[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් පුර පසළොස්වක පෝ දා 2026-03-02

ජීවිතයට වටිනාකමක්...

ජීවත්වීමට ජීවිතාවබෝධය ඇවැසි ය. අනවබෝධය තුළ නිවැරැදි කළ නොහැකි බොහෝ වැරැදි වන්නට ඉඩ ඇති බැවිනි. එවන් වරදක අමිහිරි පල මේ අත්බවයෙන් නොනැවතී මතු සසරෙහි ද දුක් දෙමින් පසුපස එන්නට හැකි ය. බහ තෝරන්නට ගත් දා පටන් මිනිස් දරුවාට ජීවිතය ගැන වරද නිවරද ගැන දැනුම් තේරුම් ලබා දිය යුතු ඒ දුකින් නිදහස් වන්නට ය. එක් පැත්තකින් ඒ තුළ සුරැකෙන්නේ මිනිසත්කමේ වටිනාකමයි.

සාමාන්‍යයෙන් මසැස අන්ධ වූවෝ අල්ප ය. එහෙත් නුවණ නම් වූ ඇස අන්ධ වූවෝ අනල්පය. මසැසින් දකින දෙයට නුවණැසින් අර්ථයක් දීමට නොහැකි වීම නිසා බොහෝ පිරිසක් ගිනි දැල්ලට ආශාවෙන් එහිම ඇදෙන පළඟැටියන් සේ කෙලෙස් ගින්නෙහි ඇළෙමින් දැවී මිය යති. යළිදු ඉපදෙමින්, යළි යළිත් මිය යමින් අපමණ දුක් අනුභව කරමින් සසර සැරි සරති. අප්‍රමාණයක් පිරිස් සතර අපාය මහගෙදර කර ගනිති.

මිනිසාට උසස් මනසක් ලැබී ඇත්තේ හොඳින් සිතා බලා කටයුතු කරන්නට ය. පනින්න පෙර සිතා බලන්නැයි ජනවහරෙහි ප්‍රකට වදන් සිහි ගන්වන්නේ ද ඒ ධර්මතාව ය. ඒ නිසා මසැස සේ ම නුවණැස ද අන්ධ වනු නොදී රැක ගන්නට වෙර වැඩිය යුතු ව ඇත. ඒ සඳහා ඕනෑ තරම් මඟ පෙන්වීම් සම්බුදු දහම තුළ ඇත. තමන් බෞද්ධයෙකැයි වචනයෙන්, නාමයෙන් අනුන් ඉදිරියේ කැපී පෙනෙන්නට යනවා වෙනුවට ඒ උතුම් ශ්‍රී සද්ධර්මය තමන් තුළ ප්‍රගුණ කරවන්නට දරන වෑයම ජීවිතය යහපත් දිශාවකට ගෙන යනු ඇත.

කඳුළට අකැමැති වුව ද අපි බොහෝ විට හඬමු. ඒ පෙර කී ලෙස සිතා නොබැලීමේ දුර්වලතාව නිසා ය. නොහඬන්නට, නොපසුතැවෙන්නට අපූරු මාවත තථාගතයන් වහන්සේ පෙන්වා දුන්හ. එයට මිල මුදල් වැය නොවේ. ආයාසයක් දැරිය යුතු නොවේ. සිත මෙහෙයවා පහසුවෙන් ප්‍රගුණ කළ හැකි ධර්මතාවකි එය. එනම්, යම් ක්‍රියාවක් කිරීමෙන් පසුතැවෙන්නට සිදුවෙනවා නම්, යම් ක්‍රියාවක විපාකය කඳුළින් විඳින්නට සිදුවනවා නම් ඒ දේ නොකර සිටීම ය. එය සරල ය. පහසු ය. එහෙත් ඒ සරලත්වයට අනුගත නොවීම නිසා අපේ සමාජයේ කොපමණ පිරිසක් හැඬූ කඳුළින් ජීවිතය අභාග්‍ය සම්පන්න තැනට පත්කර ගන්නවා ද යන්න දුලබ දසුනක් නොවේ. අපේ බුදුරජාණන් වහන්සේ අපමණ කරුණාවෙන් අපට දේශනා කොට වදාළේ,

තංච කම්මං කතං සාධු
යං කත්වා නානුතප්පති
යස්ස පතීතො සුමනො
විපාකං පටි සේවති

යම් දෙයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු නොවේද? යම්දෙයක විපාකය පී‍්‍රතියෙන්, සතුටින් විඳිය හැකිද එබඳු ක්‍රියාවන් හි ම නිරත වන ලෙස ය.

අප ආගාධයට ඇද දමන, කඳුළ උරුම කරන ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පළි ගැනීම ඉවත ලා හදවතෙහි කරුණාව, දයාව, මෛත්‍රිය ප්‍රගුණ කරමින්, ඉවසීම වැඩිදියුණු කරමින් ජීවිතය තුළ ගන්නා තීන්දු තීරණ සකසුරුවම් කර ගන්නට මේ පෝදා අධිටන් කර ගනිමු.

මැදින් පුර පසළොස්වක

මාර්තු 02 සඳුදා. අ.භා. 06.01න්
පුර පසළොස්වක ලබා 03 අඟහරුවාදා අ.භා. 05.13න් ගෙවේ. 02 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

‍මාර්තු 02 

Second Quarterඅව අටවක

‍‍‍මාර්තු 11   

Full Moonඅමාවක

මාර්තු 18

First Quarterපුර අටවක

මාර්තු 25  


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2026 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]