[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

මතු පරපුරේ ආධ්‍යාත්මික දියුණුව පිණිස එකමුතුව පෙළගැසෙමු

ගිහි සමාජය සුසිල්වත් කිරීම උදෙසා බෞද්ධ සංස්කෘතියට පංචශීලය ඇතුළත් කොට ඇත. ත්‍රිපිටකය තුළ දී අපට මෙම පංචශීලය හමුවන්නේ බ්‍රහ්මජාල සූත්‍ර දේශනාව තුළ සුළු සීල යටතේ ය. තවද පංචශීලයෙහි පස්වන ශික්ෂාපදය පැනවීම තුළ සිදුකළ සමාජ මෙහෙවර අතිමහත් ය. එනම් ‘සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.’ මෙම සිල් පදය සමාදන් කරවීම තුළ පුද්ගලයා මතට ලොල්වීම වැළැක්වීමට බාධකයක් පනවන ලදී. බ්‍රාහ්මණ යුගවල දී මෙම මදිරා පානයට බාධා හෝ තහංචි හෝ පැනවීමක් නොවීය. ණය වී හෝ කම්සැප ඉහළින් ම විඳිය යුතුයි වැනි අදහස් විය. සතුටින්, විනෝදයෙන් කල් ගෙවීමත්, යාගය උදෙසා සියලු සැප සම්පත් උත්පාදනය කිරීමත් මෙහිදී සිදුවිය. එසේම ලෞකික සැප යැයි මිනිසුන් දක්නා සියලුම දෑ දෙවියන්ට ද ඒ අයුරින් ම කැප කිරීම තුළින් ඔවුන් තම සුඛ විහරණය ම යළි යළිත් පැතූහ. වේද සාහිත්‍යයට අනුකූල ව රහමෙර හෙවත් මදිරා පානයේ අතීතය සෝමපානය දක්වා දිවයයි. එය ශාක සාරයෙන් සකසා ගන්නා රා මෙන් මත්වන පාන විශේෂයකි. දෙවියන් සතුටු කිරීමේ දී යාග සඳහා භාවිත කළ මේවා එකල ක්ෂත්‍රිය කුලවල ජනපි‍්‍රය පානයකි. වර්තමානය වන විට විවිධ නාමයන්ගෙන් යුතු පලතුරු මිශ්‍රිත මත්පාන ලෙසත්, වෙනත් රසායනික ද්‍රව්‍ය එක් කළ මත් පාන වර්ගත් වෙළඳපොළට පැමිණ ඇත. එපමණක් නොව මත්ද්‍රව්‍ය ලෙස ගංජා, මර්ජුවානා, හසිස්, අයිස්, හෙරොයින්...... විවිධ මත්ද්‍රව්‍ය දක්නට ඇත. මේ මත්වන සියලු දේ මිනිසාගේ මොළය හා එහි ක්‍රියාකාරිත්වය අඩපණ කරලීමට සමත් වන අතර ඔවුන් අසාමාන්‍ය වීමට මේවා බලපානු ඇත. එදා බුදුන් දවස නාලාගිරි නම් දරුණු හස්ති රාජයාහට රා කළගෙඩි හැටක් පොවා බුදුන් වහන්සේ ඝාතනය උදෙසා එවන ලද්දේ ද මෙසේ පියවි සිහිය විකෘතියට පත්කොට අසාමාන්‍ය කිරීම තුළින් ය.


ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]