UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ධර්ම දේශනාව:

බොරු කියන්නාට කළ නොහැකි පාප කර්මයක් නැත

‘එවමෙව ඛො රාහුල, යස්ස කස්සචි සම්පජාන මුසාවාදෙනත්ථි ලජ්ජා, නාහං කස්ස කිඤ්චි පාපං අකරණීයන්ති වදාමි’

අද ධර්මදේශනාවෙන් ඔබට පැහැදිලි කර දීමට බලාපොරොත්තු වන්නේ මජ්ඣිම නිකායේ සැට එක් වන සූත්‍රය වන අම්බලට්ඨිකා රාහුලෝවාද සූත්‍රයේ සඳහන්වන වැදගත් කාරණයක් පිළිබඳවයි. මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ රාහුල පොඩි හාමුදුරුවන්ට දේශනා කළ සූත්‍රයක්. රාහුල පුංචි හාමුදුරුවන් පිළිබඳව අප කවුරුත් හොඳින් දන්නවා. බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කළ අවස්ථාවේ යසෝධරා දේවිය තම සත් හැවිරිදි පුතු රාහුල කුමරුට බුදුරජාණන් වහන්සේ හඳුන්වා දී උන්වහන්සේගෙන් තමාට හිමි දායාදය ඉල්ලා ගන්නා ලෙස කියා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා. තම උරුමය ඉල්ලා සිටි රාහුල කුමාරයාට දිය හැකි උතුම්ම දායාදය හිමිකර දීම සඳහා ඔහු පැවිදි කරවන ලෙස සැරියුත් හිමියන්ට නියම කළා. ඒ වන විට බුදු සසුනේ පැවිදිව සිටි විසිදහසක් පමණ වූ සියලුම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ විසින් ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යාවෙන් පැවිදි කළ අයයි. යමෙක් තමාට පැවිදිවීමට අවශ්‍යයයි බුදුරජාණන් වහන්සේට දැනුම් දුන් විට තමන් වහන්සේගේ දකුණූ ශ්‍රී හස්තය දිගු කොට, මහණ, මෙහි එන්න. දුක මැනවින් දුරුකර ගැනීම සඳහා ශාසන බ්‍රහ්ම චරියාවේ හැසිරෙන්න යයි ප්‍රකාශ කළ විට ඉබේම කෙස් රැවුල් ඉවත් වී සිවුරු පෙරවී හැට වයස් පිරුණු මහරහතන් වහන්සේ කෙනෙක් මෙන් උන්වහන්සේ ඉදිරියේ පෙනී සිටින බව සඳහන් වේ.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]