නිවන අවබෝධය පිණිස ...
භාවෙති යනු: භාවනා සතරෙකි. ඒ සමථයෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන් නොඉක්මවා පවත්නා
ස්වභාවයෙන් භාවනා ය.
(ශ්‍රද්ධාදී) ඉන්ද්‍රියන්ගේ ඒකරස අර්ථයෙන් භාවනා ය.
ස්වභාවයන්ට සුදුසු වීර්ය දැරීම් අර්ථයෙන් භාවනා ය.
අසේවනාර්ථයෙන් (ඇසුරු කිරීම් අර්ථයෙන්) භාවනා ය.
මග්ගො සඤ්ජායති යනු : කෙසේ මාර්ගය උපදී ද?
දර්ශන කිරීම් අර්ථයෙන් සම්මා දිට්ඨි නම් වූ මාර්ගය උපදී.
අභිනිරෝපණ (සිත අරමුණට නැංවීම්) අර්ථයෙන් සම්මාසංකප්ප නම් වූ මාර්ගය උපදී.
අවික්ෂේපාර්ථයෙන් (නො විසිරීම් අර්ථයෙන්) සම්මා සමාධි නම් වූ මාර්ගය උපදී. මෙසේ
මාර්ගය උපදී.
‘සො තං මග්ගං අසෙවති භාවෙති බහුලීකරොති”
අසෙවති යනු : කෙසේ සේවනය කෙරේ ද යත්, ආවර්ජනා කෙරෙමින් ඇසුරු කරයි. දනිමින් ඇසුරු
කරයි. ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් ඇසුරු කරයි. මෙසේ ඇසුරු කෙරේ.
භාවෙති යනු :– කෙසේ භාවනා (වැඩීම) කෙරේද? ආවර්ජනා කරමින් භාවනා කරයි. දනිමින් භාවනා
කරයි. ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙය ප්‍රත්‍යක්ෂ කරමින් භාවනා කෙරේ. මෙසේ භාවනා කෙරේ.
බහුලීකරොති යනු - කෙසේ හෙයින් බහුල කෙරේද යත්:
ආවර්ජනා කරමින් බහුල කරයි. දනිමින් බහුල කරයි. .............(ප්‍ර‍්‍රත්‍යක්ෂ කළ
යුතු දෙය) ප්‍රත්‍යක්ෂ කරමින් බහුල කරයි. මෙසේ බහුල කරයි.
තස්ස තං මග්ගං ආසෙවතො භාවයතො බහුලීකරොතො
සංඤෙඤාජනා පහීයන්ති අනුසයා ඛ්‍යන්තිහොන්ති යනු
කෙසේ සංයෝජනයෝ ප්‍රහීණ වෙත්ද? අනුශයධර්මයෝ කෙළවර වෙත්ද? සෝතාපත්ති මාර්ගයෙන්
සක්කායදිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බතපරාමාස යන මේ සංයෝජන තුන ප්‍රහීණ වෙයි. දිට්ඨි
අනුසය, විචිකිච්ඡා අනුසය යන මේ අනුසය දෙක කෙළවර වෙයි.
සකෘදාගාමී මාර්ගයෙන් ඕළාරික වූ කාමරාග සංයෝජන, පටිඝ සංයෝජන යන මේ සංයෝජන (බැඳුම්)
දෙක ප්‍රහීණ වේ. ඕළාරික වූ කාමාරාගානුසය, පටිඝානුසය යන මේ අනුශය දෙක අවසන් වේ.
අනාගාමී මාර්ගයෙන් සියුම් වූ කාමරාග, පටිඝ යන මේ සංයෝජන දෙක ප්‍රහීණ වේ. සියුම් වූ
කාමරාග, පටිඝ යන මේ අනුශය දෙක අවසන් වේ. රහත් මාර්ගයෙන් රූපරාග, අරූප රාග, මාන,
උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජන පස ප්‍රහීණ වේ. මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යන
මේ අනුශය තුන දුරු වේ. මෙසේ සංයෝජන ප්‍රහීණ වේ. අනුශය ධර්ම කෙළවර වේ.
මෙසේ සමථය (කෙලෙස් සන්සිඳුවීම) පෙරදැරි කොට ඇති විදර්ශනාව වඩයි.
විදර්ශනාව පෙරදැරි කොට ඇති සමථය වඩන්නේ කෙසේද? අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම්
අර්ථයෙන් විදර්ශනාවයි. දුක් වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාව යි. අනාත්ම
වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. ඒ විදර්ශනාවෙහි උපන් (චිත්ත චෛතසික)
ධර්මයන් ද නිවන් අරමුණු කරන බැවින් සිතේ එකඟ බව නම් වූ (උපචාර අර්පණා භේද)
නොකැළඹිලි ස්වභාවය සමාධිය යි. මෙසේ පළමුව විදර්ශනාව ද, පසුව සමථය ද, වේ. එහෙයින්
“විපස්සනාපුබ්බංගමං සමථං භාවෙති” යි කියනු ලැබේ.
භාවෙති යනු :– භාවනා සතරෙකි. ආසේවනාර්ථයෙන් භාවනායි. මග්ගො සඤ්ජායති යනු මාර්ගය
කෙසේ උපදී ද යත්, මෙසේ මාර්ගය උපදී. මෙසේ සංයෝජන ප්‍රහීණ වෙයි. අනුශය ධර්ම අවසන්
වෙයි.
රූපය අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. රූපය දුක් වශයෙන් නැවත
නැවත බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. රූපය අනාත්ම වශයෙන් නැවත නැවත බැලීම් අර්ථයෙන්
විදර්ශනාව යි. ඒ විදර්ශනා වීථීයෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන් නිවන් අරමුණු වන
බැවින් (උපදවන ලද) සිතේ එකඟතා නම් වූ (උපචාර අර්පණා) අවික්ෂේපය (නො කැළඹිල්ල)
සමාධිය යි. මෙසේ පළමුව විදර්ශනාව වේ. පසුව සමථය වේ. එහෙයින් “විපස්සනාපුබ්බංගම සමථං
භාවෙති”යි කියනු ලැබේ.
භාවෙති යනු : භාවනා සතරෙකි. ආසේවනාර්ථයෙන් භාවනායි. මග්ගො සඤ්ජායති යනු : මාර්ගය
කෙසේ උපදී ද යත් : මෙසේ මාර්ගය උපදී. මෙසේ සංයෝජන ප්‍රහීණ වෙයි. අනුශය ධර්ම අවසන්
වෙයි.
වේදනාව, සංඥාව, සංස්කාරයන්, විඥානය ඇස, ජරාමරණය අනිත්‍ය වශයෙන් නැවත නැවත බැලීම්
අර්ථයෙන් විදර්ශනාවයි. ජරාමරණ දුක් වශයෙන්.......... අනාත්ම වශයෙන් නැවත නැවත
බැලීම් අර්ථයෙන් විදර්ශනාවයි. ඒ විදර්ශනා වීථීයෙහි උපන් (චිත්ත චෛතසික) ධර්මයන් ද
නිවන් අරමුණු වන බැවින් (උපදවන ලද) සිතේ එකඟ බව නම් වූ අවික්ෂේපය සමාධියයි. මෙසේ
පළමුව විදර්ශනාව වෙයි. පසුව සමථය වේ. එහෙයින් විපස්සනාපුබ්බංගමං සමථං භාවෙති” යැයි
කියනු ලැබේ.
භාවෙති යනු : භාවනා හතරෙකි. ආසේවනාර්ථයෙන් භාවනා යි. මග්ගො සඤ්ජායති යනු : මාර්ගය
කෙසේ උපදීද යත්, මෙසේ මාර්ගය උපදී. මෙසේ සංයෝජන ප්‍රහීණ වේ. අනුශය ධර්ම අවසන් වෙයි.
මෙසේ විදර්ශනා පෙරදැරි වූ සමථය වෙයි.
කෙසේ සමථ විදර්ශනා යුගනද්ධ (එකිනෙකට බැඳී) වඩයි ද යත්, ආකාර දහසයකින් සමථ විදර්ශනා
යුගනද්ධ කොට වඩයි. ආරම්මණ වශයෙන්, ගෝචර වශයෙන්, ප්‍රහාණ වශයෙන්, පරිත්‍යාග වශයෙන්
වුට්ඨාන (නැගිටීම්) වශයෙන්, විවට්ට (නිවීම්) වශයෙන්, ශාන්ත (සන්සිඳීම්) වශයෙන්,
ප්‍රණීත (උසස් බවට යැවීම්) වශයෙන්, විමුක්ති වශයෙන්, අනාශ්‍රව (කෙලෙස් නැතිවීම්)
වශයෙන්, අතික්‍රමණ (ඉක්මවීම්) වශයෙන්, නිමිති ගැනීම් රහිත වශයෙන්, පණිධි රහිත (නො
පැතීම්) වශයෙන්, සුඤ්ඤත (නො ඇලීම්) වශයෙන් ඒකරස වශයෙන්, එකින් එක නො ඉක්මවීම වශයෙන්
යුගනද්ධ (එකිනෙකට බැඳී) වශයෙන් වඩයි.
කෙසේ ආරම්මණ වශයෙන් සමථ විදර්ශනා යුගනද්ධ කොට වඩයිද? උද්ධච්චය ( සිතේ නොසන්සුන්කම)
දුරු කරන යෝගියා හට සිතේ එකඟ බව නම් වූ අවික්ෂේප (නො කැළඹුණු) සමාධිය නිරෝධය
(නිවන්) අරමුණු වෙයි. අවිද්‍යාව දුරු කරන යෝගියා හට නැවත නැවත (අනිත්‍යාදි) වශයෙන්
බැලීම් අර්ථයෙන් විදර්ශනාව නිවන අරමුණු වෙයි.
මෙසේ අරමුණු කිරීම් අර්ථයෙන් සමථ විදර්ශනා ඒකකෘත්‍ය (එක කටයුතු) ඇත්තේ වෙයි.
යුගනද්ධ වෙයි. ඔවුනොවුන් නො ඉක්මවා පවතියි. එහෙයින්” ආරම්මණට්ඨෙන සමථ විපස්සනං
යුගනද්ධං භාවෙති” යි කියනු ලැබේ.
භාවෙති යනු :– භාවනා සතරෙකි. ආසේවනාර්ථයෙන් භාවනා යි. මග්ගො සඤ්ජායති යනු : මාර්ගය
කෙසේ උපදී ද යත්.....මෙසේ මාර්ගය උපදී..මෙසේ සංයෝජන ප්‍රහීණ වේ. මෙසේ අනුශය ධර්ම
අවසන් වේ. මෙසේ අරමුණු වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි.
කෙසේ ගෝචර වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද උද්ධච්චය (සිතේ නොසන්සුන්කම)
දුරු කරන යෝගියා හට සිතේ එකඟකම නම් වූ අවික්ෂේපය නම් සමාධිය නිරෝධ ගෝචර වෙයි.
අවිද්‍යාව ( නො දැනීම) දුරු කරන යෝගියා හට නැවත නැවත අනිත්‍යාදී වශයෙන් බැලීම නිරෝධ
ගෝචර වෙයි. මෙසේ ගෝචර වශයෙන් සමථ විපස්සනා ඒකරස (එක කටයුතු ඇත්තේ) වෙයි. යුගනද්ධ
වෙයි. ඔවුනොවුන් නොඉක්ම පවතියි. එහෙයින් ගෝචරට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති”යි
කියනු ලැබේ. (භාවෙති යනු......)
කෙසේ ප්‍රහාණ වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද යත්, උද්ධච්ච සහිත කෙලෙස් ද,
ස්කන්ධයන් ද දූරු කරන යෝගියා හට සිතේ එකඟකම නම් වූ අවික්ඛේප සමාධිය නිරෝධ ගෝචර
වෙයි. අවිද්‍යා සහගත ක්ලේශයන් ද, ස්කන්ධයන් ද දුරු කරන යෝගියා හට නැවත නැවත
(අනිත්‍යාදී වශයෙන්) බැලීම් අර්ථයෙන් විපස්සනාව නිරෝධ ගෝචර වේ. මෙසේ ප්‍රහාණ
අර්ථයෙන් සමථවිපස්සනා ඒකරස වෙයි. යුගනද්ධ වෙයි. ඔවුනොවුන් නොඉක්ම පවතියි. එහෙයින්
“පහානට්ඨෙන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති” යි කියනු ලැබේ.
කෙසේ පරිත්‍යාග අර්ථයෙන් සමථවිපස්සනා යුගනද්ධ කොට වඩයි ද යත්: සිතේ නොසන්සුන් බව
සහිත ක්ලේශයන් ද, ස්කන්ධයන් ද පරිත්‍යාග කරන යෝගියාහට සිතේ එකඟකම වූ අවික්ෂේප
සමාධිය නිරෝධ ගෝචර වෙයි. අවිද්‍යා සහගත ක්ලේශයන් ද, ස්කන්ධයන් ද පරිත්‍යාග කරන
යෝගියාහට නැවත නැවත අනිත්‍යාදි වශයෙන් බැලීම් අර්ථයෙන් විදර්ශනාව නිරෝධ ගෝචර වෙයි.
මෙසේ පරිත්‍යාග වශයෙන් සමථ විදර්ශනා එහෙයින් “පරිච්චාගටෙඨන සමථවිපස්සනං යුගනද්ධං
භාවෙති” යි කියනු ලැබේ.
කෙසේ වුට්ඨාන (නැඟිටීම්) අර්ථයෙන් සමථවිපස්සනා යුගනද්ධ කොට වඩයි ද යත් : නොසන්සුන්
බව සහිත......නැගෙන යෝගියාහට සිතේ. මෙසේ නැගිටීම් වශයෙන් සමථ විපස්සනා එහෙයින්
“වුට්්‍යානටෙඨන සමථ විපපස්සනං යුගනද්ධං භාවෙති” යි කියනු ලැබේ.
කෙසේ විවට්ට (නිවීම්) වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද යත් : උද්ධච්ච සහිත
විවට්ට (නිවීම්) වශයෙන් නැවත නැවත බැලීමෙන්, මෙසේ විවට්ට වශයෙන් සමථ විපස්සනා
එහෙයින් “විවට්ටනටෙඨන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති” යි කියනු ලැබේ.
කෙසේ ශාන්ත වශයෙන් සමථවිපස්සනා යුගනද්ධ කොට වඩයි ද: සිත නොසන්සුන් බව සහිත සමාධිය
ශාන්ත වූයේ විදර්ශනාව ශාන්ත වූයේ... මෙසේ ශාන්ත වශයෙන් සමථ විපස්සනා.ඔවුනොවුන් නො
ඉක්ම පවතියි. එහෙයින් සන්තුටෙඨන සමථ විපස්සනං යුගනද්ධං භාවෙති” යැයි කියනු ලැබේ.
කෙසේ ප්‍රණීත වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද: සිත නොසන්සුන් බව
සහිත..සමාධිය ප්‍රණීත වූයේ....... විදර්ශනාව ප්‍රණීත වූයේ.... මෙසේ ප්‍රණීත වශයෙන්
ඔවුනොවුන් නොඉක්ම පවතියි. එහෙයින් “පණීතටේඨන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති” යයි
කියනු ලැබේ.
කෙසේ විමුක්ති අර්ථයෙන් සමථවිපස්සනා යුගනද්ධ කොට වඩයි ද, සිත නොසන්සුන් බව දුරු කරන
යෝගියාට සිතේ එකඟ බව වූ අවික්ඛේප සමාධිය කාමාශ්‍රව කෙරෙන් මිදුණේ.. විදර්ශනාව
අවිද්‍යාශ්‍රව කෙරෙන් මිදුණේ, මෙසේ රාගවිරාගයෙන් චිත්ත විමුක්තිය වෙයි. අවිද්‍යා
විරාගයෙන් ප්‍රඥා විමුක්තිය වෙයි. මෙසේ විමුක්ති අර්ථයෙන් සමථ විදර්ශනා ඒකකෘත්‍ය
වේ. යුගනද්ධ වේ. ඔවුනොවුන් නො ඉක්ම පවතියි. එහෙයින් “විමුත්තටෙඨන සමථවිපස්සනං
යුගනද්ධං භාවෙති” යැයි කියනු ලැබේ.
කෙසේ අනාශ්‍රව ( කෙලෙස් නැතිවීම්) අර්ථයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද යත්,
සිත උද්ධච්චය දුරු කරන යෝගියාට, කාමාසවයෙන් අනාසව වූයේ......... අවිද්‍යා
ආශ්‍රවයෙන් අනාශ්‍රව වූයේ......මෙසේ අනාශ්‍රව වශයෙන්....ඔවුනොවුන් නොඉක්ම පවතියි.
එහෙයින් “අනාසවටෙඨන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති” යයි කියනු ලැබේ.
කෙසේ තරණය කිරීම් වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද යත් : සිත නොසන්සුන් සහිත
තරණය කරන යෝගියාට ක්ලේශයන් ද, ස්කන්ධයන් ද තරණය කරන මෙසේ තරණාර්ථයෙන් ඔවුනොවුන්
නොඉක්ම පවතියි. එහෙයින් “තරණටෙඨන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති” යැයි කියනු ලැබේ.
කෙසේ අනිමිත්ත (නිමිති ගැනීම් නැති) වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද :
උද්ධච්චය දුරු කරන යෝගියාට...........නොකැළඹීම් නම් වූ සමාධිය සියලු නිමිති කෙරෙන්
වෙන් ව අනිමිත්ත වූයේ නිරෝධ ගෝචර වෙයි. අවිද්‍යාව දුරු කරන යෝගියාහට
අනුදර්ශනාර්ථයෙන් විපස්සනාව සියලු නිමිති කෙරෙන් වෙන් ව අනිමිත්ත වූයේ නිරෝධ ගෝචර
වේ. ඔවුනොවුන් නො ඉක්ම පවතියි. එහෙයින් ‘අනිමිත්තටෙඨන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති”
යි කියනු ලැබේ.
කෙසේ අප්‍රණිහිත (නොපැතීම්) වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට වඩයි ද : උද්ධච්චය
දුරු කරන යෝගියාහට හැම ප්‍රණිධීන් කෙරෙන් වෙන් ව අප්‍රණිහිත වූයේ නිරෝධ ගෝචර වෙයි.
මෙසේ අප්‍රණිහිත වශයෙන් සමථ විපස්සනා ඒකකෘත්‍ය වේ. යුගනද්ධ වේ. ඔවුනොවුන් නොඉක්ම
පවතියි. එහෙයින් “ අප්පණිහිතටෙඨන සමථ විපස්සනං යුගනද්ධං භාවෙති” යි කියනු ලැබේ.
කෙසේ ශූන්‍යත (හිස්බව) වශයෙන් සමථවිපස්සනා යුගනද්ධ කොට වඩයිද උද්ධච්චය දුරු කරන
යෝගියාට සමාධිය හැම අභිනිවේශයන් කෙරෙන් ශුන්‍ය වූයේ නිරෝධය අරමුණූ වෙයි. ඔවුනොවුන්
නොඉක්ම පවතියි. එහෙයින් “සුඤ්ඤතටෙඨන සමථවිපස්සනං යුගනද්ධං භාවෙති” යයි කියනු ලැබේ.
භාවෙති යනු : භාවනා සතරෙකි. ආසේවනාර්ථයෙන් භාවනා යි.
මග්ගො සඤ්ජායති යනු : මාර්ගය කෙසේ උපදීද......මෙසේ මාර්ගය උපදියි. මෙසේ සංයෝජන
ප්‍රහීණ වේ. අනුසය ධර්ම අවසන් වේ. මෙසේ ශූන්‍යත වශයෙන් සමථ විපස්සනා යුගනද්ධ කොට
වඩයි.
මේ සොළොස් අයුරින් සමථවිපස්සනා යුගනද්ධ කොට වඩයි. මෙසේ සමථවිපස්සනා යුගනද්ධ කොට
වඩයි.
කෙසේ (ඕභාසාදි) ධර්මයෙහි වික්ෂේපයෙන් (නො සන්සුන් වීමෙන්) විරෝධයට පමුණුවන ලද සිත
වෙයි ද : අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාට විදර්ශනා ඕභාසය (ආලෝකය) උපදියි. “අවභාසය
මාර්ගඵල ධර්මය” යි අවභාසය ආවර්ජනය කරයි. එම ආලෝකයෙන් උපදනා වික්ෂේපය උද්ධච්ච නමි. ඒ
උද්ධච්චයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනිත්‍ය හෙයින් වැටහීම ඇති සැටියෙන් නො
දනියි. දුක්ඛ හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. අනාත්ම හෙයින් වැටහීම ඇති
සැටියෙන් නො දනියි. එහෙයින් “ධම්මුද්ධච්චවිග්ගහිත මානසො” යැයි කියනු ලැබේ.
(මාර්ගාමාර්ගයන් පරීක්ෂා කිරීමට) එය සුදුසු කාලය යි. යම් කලෙක ඒ (විදර්ශනා වීථියට
බැස සිටි) සිත ආධ්‍යාත්ම සංඛ්‍යාත අරමුණෙහි පිහිටයි නම් මැනවින් හිඳී නම් එකඟ වේ
නම්, මැනවින් සිටී නම් එබඳු සමයක් වේ.
තස්ස මග්ගො සඤ්ජායතීති යනු : කෙසේ මාර්ගය උපදීද දේශන වශයෙන් සම්මාදිට්ඨි නම් වූ
මාර්ගය උපදී. මෙසේ මාර්ගය උපදී. මෙසේ සංයෝජන ප්‍රහීණ වෙයි. අනුශය ධර්ම කෙළවර වෙයි.
අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නවුන්ට විදර්ශනා ඥානය උපදියි. විදර්ශනා පී‍්‍රතිය
උපදියි. විදර්ශනා සන්සිඳීම උපදියි. විදර්ශනා සුඛය......අධිමොක්ඛය (ශ්‍රද්ධාව) වීර්ය
විදර්ශනා සම්ප්‍රයුක්ත සතිය...උපේක්ෂාව...විදර්ශනා ආශාව...නිකාන්තිය මාර්ගඵල ධර්මය
යි. නිකාන්තිය ආවර්ජනය කරයි. ඒ නිකාන්තියෙන් උපදනා නො සන්සුන්කම උද්ධච්චය නමි.
චිත්ත චෛතසිකයන්ගේ ඒ නො සන්සුන් බැවින් විරූප බවට පමුණුවන ලද සිත් ඇත්තේ අනිත්‍ය
හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. දුක් හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි.
අනාත්ම හෙයින් වැටහීම ඇති සැටියෙන් නො දනියි. එහෙයින් “ධම්මමුද්ධච්ච විග්ගහිත
මානසො” යයි කියනු ලැබේ. යම් කලෙක ඒ (විදර්ශනා වීථියට බැස සිටි) සිත ගෝචර ආධ්‍යාත්ම
නම් වූ ආරම්මණයෙහිම පිහිටා නම් මැනවින් හිදී නම් එකඟ වේ නම් මැනවින් සිටි නම් එබඳු
සමයක් වේ.
තස්ස මග්ගො සඤ්ජායති යනු : කෙසේ මාර්ගය උපදී ද...මෙසේ මාර්ගය උපදී...මෙසේ සංයෝජන
ප්‍රහීණ වේ. අනුශය ධර්ම කෙළවර වෙයි.
දුක්ඛ වශයෙන් මෙනෙහි කරන්නාහට අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාහට ඕභාසය උපදී. ඥානය
උපදියි. පී‍්‍රතිය උපදියි. සන්සිඳීම, සුඛය......අධිමෝක්ෂය (ශ්‍රද්ධාව)
වීර්ය..විදර්ශනාවෙන් යුක්ත සතිය උපදියි. උපේක්ෂාව. නිකාන්තිය උපදියි. “නිකාන්තිය
මාර්ග ඵල ධර්ම ය” යි නිකාන්තිය ආවර්ජනය කරයි. ඒ නිකාන්තියෙන් උපදනා නොසන්සුන් බව
උද්ධච්ච නම් වේ. ඒ උද්ධච්චයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ අනාත්ම වශයෙන්
වැටහීම.....අනිත්‍ය වශයෙන් වැටහීම...දුක් වශයෙන් වැටහීම. ඇති සැටියෙන් නො දනී.
එහෙයින් ධම්මුද්ධච්චවිග්ගහිත මානසො” යයි කියනු ලැබේ. මෙසේ සංයෝජන ප්‍රහීණ වේ. අනුශය
ධර්ම කෙළවර වෙයි.
රූපය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාට රූපය දුක් වශයෙන් ,රූපය අනාත්ම වශයෙන්, වේදනාව
සඤ්ඤාව සංස්කාර, විඤ්ඤාණය ඇස ජරාමරණ අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්නාට, ජරාමරණ දුක්
වශයෙන් ජරාමරණ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්නාට ඕභාසය උපදී. විදර්ශනා ඥානය උපදී.
පී‍්‍රතිය උපදී. විදර්ශනාවෙන් යුත් සතිය උපදී. උපේක්ෂාව උපදී. නිකාන්තිය උපදී.
නිකාන්තිය මාර්ගඵල ධර්ම යයි නිකාන්තිය ආවර්ජනය කරයි. ඒ නිකාන්තියෙන් උපදවා
නොසන්සුන්කම උද්ධච්ච නමි. ඒ උද්ධච්චයෙන් විරෝධයට පමුණුවන ලද සිත් ඇත්තේ ජරාමරණ
අනාත්ම වශයෙන් වැටහීම, අනිත්‍ය වශයෙන් වැටහීම, දුක් වශයෙන් වැටහීම ඇති සැටියෙන් නො
දනී. එහෙයින් “ධම්මුද්ධච්චවිග්ගහිත මානසො” යයි කියනු ලැබේ.
යම් කලෙක ඒ (විදර්ශනා වීථියට බැස සිටි) සිත ගෝචර ආධ්‍යාත්ම නම් වූ අරමුණෙහි ම
පිහිටා නම්, මැනැවින් හිඳී නම් එකඟ වේ නම්, මැනැවින් සිටී නම් එබඳු සමයක් වේ.
තස්ස මග්ගො සඤ්ජායති යනු : කෙසේ මාර්ගය උපදී ද මෙසේ මාර්ගය උපදී. මෙසේ සංයෝජන
ප්‍රහීණ වේ. අනුශය ධර්ම කෙළවර වේ.
1. විදර්ශනා ඕභාස නිමිත්තෙන් ද විදර්ශනා ඥාන නිමිත්තෙන් ද විදර්ශනා පී‍්‍රති
නිමිත්තෙන් ද යෝගිතෙම විවිධ ව කම්පා වෙයි. යම් සන්සිඳීම් ආදියකින් සිත සැලේ නම් ඒ
විදර්ශනා සන්සිඳීම් නිමිත්තෙන් ද විදර්ශනා සුඛය නිමිත්තෙන් ද යෝගි තෙම කම්පාවෙයි.
2. අධිමොක්ෂ (ශ්‍රද්ධා) නිමිත්තෙන් ද වීර්ය නිමිත්තෙන් ද විදර්ශනාවෙන් යුක්ත සති
නිමිත්තෙන් ද ආවර්ජනා උපේක්ෂා නිමිත්තෙන් ද විදර්ශනා උපේක්ෂා නිමිත්තෙන් ද විදර්ශනා
නිකාන්ති නිමිත්තෙන් ද යෝගී තෙම කම්පා වෙයි.
3. යමකුගේ ප්‍රඥාවෙන් මේ කරුණු දසය පුරුදු කරන ලද ද (හෙතෙම ආලෝකය ආදි) ධර්මයන්හි
නොසන්සුන්බව තත් වූ පරිද්දෙන් දැනීමෙහි දක්ෂයෙක් වේ. (හෙතෙම) මුළාවට ද නො පැමිණේ.
4. (මන්ද ප්‍රාඥයා) ආලෝක ආදීන්හි කැළඹිල්ලට පැමිණේ නම්, ක්ලේශයන්ගෙන් ද කිළිටි වේ
නම්, ඒ මඟින් චිත්ත භාවනාවෙන් ගිලිහේ. (මධ්‍යම ප්‍රාඥයා).
5. (තීක්ෂ්ණ ප්‍රාඥයා) කැළඹිල්ලට පැමිණේ නම් කිළිටි නො වේ නම් භාවනාවෙන් නො පිරිහේ.
කැළඹිල්ලට ද නො පැමිණේ නම් සිත කිළිටි නො වේ නම් චිත්ත භාවනාවෙන් නො ගිලිහේ.
6. මේ කරුණු සතරින් ඕභාසාදි දශවිධ උපක්ලේශ කාරණයෙහි සිතේ හැකිළීම, කැළඹීම ආදියෙන්
විරෝධයට පමුණුවන ලද සිත දක්ෂ වූ යෝගී තෙමේ මැනැවින් දැන ගනියි.
සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ සිංහල පටිසම්භිදා මග්ගප්පකරණය ඇසුරිනි |