සිරිපා වන්දනා සමය
උඳුවප් පොහොයෙන් ඇරඹේ
සමස්ත ලෝකවාසීන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත්ව තිබෙන ගෞතම
බුදුපියාණන්ගේ ශ්‍රී පාද පද්මය වැඳ පුදා ගැනීමේ නව සිරිපා සමය ලබන
උඳුවප්පුර පසළොස්වක පොහෝ දින සිට ආරම්භ වේ. ඒ නිමිත්තෙන් සුමණ සමන් දේව
ප්‍රතිමාව, දේවාභරණ සහ සධාතුක කරඬුව ශ්‍රීපාදස්ථානය වෙත වැඩමවීම ලබන 05
දින උදේ අවිස්සාවේල්ල හැටන් නල්ලතන්නිය හා පලාබද්දල මාර්ග දෙකෙන්ම සිදු
කෙරේ.
ඉතිරිය»
සඳහිරු සෑයේ ශ්‍රී සර්වඥ ධාතුන්
වහන්සේලා ජනාධිපතිතුමාගේ සුරතින් නිදන් කළ වගයි
දශක තුනක කාලයක් අප මාතෘභූමිය වෙලා සිටි ත්‍රස්තවාදය නිමාකර ලක් දෙරණේ
සාමය ස්ථාපිත කිරීම ඉතිහාසයේ සනිටුහන් කරනු වස් ඓතිහාසික අනුරාධපුර
පුණ්‍ය භූමියේ ඉදිවන සඳහිරු සෑ රදුන්ගේ ගර්භයේ ශ්‍රී සර්වඥ ධාතුන්
වහන්සේලා තැන්පත් කිරීමේ පුණ්‍යොත්සවය ජනාධිපති මහින්ද රාජපක්ෂ
මැතිතුමාගේ සහභාගිත්වයෙන් (ඉකුත් 23 දා) පැවැත්විණි.
ඉතිරිය»
ධර්ම දේශනාව:
තෙරුවන් ගුණ හඳුනා ගනිමු
සැවැත් නුවර දෙව්රම් විහාරයේ දී ඉහත දැක්වෙන ගාථා බුදුරජාණන් වහන්සේ
දේශනා කළේ කොසොල් මහ රජතුමාට , මෙම ගාථාවල අදහස දිරිමත් නුවණැති
පුද්ගලයා තමන්ගේ යහපත දැන තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන සිත, කය
වචනයෙන් ධර්මයෙහි හැසිර මෙලොව ප්‍රශංසාව ලබා මෙලොවත්, සුගතියේත් සතුටු
වෙන බවයි.
ඉතිරිය»
බෞද්ධ පුදබිම් අංක - 2
යාපනයේ
කදුරුගොඩ
විහාරය
මෙකල යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පැරණිතම බෞද්ධ පූජා භූමියක් ලෙසින්
කදුරුගොඩ විහාරය හැඳින්විය හැකිය. මෙහි පුරාණ සිංහල නාමය කදුරුගොඩ වුවද
එහි දෙමළ භාෂාවෙන් ව්‍යවහාරවන්නේ කන්නරෝඩෙයි යන නාමයෙනි.මෙම
පුරාවිද්‍යා ස්ථානයේ මෑත භාගයේ දීද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින්
කැණීම් කටයුතු සිදු කරන ලදී. මෙය පිහිටියේ චුන්නාකම් (හුණුගම) මාන්පායි
මාර්ගයේ චුන්නාකම් හි සිට කිලෝමීටර් 3 ක් පමණ දුරිනි.
ඉතිරිය» |