UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

බෝ සෙවණ:

පුද්ගල විවිධත්වය

ලොව්තුරා අමාමෑණී බුදුපියාණන් වහන්සේ දේශනා කළාවූ ශ්‍රී සද්ධර්මය සරවකාලීන වූ දහමක් වේ. උන්වහන්සේ පුද්ගල ස්වභාවය අධ්‍යයනය කරමින් ධර්මය දේශනා කළ සේක.අඳුරෙන් අඳුරට යන පුද්ගලයන්ද, අඳුරෙන් එළියට යන පුද්ගලයන්ද සිටින බවට බුදුරජාණන් වහන්සේ වදාළ සේක.  පුද්ගල ස්වභාවය අනුව යම් යම් උපමාවන් භාවිත කරමින් ධර්ම කාරණා පැහැදිලි කළ අවස්ථාවන් දක්නට ලැබේ. ඇතැම් දිනවල ගොරවනවා මිස එක වැහි බිඳුවක් වහින්නේ නැත. අහසට සාප කරන ඇතැම් පුද්ගලයන්ද ගර්ජනා කරනවා මිස ප්‍රතිපලදායක වැඩක් කරන්නේ නැත. කතාව පමණ ය. වැඩක් නැත. කතාව දෝලාවෙන් ගමන පයින්ය. ගර්ජනා කරන වැහි වළාකුළු මෙන්ය. ඇතැම් වළාකුළු ගර්ජනා නොකළ ද වර්ෂාව ලැබේ. නමුත් අප එම වැස්සට කැමැති නැත. ඇතැමුන් ගර්ජනා නැති වුව ද කළ යුතු කාර්යභාර්ය ඉෂ්ට කරන පුද්ගලයන් බව මතක තබාගත යුතු ය. ඔවුන් කළ යුතු කාර්ය කරන, වැඩිය යුතු දෙය වඩන, සාක්ෂාත් කළ යුතු දෙය සාක්ෂාත් කරන, අවබෝධ කළ යුතු දෙය අවබෝධ කරගන්නා පුද්ගලයන් ය. එවැනි පුද්ගලයන් ලෝකයට නොපෙනෙන නිසා ප්‍රයෝජනයක් ලබාගැනීම ද අපහසුය. කැලයට පිපුණ මල් මෙන්ය. මානව සම්පත කළමනාකරණය කිරීමේ දී එවැනි පුද්ගලයන් පිළිබඳ සැලකිළිමත් විය යුතු ය. ගොරවන්නේත් නැති ,වහින්නේත් නැති වැහිවළාකුළු ඇති බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]