත. දර්ශනීය
බෝධිඝරය හා බෝධි ප්‍රාකාරය මෙන්ම වාහල්කඩ සහිත නවාංග රැසක් ජනාධිපති මෛත්‍රීපාල
සිරිසේන මැතිතුමන් විසින් අපේ‍්‍රල් 04 වන දින විවෘත කිරීමට නියමිතව තිබිණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
සිල්වතාගේ ධනය
සීලයයි
දාන, සීල, භාවනා වශයෙන් පුණ්‍ය ක්‍රියා තුනක් ඇත. මේවා එකකට එකක් නොදෙවෙනි පුණ්‍ය
ක්‍රියාවන් වෙයි. දානය සහ සීලය ද භාවනාමය පින්කමක් බවට පත්කර ගැනීමට හැකිය. දන්
දෙනු කැමැති පින්වතුන්ට දානය ‘ත්‍යාගානුස්සති’ භාවනාව වශයෙන්ද, සිල් රකින
පින්වතුන්ට සිල් රැකීම “සීලානුස්සති’ භාවනාව වශයෙන්ද වැඩීමට පිළිවන. ‘අහො වත මෙ
සීලානි අඛණ්ඩානි, අචිද්දානි, අසබලානි, අකම්මසානි, භූජිස්සානි, විඤ්ඤුපස්සතානි,
අපරමට්ඨානි, සමාධි සංවත්තනිකානිති එවං අඛණ්ඩකාදී ගුණවසේන අත්ථනෝ
සීලානි.......(විසුද්ධිමාර්ගය) ආදි වශයෙන් සඳහන් පරිදි “ඒකාන්තයෙන් මාගේ සීලය
නොබිඳෙයි. සිදුරු නොවෙයි. කිළිටි නොවෙයි. තෘෂ්ණාව දුරු කරනු ලබයි. සමාධිය වඩනු
ලබයි,
ඉතිරිය»
මල්වතු, අස්ගිරි මහා නා හිමි
පදවි පිරිනැමීම හා බැඳි
චාරිත්‍ර විධි
අනුබුදු මිහිඳු මහරහතන්වහන්සේ ලක්දිව වැඩමකර රාජ්‍ය අනුග්‍රහය ඇතිව ලාංකීය ජනතාවට
ධර්මය දේශනා කරන අතරතුර ලංකාවේ බුද්ධධර්මය ස්ථාපිත කිරීමේ අරමුණින් අනුරපුර මහා
විහාරය ගොඩනංවා මහා අරිට්ඨ තිස්ස කුමරු ඇතුළු රාජකීය පිරිසක් පැවිදි කිරීමෙන්
ලක්දෙරණේ සම්බුදු සසුන ස්ථාපිත කළහ. මහනුවර රාජධානී සමය වනවිට උපසම්පදාව ලත්
භික්ෂූන් වහන්සේ පවා නොමැතිව ශාසනය පරිහානියට පත්ව තිබූ අවස්ථාවේ වැලිවිට අසරණ සරණ
පිණ්ඩපාතික සරණංකර හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් එවකට මිලානව පැවති සම්බුදු සසුනට
ජීවයක් ලැබිණි. උන්වහන්සේගේ උපදේශකත්වයෙන් කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අනුග්‍රහය
ඇතිව 1753 දී සියම් දේශයෙන් ප්‍රවර උපාලි මහතෙරුන්වහන්සේ ප්‍රමුඛ දූත පිරිසක් මඟින්
ලක්දිවට උපසම්පදාව ගෙන එන ලදී. සියම් දේශයෙන් උපසම්පදාව ගෙන ඒම නිසා සියම් මහා
නිකාය නමින් මල්වතු, අස්ගිරි මහාවිහාර සඳහා ව්‍යවහාර කිරීම සිදුවිය.
ඉතිරිය» |