මහමෙවුනා අසපුව සංවිධානය කරන
ලේ දන්දීමේ වැඩසටහන්
කඩුවෙල, හේවාගම මහමෙවුනාව බෝධිඥාන අසපුව ශ්‍රද්ධා රූපවාහිනිය සමඟ එක්ව
අප්‍රේල් මාසය පුරා ලේ දන්දීමේ කඳවුරු සංවිධානය කර තිබෙන බව සංවිධායක
කමිටුව දන්වා සිටී.
ඉතිරිය»
පසේ බුදුවරයෙකුට මඟ පෙන් වූ සුනඛයා මරණින් මතු දෙව්ලොව උපදී
දඹදිව අජිත නම් රාජ්‍යයක එක්තරා කාලයක මහත් දුර්භික්‍ෂයක් ඇතිවිය. මේ
රාජ්‍යයේ පදිංචිකරුවෝ තමතමන්ට රිසිසේ දුර්භික්‍ෂය, මඟ හැරීම පිණිස
පිටවී ගියහ. මේ අතර මෙහි පදිංචිව සිටි ‘කොතුහලික’ නම් පුරුෂයෙකු තමාගේ
බිරිඳත් දරුවාත් සමඟ කොසබෑ නුවර බලා පිටත්වූහ. අතිශය දුෂ්කර ගමනක් වූ
මේ ගමනේ දී මොවුන් ළඟ තිබූ සියලු මුදල් විය පැහැදම් විය. දින කීපයක්
ගතවෙද්දී ඉවසා විඳදරා ගැනීමට අමාරු තරමේ කුසගින්නෙන් ඔවුහු පෙළි
සිටියහ.
ඉතිරිය»
ධර්ම දේශනාව:
යහගුණ අස්වනු නෙළන
පලබර සමය
පළුදු වී යන සමාජ සබඳතා යළි ගොඩනඟාගෙන සුහදත්වයෙන් යුතුව කටයුතු කිරීමට
සිංහල අලුත් අවුරුදු උත්සව කාලය ඉතා වැදගත් වේ. සමාජ විද්‍යාත්මකව
විමසා බැලු කල, ඉතා වටිනා චාරිත්‍ර ලෙස
අවුරුද්ද වෙනුවෙන් සිදු කෙරෙන නැකතට වැඩ ඇල්ලීම, ආහාර පිසීම හා
සාමූහිකව ආහාර අනුභව කිරීම වැනි දේ පෙන්වා දිය හැකිය. මුළු රටම එසේ
එකමුතුව ක්‍රියාත්මක වුවහොත් එය මහත් ආශිර්වාදයක් වනු ඇත. එබැවින්
ආගමික ශ්‍රද්ධාව මුසු වටපිටාව තුළ මහත් සොම්නසෙන් යුක්තව අවුරුදු කාලය
ගත කිරීමට පසුබිම සකසා ගැනීම වටී.
ඉතිරිය»
මව් සෙනෙහසට තිළිණ කළ පිරිකර පූජාවක් සේ වූ
පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් විහාරස්ථානය
ලාංකේය රාජ වංශ කතාව පිරික්ෂීමේදී රජ කිරුළ බැබළ වූ රජවරුන් හමුවන්නේ
අතලොස්සකි. ඒ අතර ලංකාව එක්සේසත් කළ රජවරුන් රන් ඔටුන්නක සිළුමිණ බඳු
ය. අවසන් වරට මව්බිම එක්සේසත් කළ නරේන්ද්‍රයාණන් අපට හමුවන්නේ කෝට්ටේ
යුගයේදී ය. එතුමා නමින් vi වන පරාක්‍රමබාහු
ය.
ඉතිරිය»
|