[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

අවබෝධයෙන් පැහැදිය යුතු තෙරුවන් ගුණ

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කරන ලද්දේ ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය රැගෙන බව අමුතුවෙන් කිව යුතු නැත. හය දෙනකුගෙන් යුත් පිරිසක් සමග කළ එම ආගමනය තුළින් ලක්වැසියාට ධර්මයේ අම මිහිර ලබා ගැනීමේ වාසනාව උදාවිය. ඊට අමතරව ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, ආධ්‍යාත්මික ආදී සෑම අංශයක ම දියුණුවක් ලබා දෙන්නට මාර්ගෝපදේශකයකු හැටියට ද මිහිඳු මහරහතන් වහන්සේ කටයුතු කළහ. උන්වහන්සේ ලක්දිවට පැමිණ දේශනා කළ සූත්‍ර අතුරින් චුල්ලහත්ථිපදෝපම සූත්‍රය ඉතා වැදගත් වේ. එයට හේතුව වන්නේ එම සූත්‍රය තුළින් තුණුරුවන්ගේ ගුණ ඉස්මතු කිරීමයි. කිසිදිනක ධර්මයේ පහස නො ලැබූ පිරිසකට ධර්මය අවබෝධ කරවීම අපහසු කාර්යයකි. ඒනිසා පළමුවෙන් කළ යුතු වූයේ ශ්‍රද්ධා ගුණ ඇති කරවීම යි. තවද තුණුරුවන් කෙරෙහි අචල විශ්වාසයක් ඇති කරලීමේ පරමාර්ථය ද මිහිඳු හිමි තුළ තිබෙන්නට ඇත. මිහිඳු මහරහතන් වහන්සේ දෙවන පෑතිස් රජතුමා ඇතුළු රටවැසියාට චුල්ලහත්ථි පදෝපම සූත්‍රය දේශනා කරන්නට ඇතැයි විශ්වාස කළ හැකි ය. චුල්ලහත්ථි පදෝපම සූත්‍රය තුළින් ම ධර්මය දේශනා කිරීමට හේතු වූයේ විශේෂ කරුණු රාශියක් පදනම් කරගෙන ය. විශේෂයෙන් එවකට ලක්දිව වනාන්තරවල ඇතා, සුළභ ව දැකිය හැකි දර්ශනයක් වීමත්, රටේ රජතුමාගේ පවා ප්‍රධාන වාහනයක් වීමත්, සතුන් අතරින් විශාල ම පා සටහන් ඇති සතා වීමත් ආදී කරුණු නිසා ඇත් පා සතර උපමා රූපක වශයෙන් ගෙන බුදුරජාණන් වහන්සේගේ ඥාන පද හතර ගැන විස්තර කිරීමටත්, තුණුරුවන් ගුණ කියාදීමටත් මිහිඳු මහරහතන් වහන්සේ උත්සාහවත් වූහ. බුදුරජාණන් වහන්සේ එම සූත්‍රය දේශනා කිරීමට හේතුව නොහොත් නිදානය පිළිබඳ විමසා බැලීමේ දී දෙදෙනෙක් අතර ඇති වූ බුද්ධිමත් සංවාදයක් පිළිබඳ කරුණු පැහැදිලි වේ.  බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන කාලයෙහි ජානුස්සෝනි නම් බමුණෙක් විය. ඔහු කොසොල් මහ රජතුමාගේ පුරෝහිත තනතුර ද දැරීය. මොහුගේ සිරිතක් වූයේ මාස හයකට වරක් නගරයේ ශ්‍රී විභූතිය නැරඹීමට පෙරහර මධ්‍යයේ සුදු වෙළඹ රියකින් ගමන් කිරීම ය. එසේ යන ජානුස්සෝනි බමුණාට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කොට ආපසු එන පිලෝතික පරිබ්‍රාජකයා හමුවිය. පසුව ජානුස්සෝනි බමුණා. පිලෝතික පරිබ්‍රාජකයාගෙන් තොරතුරු විමසීය. එහිදී ඇති වූ සංවාදය මෙසේ ය.


ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]