ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඇසළ පුර අටවක පෝදා 2024 ජූලි 13 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කළුතර දිස්ත්‍රික්කයේ හොරණ සහ බණ්ඩාරගම නගරද්වයට නුදුරු වීදියගොඩ මහා විහාරයේ නාථ දේවාලයේ වාර්ෂික ඇසළ පුණ්‍යොත්සවයේ අවසන් රන්දෝලි පෙරහර ජූලි මස 13 වැනි දිනට යෙදී තිබීම නිමිත්තෙනි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාද් වීපයට වැඩමවීමෙන් ශ්‍රී ලංකාද්වීපයේ සුප්‍රතිෂ්ඨාපිත වූ සම්බුද්ධ ශාසනය යුගයෙන් යුගය විවිධ වූ උන්නතීන්ට සහ අවනතීන්ට පත් වෙමින් අද දක්වා ම සුරක්ෂිත ව පැවතීම සුවිශේෂි සංසිද්ධියකි. දුරාතීතයේ පටන් ම රයිගම් කෝරළයේ බෞද්ධ පසුබිමක් පැවති බවට නිදර්ශන ලෙස ආදි අනුරාධපුර යුගයට නෑකම් කියන වෙහෙර විහාරස්ථාන සහ පුරාවිද්‍යාත්මක ස්මාරක හමුවීම සඳහන් කළ හැකි වන්නේ ය. කෝට්ටේ යුගයෙහි සම්භාවනීයතම විද්‍යාස්ථානයක් වූ වීදාගම ශ්‍රී ඝනානන්ද පිරුවන පිහිටීමත් තත් පරිවේනාධිපති වීදාගම මෛත්‍රි හිමිපාණන් වහන්සේගේ අග්‍රගණ්‍ය සාහිත්‍යකරණය ද මෙම පුරවරයේ වැදගත්කම දැක්වීමට මනා වූ සාධකයකි. වීදාගමට යාබද ග්‍රාමය වූ වීදියගොඩ ග්‍රාමවරය කෝට්ටේ යුගයේ සුප්‍රකට රණවිරුවකු වූ වීදිය බණ්ඩාර සෙනෙවිතුමාගේ ඇසුර නිසා වීදියගොඩ නම් ලද බවත්, එකී සෙනෙවියාණන් ගොඩනැඟූ නාථ දේවාලය වර්තමාන වීදියගොඩ රාජමහා විහාරයේ ආරම්භය ලෙසත් ජනප්‍රවාදයේ සඳහන් වේ. විජයබා කොල්ලයෙන් පසු කෝට්ටේ රාජධානිය බෙදුනු එක් කොටසක අගනුවර වූ රයිගම් පුරවරය ද වීදියගොඩට නුදුරෙන් පිහිටීම සුවිශේෂි කරුණකි.
ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා අ.භා. 05.25 ගෙවේ. 13 සෙනසුරාදා සිල්
පුර අටවක
ජූලි 13
පසළොස්වක
ජූලි 20
අව අටවක
ජූලි 28
අමාවක
අගෝස්තු 03
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]