භාවනාව වඩන කාන්තාවන්ට සංඝමිත්තාරාමයේ දින 14 ක
නේවාසිකව පුහුණුවක්
සම්බුදු පියාණන්වහන්සේගේ ධර්මය වටහා ගත් කාන්තාවන් බුදු රදුන්
සමයේත් ඉන්පසු සඟමිත් තෙරණින් වහන්සේගේ ලංකාගමනින් පසුව අපේ රටේත් බිහි
විය. ජීවිතයේ අනිත්‍ය බව වටහාගෙන නිවීමක් අපේක්ෂා කරමින් සඟමිත් තෙරණිය
ගිය මග යන්නට පෙරුම් පුරණ අපේ රටේ කාන්තාවන්ට තලවතුගොඩ වැලි පාරේ අංක
422 යන තැන ස්ථාපිත සංඝමිත්තාරාමය විවෘතව ඇත.
ඉතිරිය»
පුද්ගල යහපත සලසන මාවත
මනුෂ්‍යත්වයක් ලැබීම ඉතා අනගි අවස්ථාවකි. එහි අගය තේරුම් ගැනීම වූ කලී
මනුෂ්‍ය ධර්ම ක්‍රියාත්මක කිරීම ලෙස හැඳින්විය හැකිය. මනුෂ්‍යභාවයක හිඳ
තිරිසන් ගති ලක්ෂණ ක්‍රියාත්මක කිරීමට පෙළඹීම ලැබුවා වූ මනුෂ්‍යත්වය
පිරිහීමට හේතු වන කරුණකි. මිනිසා විසින් තම ජීවිතය ආලෝකමත් කරගැනීමට
නම් උසස් ගුණ ධර්ම පුරුදු පුහුණු කළ යුතුවේ. නොයෙක් අපරාධ, වංචා හා
දූෂණ පිටුපස පවතින්නේ පිරිහී ගිය මනුෂ්‍යත්වයයි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
ලෝකය දකිනුයේ කවරෙක්ද ?
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අන්ධභූතෝ අයං ලෝකෝ
තනූකෙත්ථ විපස්සතී,
සකුන්තෝ ජාල මුත්තෝව
අප්පෝ සග්ගාය ගච්චත්ති,
අදාළ ගාථාව ධම්මපදය බෞද්ධ අත්පොතේ ලෝකවග්ගයට අයත්ය. මෙහි සරල අදහස
වන්නේ පුහුදුන් ලෝවැස්සා නුවණැස නැති නිසා අන්ධය. ටික දෙනෙක් ඇතිතතු
දනිති. දැලෙන් මිදුනු කුරුල්ලාමෙන් ටික දෙනෙක් සුගතියට පැමිණෙති.
යනුයි.
ඉතිරිය»
අතීත ධර්ම දේශනා ක්‍රම
දේශනාවක ප්‍රධාන පරමාර්ථය විය යුත්තේ යහපත් ගුණධර්ම දියුණු කර ගැනීම
මඟින් ආධ්‍යාත්මික සංවර්ධනය කරා ළඟාවීමයි. ධර්මය නුවණැත්තන් සඳහාම
දේශනා කර ඇතත්, දියුණු නොවූ මනසකින් යුතු පුද්ගලයන්ට ද එයින් ලෞකික
සතුටක් වුව ද ලබා ගැම උගහට නොවේ. එහෙයින් අතීත මෙරට ජනතාව ධර්ම දේශනා,
පින්කම් සංවිධානය කිරීම අලංකාරවත්ව, උත්සවාකාරයෙන් සංවිධානය කිරීමට වග
බලා ගත්හ. අතීත ලංකාවේ ධර්ම දේශනා ක්‍රම පිළිබඳ සිත් සතන් යොමා බැලූ
විට ඒ බැව් මැනවින් පසක් වෙයි.
ඉතිරිය»
|