දකුණු ලක එකලු කළ ජාතික වෙසක්
උත්සවය වෙහෙරහේනේදී
ගෞතම බුදුරදුන්ගේ 2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන
රාජ මහා විහාරය කේන්ද්‍රකොට මාතර දිසාව පුරා වෙසක් කලාපයක් ලෙස නම් කර
ශාසනාරක්‍ෂක බල මණ්ඩල 17 තුළ උත්කර්ෂවත් අන්දමින් ජාතික වෙසක් උත්සවය
පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර දිසා ලේකම් කාර්යාලය
කටයුතු යොදා ඇත.
ඉතිරිය» ඒ අසිරිමත් මොහොත
දැන් අහස් කුස ද
වලාවන් පහ වී ගොස්ය. වෙසක් සඳ මුදුන් වෙමින් තිබේ. රිදී වන් සඳ රැස්
පැතිරී ගෞතමයන් පමණක් නොව මුළු ලොවම නැහැවී යයි. සන්ධ්‍යාවේ අනපේක්ෂිත
කම්පනයෙන් සැලී භීතියට පත්ව ගිය වන සත්තු සුවසේ කල් ගෙවන්නට වන්හ.
කුරුල්ලෝ කැදලි තුළ
සැතපුනාහ. රුක් මුදුනින් ගිලිහෙන පලුපත් පවා ඉතා හෙමින් බිමට
පාත්වෙයි. මැදියම් රැය
එළැඹියේය.නූල් පොටක් සේ ඇමිණී ගිය අතීත දිවි ගමන දැකීමෙන් ශ්‍රමණ
ගෞතමයන් සිටියේ මහත් විරාගී සිතිනි.
ඉතිරිය»
ධර්ම දේශනාව: ලොව උතුම් ම දේ
මුළු පොළොවට
අධිපති වීමෙන් ලබන
සක්විති රජකමට වඩා, දෙව්ලොව යාමට වඩා, සියලු ම ලෝකයන්ට අධිපති වීමටත්
වඩා සෝවාන් ඵලය ලැබීම උතුම් ය සෝවාන් වූ තැනැත්තා ඉදිරියට
උත්පත්තිය ලබන්නෙ ආත්ම භාව හතක් පමණයි.
ලොව කිසිම කෙනකුට ඔහුව වෙනස් කරන්නට බැහැ. නැවත පෘථග්ජනයෙක් කරන්නට
බැහැ.
ඉතිරිය»
|