ශ්රී බුද්ධ වර්ෂ 2569 ක්වූ මැදින් පුර පසළොස්වක පෝ දා 2026 මාර්තු 02 සඳුදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සම්බුදු සිරිතේ බුද්ධත්වයෙන් මුල් වසර ගෙවෙමින් පවතිද්දී උදා වූ මැදින් පුර පසළොස්වක දිනය තරම් පුහුදුන් ලෝකයාට අතිශයින් සංවේදී වන අසිරිමත් සිදුවීම් රැසකට මුල පිරුණු තවත් දවසක් තිබේද? ගිහි සුව අපරිමිත ව විඳීමින් එහි නිසරු බව දැන හැඳීන ගත්තේ විසිනව වෙනි වියට පා තබමින් සිටි සිදුහත් රජු ය. හදිසියේ අතුරුදහන් වූ තම ප්‍රිය පුතු සිද්ධාර්ථයන් පිළිබඳ මහත් සොවකින් පෙළුණු සුද්ධෝදන මහරජතුමා මොනතරම් කම්පනයකට පත් වෙන්න ඇතැයි ද අපට සිතා ගන්නට පුළුවන්. දඹදිව පුරා බුද්ධත්වයෙන් වසරක් ගත වෙන්නටත් පෙර බුදුරජාණන් වහන්සේ පිළිබඳ පැතිරුණු යශෝරාවය අතිමහත් වූවක්. ගම් දනව් සිසාරා වේගයෙන් පැතිරෙන මේ කීර්ති ඝෝෂාව වසර හතක් පසුවෙමින් සිටිය දී තම පුතණුවන් පිළිබඳ මහත් ළතැවිල්ලෙන් කල්ගත කළ සුද්ධෝධන රජතුමාට ආරංචි වූයේ මේ වනවිට රජගහනුවර වේළුවනාරාමයේ වැඩ වසන බව යි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීමේ ආශාවෙන් තෙරපෙමින් තම ඇමතිවරයකු රාජදූතයකු ලෙස දහසක් පිරිවර හා බුදුරජාණන් වහන්සේ වෙත පිටත් කර යවන්නේ මේ වකවානුවේ දි යි. එසමය කහ පැහැයෙන් මේරුණු කොළ බිමට පතිත වෙද්දී තද කොළ පැහැති වර්ණයෙන් රුක්ගොමුවල පල පත්‍ර දිලිසෙමින් තිබිය දී රත් පැහැති මල්වලින් ගහණ ගහකොළ සිරිය මෝදු වෙමින් තිබෙන මෙ සමයෙහි මේ ආකාරයෙන් නවවතාවත් පිරිවර සමඟ පිටත්ව යන ඇමතිවරයකු සහිත පිරිස බුද්ධ ශ්‍රාවකයන් ලෙස මේ සසුනට ඇතුළත් වී රහත් බව ලබා ගත්තා විනා තමන් පැමිණි කාරණය බුදුරදුන්ට දන්වා කිඹුල්වත් නුවරට වැඩමවා ගැනීම සිදු වූයේ නැහැ.ඒ අවස්ථාවේ සිදුහත් ගොයුම් බෝසතුන් උපන් දින ම උපත ලද කාලුදායි නම්, රජුට අතීශයින් හිතැති ඇමතිවරයා අමතා බුදුරදුන් වඩමවා ගෙන ඒවට කීවිට එක්වර ම කියා සිටියේ තමන්ට පැවිදි වීමට අවසර දෙනවා නම් ඒ කාර්යය ඉටු කර දෙන්නම් කියායි.
මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න් පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්
පසළොස්වක
මාර්තු 02
අව අටවක
මාර්තු 11
අමාවක
මාර්තු 18
පුර අටවක
මාර්තු 25
© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]