|
|
මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය හා කරණීය
මෙත්ත සූත්‍රය යන පිරිත් දේශනාවන්ට සංගීතය මුසුකොට සංයුක්ත
තැටියක් නිර්මාණය කිරීමට අතුරලියේ රතන හිමියන් ගේ අනුශාසනා
පරිදි කටයුතු කරමින් සිටින සංගීතවේදී දිනේෂ් සුබසිංහ පසුගියදා
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමු වූ අවස්ථාව මේ ඡායාරූපවල
දැක්වේ. භාරතීය සංගීතඥ ඒ. රහුමාන්ගේ සංගීත පීඨයට ඇතුළත් වීමට
වරම් ලබා සිටින දිනේෂ් සුබසිංහ හට ශිෂ්‍යත්වයක් ලබා දීමටද
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී කටයුතු කර තිබේ. |
|
|
දකුණු ලක එකලු කළ ජාතික වෙසක්
උත්සවය වෙහෙරහේනේදී
ගෞතම බුදුරදුන්ගේ 2553 වන සම්බුද්ධ ජයන්තිය නිමිත්තෙන් මාතර වෙහෙරහේන
රාජ මහා විහාරය කේන්ද්‍රකොට මාතර දිසාව පුරා වෙසක් කලාපයක් ලෙස නම් කර
ශාසනාරක්‍ෂක බල මණ්ඩල 17 තුළ උත්කර්ෂවත් අන්දමින් ජාතික වෙසක් උත්සවය
පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා මාතර දිසා ලේකම් කාර්යාලය
කටයුතු යොදා ඇත.
ඉතිරිය» |
|
වෙසක් පුර පසළොස්වක පෝය
වෙසක් පුර පසළොස්වක පෝය මැයි 8 වන දා සිකුරාදා පූර්ව භාග 8.58
ට ලබයි. 9 වනදා සෙනසුරාදා පූර්වභාග 9.34 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 8 වනදා සිකුරාදා ය.
මීළඟ පෝය මැයි මස 17 වනදා ඉරිදා.
|
|
|
|
|
|
|