UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය – බෞද්ධ ශ්‍රාවක සෑම කෙනෙකුම (සිව්වණක් පිරිස) නිතර මෙනෙහි කළ යුතු ධර්ම කරුණු පහක් බුද්ධ දේශනාවන්හිදී සඳහන් කොට ඇත. වර්තමානයෙහි වුවද මෙබඳු සිහිගැන්වීම් කායික හා මානසික සුවය සඳහා බෙහෙවින් ඉවහල් වනු ඇත. මෙම නිතර සිහිගන්ව ගත යුතු ධර්ම මොනවාද

පිළිතුර

බුද්ධ දේශනාවට අනුව නිතර සිහියේ තබා ගත යුතු සුවිශේෂ වූ කරුණු පහක් සඳහන් වෙයි. එනම් (අහං ජාති ධම්මෝම්හි) මම උපත උරුමව සිටිමි. (ව්‍යාධි ධම්මොම්හි) රෝගී බව උරුම කොට ඇත. (පියෙහි විප්පයොගො) පි‍්‍රයයන්ගෙන් වෙන්වීම උරුම කොට ඇත්තෙමි. (කම්ම පටිසරණො කල්‍යාණං වා පාපකංවා) යහපත් හෝ අයහපත් කර්මය උරුම කොට ඇත්තෙමි. මෙම දහම් නිතර මෙනෙහි කිරීම ත්‍රිවිධ තෘෂ්ණාව ප්‍රහාණය සඳහා බෙහෙවින් පිටිවහලක් වනු ඇත.

ප්‍රශ්නය

ධර්ම ශ්‍රවණයෙන් දහම් මග හඳුනාගත් බෞද්ධ ශ්‍රාවකයා පිළිවෙතින් අරමුණු වූ නිවන් මඟ හෙළි පෙහෙළි කරගනී. ඒ අනුව බෞද්ධ පිළිවෙතෙහි ආරම්භය ධර්ම ශ්‍රවණයයි. සූත්‍රා ගත තොරතුරු අනුව ධර්ම ශ්‍රවණයෙහි අරමුණ පැහැදිලි කරන්න.

පිළිතුර

ධර්ම ශ්‍රවණයෙන් පස් ආකාරවූ ආනිසංසයන් ශ්‍රාවකයාට ලැබෙන්නේය.

1. (අසස්සුතං සුණාති)
නො ඇසූ දෙය ඇසීම

2. (සුතං පරියොදපෙති)
ඇසූ දෙය පිරිසුදු කරගැනීම

3.(කංඛා විචරති) සැක දුරු කර ගැනීම

4. (දිට්ඨිං උජුං කරොති) විශ්වාසය තහවුරු වීම

(චිත්තං පසීදතී) සිත ප්‍රසන්න බව ඇතිවීම යන ආනිසංස පහ ශ්‍රවණයෙන් ශ්‍රාවකයා ලබන්නේය.

ප්‍රශ්නය

කසල ගොඩින් රජගෙදරට යන්න බුද්ධකාලීන විශේෂිත පුද්ගලයෙකුගේ ජීවන පුවතක් ඇසුරෙන් සකස් වූවෙකි. මේ තැනැත්තා කවුද

පිළිතුර

බුද්ධ කාලීන දක්ෂ වෛද්‍යවරයෙකු වූ ජීවක අභයරාජ කුමාරයාට දාව සාලවතීන නම් ගණිකාව කුස උපත ලැබූ තැනැත්තෙකි. ඉවතලන කසළ ගොඩක දමා තිබියදී මගියෙකු විසින් රජ මාලිගාවට ගෙනගොස් බාරදීමෙන් අනතුරුව රජකුමරෙකු මෙන්, රාජකීය සම්පත් ලැබීමේ වාසනාව නිසා “ජීවක කොමාර බච්ච” යන නමින් ප්‍රසිද්ධ විය.

ප්‍රශ්නය

ක්‍රි.ව. 1848 අගෝස්තු මස 24 වන දින ඉංගී‍්‍රසි ජාතික ‘වුලර්’ මහතා ප්‍රධාන පිරිස විසින් අත්අඩංගුවට ගත් හිමිපාණන් වහන්සේ කවුද

පිළිතුර

කුඩාපොල හිමිපාණන් වහන්සේ

ප්‍රශ්නය :– බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක මෙසේ වදාළහ. මහරජ මෙැතන් පටන් මාගේ ශාසනයෙහි මා ඇතිකල්හි වේවයි නැතිකල්හි වේවයි දරු කෙනෙකුන් මා පියනට නොකියා මහණ කළ නොහැක්කේය. යැයි ශික්ෂාපද පැනැවූහ. මෙම අවස්ථාව කුමක්ද

පිළිතුරු

ශුද්ධෝදන රජතුමා තම මුණුබුරාණන් වූ රාහුල කුමරු මහණ කළ බව අසා මහත් සේ කම්පාවට පත්වූහ. ඉක්බිති බුදුන් හමුව දෙමාපිය නොඅනුදත් දරුවන් මහණ නොකරන බවට නියමයක් දෙන ලෙස අයැද සිටියහ. එවිට බුදුන්වහන්සේ ඉහත සඳහන් නියමය පැනවූසේක.

 

 මැදින් අමාවක පෝය

අපේ‍්‍රල් 06 වනදා බදාදා අපර භාග 08.36 ට ලබයි. 07 වනදා බ්‍රහස්පතින්දා අපරභාග 04.53 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අපේ‍්‍රල් 07 වනදා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය අපේ‍්‍රල් 14 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 07

First Quarterපුර අටවක

අප්‍රේල් 14

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 21

Second Quarterඅව අටවක

අප්‍රේල් 30

 


2016 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2016 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]