[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

යාපනය සරසවි විහාරයේ
බෝධීන් වහන්සේ

බක් අමාවක

අප්‍රේල් 16 බ්‍රහපතින්දා අ.භා. 08.08න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20න් ගෙවේ.
17 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල් 17

First Quarterපුර අටවක

අප්‍රේල් 24  

Full Moonපසළොස්වක

‍මැයි 01 

Second Quarterඅව අටවක

‍‍‍මැයි 09   

උතුම් ධර්මය ජීවිතයට පුරුදු කරමු

යමෙක් ඒ ධර්ම විනයට ගරු කරයි ද, ඔහු ශාස්තෘන් වහන්සේ ට ගරු කරන්නෙකි. යමෙක් ඒ ධර්ම විනය පුද දෙයි ද, හේ ශාස්තෘන් වහන්සේ පුද දෙන්නෙකි, කුසිනාරාවේ උපවර්තන සාල වනෝද්‍යානයෙහි, අකලට පිපී ගිය මල් ඇති, යමක සාල වෘක්ෂයන් අතර පැනවූ යහනේ වැඩහිඳිමින්, පිරිනිවන් වඩින්නට සැරසෙන අප මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණෝ, අග්‍ර උපස්ථායක අනඳ තෙරුන් අමතා මෙසේ වදාළ සේක. “පින්වත් ආනන්දය, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. දැන් මේ ශ්‍රී සද්ධර්මය අතීතයට ගිය ශාස්තෘවරයකුගේ ය. අප හට දැන් ශාස්තෘන් වහන්සේ නැතැ’යි. පින්වත් ආනන්දය, එය ඒ අයුරින් නොදැක්ක යුතු ය. ආනන්දය, මා විසින් යම් ධර්මයක් දේශනා කරන ලද්දේ ද, යම් විනයක් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් ඒ ධර්මයත්, විනයත් ඔබට ශාස්තෘ වන්නේ ය.” මේ අප සම්බුදුරජාණෝ දේශනා කළ දෙය යි. ශ්‍රී මුඛ බුද්ධ වචනය යි. ශාස්තෘන් වහන්සේගේ අවවාදය යි. උතුම් බුද්ධ ආඥාව යි. ඒ එසේ නම්, අප හට මේ ගැන අන් පැහැදිලි කිරීමක් කුමකට ද? අප හට ශාස්තෘවරයෙක් ඇත්තේ ම ය. අප අසරණ වූ මහා අවාසනාවන්තයෝ නො වේ. අපගේ ඒ ශාස්තෘවරයාණෝ උතුම් ධර්ම විනය යි. යමෙක් ඒ ධර්ම විනයට ගරු කරයි ද, ඔහු ශාස්තෘන් වහන්සේ ට ගරු කරන්නෙකි. යමෙක් ඒ ධර්ම විනය පුද දෙයි ද, හේ ශාස්තෘන් වහන්සේ පුද දෙන්නෙකි. මේ ධර්ම - විනය වනාහී අපගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ සිටි සමයේත්, ඒ තිලෝගුරු මුනිරජුන් ගුරු තන්හි පුද සත්කාර කළ දෙයයි. ඒ එසේ නම්, ශ්‍රාවකයෝ ධර්ම විනයට කෙසේ ගරු කළ යුත්තෝ ද? කෙසේ පුද සත්කාර කළ යුත්තෝ ද? මාණික්‍යයක අගය වහා හඳුනා ගන්නා දක්ෂ ව්‍යාපාරිකයන් සේ, පින් ඇති ඤාණවන්තයෝ මේ ධර්ම - විනයේ අගය හඳුනාගත්තෝ ය. ඒ අනර්ඝ වූ ශ්‍රී සද්ධර්මය වෙනුවෙන් ඔවුන් හට අත්හැරීමට, කැප කිරීමට නො හැකි දෙයක් නොමැත්තේ ය. ඒ ගැන ධර්මයේ මෙසේ සඳහන් වේ.

සෑම චේතනාවක ම සැඟවුණු කර්මයක්...

කම්ම පටිසරණ (මම කර්මය පිළිසරණ කරගෙන ඉන්න කෙනෙක්) කම්ම බන්ධු (මගේ එකම ඥාතියා, මගේ එකම නෑයා, මම රැස් කරගත්ත කර්මය) කම්මං කරිස්සාමි කල්‍යාණංවා පාපකං වා තස්ස දායාදෝ. මම යම් යහපත් දෙයක් කළොත් ඒකෙ යහපත් විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් එහි අයහපත් විපාකත් සසර ගෙනි යන්නේ මමයි. කියන කාරණය නිතර සිහි කරන්න යැයි භාග්‍යවතුන් වහන්සේ වදාළහ. ඇතැම් විට ඔබට සිතෙනවා ඇති කර්ම ගැන අපි දන්නවා. අපි කොච්චර පොත් කියවලා තියෙනව ද? කර්මය ගැන කියලා. මේ කර්මය ගැන අවබෝධයක්, හරි වැටහීමක් නැතිකම නිසාම නියත මිථ්‍යා දෘෂ්ටියට ඔබ අසුවෙන්න පුළුවන්. මිථ්‍යා දෘෂ්ටිය කියන්නේ දරුණු ම අකුසලයක්. ආනන්තරිය අකුසල්වලටත් වඩා භයානකම අකුසලයක්. අපි නො දැනුවත්ව ඕන තරම් කර්ම රැස් වෙන්න පුළුවන්. පින්වතුනි, බොහෝ වෙලාවට මිනිස්සු හිතන්නේ කර්මය කියන්නේ ක්‍රියාව කියලා. කර්මය කියන්නේ චේතනාව යි. චේතනා පහළ කර මේ සත්වයන් කර්ම රැස් කරනවා. කයින්, වචනයෙන් මනසේ චේතනා පහළ කිරීමෙන් කය ක්‍රියාත්මක වෙනවා. චේතනා පහළ කිරීමෙන් වචන ප්‍රකාශ කරනවා වගේම හිතනවා. මෙලෙස අපි හිතන සෑම සිතිවිල්ලක් එක්කම හිතේ චේතනාවක් පහළ වෙනවා. ඉබේ කතා කරන විටත්, කරන ක්‍රියාවලත් චේතනා පහළ වෙනවා. ඔබට, මට, අපට කාටවත් මේ කර්ම රැස් නොකර සිටින්නට ක්‍රමයක් නෑ. ඔබ අහලා ඇති සමහරු කියනවා, අපි පව් කරන්නේ නෑ. ඒ නිසා අපට අමුතුවෙන් කියලා පින් කරන්න පන්සල් යන්න ඕනෙ නෑ කියලා. අපි පව් කරන්නේ, වචන පිට කරන්නේ කර්මය ගැන නොදන්නකම නිසයි. හැම වෙලාවෙම චේතනා පහළ වෙනවා. ඔබ හිතන, කතා කරන, ක්‍රියා කරන සෑම විටම චේතනාවක් තියෙනවා. විපාක පිණිස ඒක සකස් වෙනවා. ඒක පුණ්‍ය කර්මයක් නම් පුණ්‍ය විපාක සකස් වෙනවා. ඔබ සිත, කය, වචනයෙන් කරන්නේ අකුසල කර්ම නම්, අකුසල විපාකයක් සකස් වෙනවා.

 

සුවපත් මනසක් සුවබර දිවියක් - 49 කොටස:

භාවනා පුහුණුවේ අවසාන ඉලක්කය

සතර බඹ විහරණ තේරුම් ගත හැකි එක් ක්‍රමයක් නම් මව්පියන්ගේ ජීවිතවල එක් එක් අවධිය සලකා බැලීම යි. තමා දරුවකු බිහිකරන්නට යන බව දැන ගන්නා තරුණ මවකගේ සිත, ලැබෙන්නට යන දරුවා කෙරෙහි අසීමිත ආදරයකින් පිරී ඉතිරී යයි. තම ගැබෙහි සිටින දරුවා ආරක්ෂා කර ගැනීමට ඈ සියලු උත්සාහයන් දරයි. දරුවා හොඳීන් නිරෝගී ව වැඩෙනු සහතික කර ගැනීමට වෙහෙසෙයි. ඇයගේ සිත සුබවාදී සහ දයාභරිත සිතිවිලිවලින් පිරී පවතී. නවක මවකගේ සිතේ තම දරුවා කෙරෙහි ඇති වන දයාභරිත හැඟීම් ද සීමා රහිත ය. මෛත්‍රිය මෙන් ම එම සිතිවිලි ලබන්නාගේ ක්‍රියා හා හැසිරීම් මත තීරණය නොවේ. කුඩා දරුවා වැඩෙමින් තමා අවට ලෝකය පිරික්සා බලන විට මව්පියන් තුළ කරුණාව වැඩේ. දරුවා දණහිස සූරාගෙන, වැටී, ඔළුව හප්පාගෙන තුවාලයක් සිදු කර ගන්නා සෑම මොහොතක ම මව්පියන්ට දරුවාගේ වේදනාව තමන්ට වූ වේදනාවක් සේ දැනේ. මේ හැඟීම අනුකම්පාව නොවේ. අනුකම්පාව අප හා අන්‍යයන් අතර පරතරයක් ඇති කරයි. කරුණාව, තැනට සුදුසු පරිදි ක්‍රියා කිරීමට අප යොමු කරවයි. තැනට සුදුසු, කාරුණික ක්‍රියාව යනු දරුවාගේ වේදනාව නැවතී, ඔහු පීඩා නො විඳීවා යන පිරිසිදු, හෘදයංගම අපේක්ෂාව යි. කාලය ගෙවීයත් ම, දරුවා පාසල් ගමන ආරම්භ කරයි. නව යෞවනයා මිතුරන් ඇති කර ගන්නා සැටි, පාඩම් කටයුතු, ක්‍රීඩා හා අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් හොඳීන් කරන සැටි මව්පියෝ බලා සිටිති. දරුවා ඇතැම් විට අක්ෂර වින්‍යාස තරගයක් ජය ගැනීම, බේස් බෝල් කණ්ඩායමට තේරීම, පන්ති නායකයා ලෙස පත්වීම වැනි ජයග්‍රහණයක් ලැබිය හැකි ය. මේ දෙස බලන මව්පියෝ දරුවා ගැන සතුටු වෙති. මේ මුදිතාවයි. අපගේ දරුවා කෙරෙහි ඇති කර ගන්නා හැඟීම ම අනික් දරුවන් කෙරෙහි ද අපට ඇති කර ගත හැකි ය.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 







 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]