UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බිබිල යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන

බිබිල යල්කුඹුර ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන


ලුණුගල සුනන්ද හිමි

මොණරාගල බිබිල යල්කුඹුර ග්‍රාමයේ ටැම්ගොඩ රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් බිහි වූ පිරිවෙන ශ්‍රී/ විද්‍යානන්ද පිරිවෙනයි. බිබිල නගරයේ සිට බදුල්ල දෙසට දිවෙන ඒ5 ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් 7 ක් පමණ ගිය තැන මේ අධ්‍යාපන මධ්‍යස්ථානය නෙත ගැටේ. මෙහි ආරම්භක කාල වකවානුව දශක තුනක් තරම් අතීතයට දිව යයි. ඒ අනුව 1983 දී ඇරඹි පිරිවෙනකි. මේ එම කාලයේදී ටැම්ගොඩ රජ මහා විහාරාධිපතිත්වය දැරූ ලුණුගල සුනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේගේ කෘත්‍යාධිකාරිත්වයෙන් මාර්තු 17 වැනි දින ඇරඹූයේ ප්‍රදේශයේ සාමණේර භික්ෂූන් වහන්සේලාගේ අනාගත සිතුම් පැතුම් සඵල කරන සිහිනය ද මල්ඵල ගන්වමිනි. මෙහි වැදගත්ම කරුණ නම් පිරිවෙණ ආරම්භක දිනයේදී මැදගම බුද්ධ ජයන්ති විහාරාධිපති පිටදෙණියේ ශ්‍රී රතනපාල ස්වාමින්ද්‍රයන් වහන්සේ පිරිවෙන් ලොග් සටහන් පොතේ පළමුවැනි සටහන තැබීමයි. 1983 මාර්තු ඇරඹි පිරිවෙන රජයේ අනුමත අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස සහතික කරනු ලැබුවේ මැයි 23 වැනි දිනයේදී ය. පාල්වත්තේ විමලධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ මෙහි සමාරම්භක පරිවෙණාධිපතින් වහන්සේ විය. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහතුන් නමක්. සහ ගිහි සිසුන් සිව් දෙනෙකු සමඟින් ඇරඹි පිරිවෙනෙහි ගුරුභවතුන් 05 ක් වූහ. පැවිදි ආචාර්යවරු තිදෙනෙක් ද ගිහි ආචාර්යවරු දෙදෙනෙක්ද ඊට අයත් වූහ. පිරිවෙනෙහි ඉතිහාසය වසර 30 ක් තරම් වුවද විහාරස්ථානයේ ඉතිහාසය සියවස් ගණනාවක් ඈතට විහිදෙයි.

බණ්ඩිගොඩේ නිග්‍රෝධ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ටැම්ගොඩ විහාරස්ථානය ඇතුළු පළාතේ විහාරස්ථාන රාශියක් නැවත ප්‍රතිසංස්කරණය කොට ඇත. මෙය වර්තමානය වන විට සියලු විහාරාංගයන්ගෙන් සමන්විත ඌව වෙල්ලස්සෙහි ඇති පැරණිතම විහාරස්ථානයයි. එහි වර්තමාන අධිපතීත්වය හොබවනුයේ ඊතණවත්තේ අත්ථදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේය.

කෘත්‍යාධිකාරිත්වය හෙබවූ ස්වාමින්ද්‍රයන් වහන්සේලා

01.ලුණුගල සුනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ

02.ඊතණවත්තේ අත්ථදස්සි ස්වාමින්ද්‍රයන් වහන්සේ

පරිවෙණාධිපති තනතුර හෙබවූ ස්වාමින්ද්‍රයන් වහන්සේලා 01. පොල්වත්තේ විමලධම්ම හිමි02.කොහුකුඹුරේ සීලානන්ද හිමි 03. පල්ලේකිරුවේ පියනන්ද හිමි 04.සේරංකඩ සීලවංස හිමි 05.මූදියල විමලඤාණ හිමි 06.කුඩාවිල හේමාලෝක හිමි 07. සේනාපතියේ විමලරතන හිමි 08. හෑපොලගම සිරිසුමන හිමි 09. මාවුස්සාගොල්ලේ පඤ්ඤාරතන හිමි 10. සේනාපතියේ විමලරතන හිමි 11.මාවුස්සාගොල්ලේ පඤ්ඤාරතන 12. රූපහ පියනන්ද හිමි 13.හෑපොලගම සිරිසුමන හිමි

ආචාර්ය මණ්ඩලය

ශිෂ්‍ය පිරිස

ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා දහතුන් නමකගෙන් ඇරඹි මෙම අධ්‍යාපන ආයතනය විෂයානුබද්ධ මෙන් ම පැවිදි ජීවිතයට සරිලන වත්පිළිවෙත් හා බණදහම් මැනවින් ප්‍රගුණ කිරීම නිසා ප්‍රදේශයේ බෞද්ධ ජනතාවගේ පැසසුමට ලක්විය. මේ නිසා දිනෙන් දින මෙහි ශිෂ්‍ය පිරිස වැඩි වූ අතර වර්තමානයේ ගිහිපැවිදි ශිෂ්‍ය පිරිස 80 කට ආසන්නය. ගුරුභවතුන් සංඛ්‍යාව 08 කි. මුල්කාලීනව අධ්‍යාපනය ලබාදීම සඳහා සුදුසුබිමක් නොවූයෙන් ධර්මශාලාව ඒ සඳහා භාවිත කළහ. ගොඩනැගිල්ලක අවශ්‍යතාවක් ඇති බව වටහාගත් එවකට කෘෂිකර්ම සංවර්ධන හා පර්යේෂණ කටයුතු අමාත්‍ය වශයෙන් සිටි දිවංගත ධර්මදාස බණ්ඩා මහතා තම විමධ්‍යගත අරමුදලින් 1993 වර්ෂයේ නව ගොඩනැගිල්ලක් ඉදිකර දී ඇත. වර්තමානයේ ද භාවිත කරන්නේ එම ගොඩනැගිල්ල ය. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නේවාසික පහසුකම් සැපිරීම සඳහා 2009 වර්ෂයේදී නව නේවාසිකාගාරයක් ද ඉදිකරන ලදී.

01.හෑපොලගම සිරිසුමන හිමි (පරිවෙණාධිපති හිමි)

02.මාවුස්සාගොල්ලේ පඤ්ඤාරතන හිමි (නියෝජ්‍ය පරිවෙනාධිපති හිමි) 03.පදියතලාවේ ඤාණවිමල හිමි 04.ටී.බී. කරුණාරත්න බණ්ඩා 05.ඩී.එම්. අබේසේකර බණ්ඩාර, 06.ආර්.එම්. ජයසිංහ බණ්ඩා07.ආර්.එම්. නිහාල් රාජපක්ෂ 8.ටී.එම්. ජයසුන්දර මහත්වරු

ගුරුභවතුන්ගේ අවවාද අනුශාසනා මධ්‍යයේ ඉගෙනුම් ක්‍රියාවලියේ නියුක්ත ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා විෂයය කටයුතුවලට අමතරව විවිධ බාහිර අංශයන්ගෙන් ද නෛපූණ්‍යය . විද්‍යානන්ද පිරිවෙන් ඉතිහාසය දෙස බැලීමේදී මෙකී කරුණ ප්‍රකට කෙරේ. පිරිවෙන් අවසාන විභාගයෙන් සාමර්ථය ලබාගැනීමේ ප්‍රතිශතය අඛණ්ඩව 75% ඉක්මවා තිබේ. ඊට අමතරව සෑම වර්ෂයකම පවත්වන්නට යෙදෙන අන්තර් පාරිවේණික දිස්ත්‍රික් තරගාවලියේ දී ප්‍රථම ස්ථාන සහිතව සෑම වර්ෂයකම පාහේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රමුඛස්ථානයට පත්ව ඇත. විශේෂයෙන්ම 2004 වර්ෂයේ දිස්ත්‍රික් පාරිවේණික තරගවලින් ප්‍රථමස්ථාන ලබා ශිෂ්‍යයන් 09 දෙනෙකු සමස්ත ලංකා තරගයට සහභාගි වී ඇත. එහි සාර්ථකම කඩඉම පසුකළ ශිෂ්‍ය රත්නයක් වන්නේ, ඌරාවුල නන්දසාර ශිෂ්‍ය හිමියන්ය. උන්වහන්සේ 2007 වර්ෂයේ පැවති සමස්ත ලංකා පාරිවේණික භාෂා හා සාහිත්‍ය තරගාවලියේදී සිංහල රචනා පූර්ව ප්‍රාථමික අංශයෙන් මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමිකර ගත්හ. 2014 වර්ෂයේ දී සමස්ත ලංකා අන්තර් පාරිවේණික භාෂා හා සාහිත්‍යය තරගාවලිය නියෝජනය කිරීමේ භාග්‍ය උදා කරගත් ශිෂ්‍ය සංඛ්‍යාව 10 කි. 2012 වර්ෂයේ සිට වාර්ෂිකව ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයක් පවත්වාගෙන එනු ලැබේ.

සති අන්ත නිවාඩු දිනයන්හි ධර්මදේශනා පුහුණු පාඨමාලාවක් හා පරිත්‍රාණ ධර්මදේශනා පුහුණු පාඨමාලාවක් පැවැත්වේ. සෑම පුර පසළොස්වක පොහෝ දිනකම බිබිල දිසා රෝහලේදී නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට, රෝහල් කාර්ය මණ්ඩලයට හා ප්‍රදේශවාසීන්ට සෙත් පතා සෙත්පිරිත් සජ්ඣායනාවක්ද සිදු කෙරේ. දේශය පිළිබඳ අවබෝධය ප්‍රායෝගිකව ලබා දෙනු වස් වාර්ෂිකව අධ්‍යාපන චාරිකාවක් ද පිරිවෙන මගින් සංවිධානය කෙරේ. පිරිවෙනට අවශ්‍ය භෞතික සම්පත් ද කෙමෙන් පරිපූර්ණත්වයට පත්වෙමින් තිබේ

මො/ශ්‍රී විද්‍යානන්ද පිරිවෙනට වසර 30 ක් පිරීම නිමිත්තෙනි.

 

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 04.39 ට ලබයි. 30 වැනි දා ඉරිදා පූර්වභාග 02.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 29 වැනි දා සෙනසුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 06 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 29

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 06

Second Quarterඅව අටවක

දෙසැම්බර් 14

Full Moonඅමාවක

දෙසැම්බර් 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]