[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

දරමිටිපොල සඟ පරපුරට උරුම කියන කබල්ලෑලෙන පුරාණ රාජමහා විහාරය

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටා තිබෙන කබල්ලෑලෙන රාජමහා විහාරය දේවානම්පියතිස්ස රජ සමයට අයත් වන බවට ජනප්‍රවාදයේ ප්‍රකාශ වේ. සත් කෝරළේ, හිරියාල හත්පත්තුවේ දිවිගන්දාහේ කෝරළයට හිමිකම් කියන්නේ පැරණි බෙදීම් ක්‍රමයට අනුව ය. මෙම විහාරස්ථානය තුළ පිහිටා ඇති විහාර ලෙන 1965.02.05 දිනැති අංක 14472 දරන ගැසට් පත්‍රයට අනුව පුරාවිද්‍යා ආඥා පනත යටතේ ප්‍රකාශයට පත්කොට තිබේ. වර්තමානයේ විහාරය ලෙස භාවිත වන ලෙනෙහි විහාරගෙය, ශාලාව හා දේවාලය යන විහාර අංග දක්නට ලැබෙයි. ලෙන් විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමා වහන්සේ අතර සැතපෙන පිළිමයක්, හිඳි පිළිමයක් හා හිටි පිළිම 4ක් දක්නට ලැබේ. මෙම ප්‍රතිමා මහනුවර සම්ප්‍රදායට අයත් ලක්ෂණ පෙන්වන බවට සඳහන් වන අතර 1960 දශකයේ පමණ සිදුවූ බිත්ති බිඳවැටීම් නිසා තවත් බුද්ධ ප්‍රතිමා වහන්සේ තුනක් පමණ විනාශ වී ගොස් ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එය ප්‍රතිසංස්කරණය කොට ඇති බව පුරාවිද්‍යා කොමසාරිස්ගේ පාලන වාර්තාව (1968 - 69 .පී. 25) සඳහන් වේ. විෂ්ණු දේව ප්‍රතිමාවක් හා නාථදේව ප්‍රතිමාවක්ද මෙහි දැකිය හැකි වේ. (මේධානන්ද . 1999) විහාරයේ බිත්තිවල හා ලෙන් පියස්සේ බිතු සිතුවම් දක්නට ලැබෙන අතර ලෙන් පියස්සේ මාර පරාජය, බුද්ධත්වය, සූවිසි විවරණ හා සත් සතිය බුදු පිළිම වහන්සේ 29ක චිත්‍ර හඳුනාගත හැකිය. මහනුවර සම්ප්‍රදායට අයත් වන බවට සඳහන් වන මෙම චිත්‍ර බොහෝ සේ හානියට ලක්වී ඇති බවක් ප්‍රකාශ වේ. ලෙනෙහි ඉදිරිපස බිත්තියේ ඇතුළු පැත්තේ දැකිය හැකි චිත්‍රවල වෙස්සන්තර ජාතකය, හා බුද්ධ පරිනිර්වාණය හඳුනාගත හැකි වේ.

ඇසළ පුර අටවක

ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 පුර අටවක ලබා 14 ඉරිදා
අ.භා. 05.25 ගෙවේ.
13 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 13

Full Moonපසළොස්වක

ජූලි 20

Second Quarterඅව අටවක

ජූලි 28

Full Moonඅමාවක

අගෝස්තු 03

 

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]