[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

විදුලකර අබිමන්

විදුලකර අබිමන්

නොවැම්බර් මස පළමුවැනි දිනට යෙදෙන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 150 වැනි සැමරුම නිමිත්තෙනි

පරාධීන යුගයේ පිරිහී ගිය ධර්මශාස්ත්‍රාලෝකය නංවාලනු පිණිස 1975 නොවැම්බර් මස පළමුවන දින රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන් වහන්සේ විසින් කැලණිය තොරණ හන්දියේ ගාලගොඩවත්ත නම් ඉඩමෙහි විද්‍යාලංකාර පිරිවෙන පිහිටුවන ලදී. දොන් ආබ්‍රහම් රන්දුනු බස්නායක මුදලිතුමා ප්‍රමුඛ විද්‍යාලංකාර දායක සභාව මීට ආධාර කළහ. එතැන් සිට අද දක්වා මෙරට ජාතික, ආගමික,සංස්කෘතික, සාමාජයීය, භාෂා සාහිත්‍යයික ක්ෂේත්‍රයන්හි පුනරුදය වෙනුවෙන් විද්‍යාලංකාර පිරුවන ඉටුකළ මෙහෙවර සුවිශේෂී වෙයි.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නාහිමි

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමි

ආදිකර්තෘ ශ්‍රී ධර්මාලෝක මාහිමියන් අපවත් වීමෙන් පසු තත්ශිෂ්‍ය සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමිපාණන් වහන්සේ පරිවේණාධිපතීත්වයට පත් වූහ. විද්‍යාලංකාර පිරුවන අධ්‍යාපනයේ ඉහළ ම ස්ථානයට පත් වූයේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ යුගයේ දී ය. විද්‍යාලංකාර පිරුවනෙහි දීප්තිමත් ගිහි සිසු ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මැතිතුමා විසිවැනි සියවසේ මුල්භාගයේ ස්වදේශික දේශපාලන නායකයන් අතර ප්‍රධානියා විය.

ඉගෙනීම්, ඉගැන්වීම් කටයුතුවලට අමතර ව පෞරාණික වෙහෙර විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කරවීම, පැරැණි පුස්කොළ පොත් සංස්කරණය කොට මුද්‍රණය කරවීම සේ ම පාරුපන වාදය, බුද්ධවර්ෂ වාදය වැනි වාද විවාද සඳහා ද, න ණ ල ළ භේදය පිළිබඳ ගැටලු විසඳීම සඳහා ද විද්‍යාලංකාර පරිවේණාධිපතීන් වහන්සේ මුල් වී ක්‍රියා කළහ. විද්‍යාලංකාර පිරුවනට ම අනන්‍ය වූ ශාසනික හා භාෂා සාහිත්‍යයික සම්ප්‍රදායක් ගොඩ නංවා ගනිමින් වෙනම ගුරුකුලයක් ලෙස සමාජගත වීමට විද්‍යාලංකාර පිරුවන සමත් විය.

බිනර අව අටවක

සැප්තැම්බර් 14 ඉරිදා පූ.භා. 05.06 අව අටවක ලබා 15 සඳුදා
පූ.භා. 03.09න් ගෙවේ.
14 ඉරිදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 14 

Full Moonඅමාවක

සැප්තැම්බර් 21 

First Quarterපුර අටවක

සැප්තැම්බර් 29   

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 06 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]