UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් අරණ

නිර්මාණ තරගය

සදහම් අරණ ළමා සමාජයේ දූ දරුවනි, ළමා සමාජයේ මෙතෙක් සාමාජිකත්වය දැරූ ඔබ වෙනුවෙන් ගද්‍ය, පද්‍ය තරගාවලියක් පැවැත්වීමට තීරණය කළෙමු. පළමු ශ්‍රේණියේ සිට හතර ශ්‍රේණිය දක්වා “රාහුල පොඩි හාමුදුරුවෝ”, පහ ශ්‍රේණියේ සිට අට ශ්‍රේණිය දක්වා “පන්සිල් රැකීමේ අනුසස්”, නවවන ශ්‍රේණියේ සිට දහතුන් වැනි ශ්‍රේණිය දක්වා බුදු දහමයි – පරිසරයයි යන මාතෘකා යටතේ තරගය පැවැත්වෙයි. රචනා එවීමේ දී වචන 150 කට සීමා කරමින් නිර්මාණාත්මක නිර්මාණ අප වෙත එවන්න. හොඳම නිර්මාණ තුන උදෙසා තෑගි පිරිනැමේ. ඔබගේ සාමාජික අංකය වන්නේ නමට ඉදිරියෙන් පළකළ අංකය යි. නිර්මාණ අමාවක, අව අටවක, පසළොස්වක, පුර අටවක බුදුසරණ කලාපයන්හි පළ කරන්නෙමු. සංස්කාරිකා, “සදහම් අරණ”, බුදුසරණ පුවත්පත, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට නිර්මාණ එවිය හැක.


ළමා සමාජයේ සාමාජිකයෝ

158. පොල්ගහවෙල - ශ්‍රී ගුණානන්ද දහම් පාසලේ
01 ශ්‍රේණියේ
අයි.පී. සෙතුන් සන්සන ජයසුන්දර

159. මාළඹේ - ශ්‍රී රාහුල බාලිකා විදුහලේ
02 ශ්‍රේණියේ
සිතුමිදි සදින්නා පෙරේරා

160. පුස්සැල්ලෑව - ශ්‍රී සීලානන්ද දහම් පාසලේ
06 ශ්‍රේණියේ
ඩබ්. එම්. එස්. භාග්‍යා

161. කඩවත - ශ්‍රී රතනපාල ධර්ම විද්‍යාලයේ
06 ශ්‍රේණියේ
චනිත මනුජිත්

162. වටරැක - සිරි සම්බෝධිය දහම් පාසලේ
එන්. ඩබ්. ආර්. එස්. දිවානි නවරත්න

163. බුත්පිටිය – කැල/ බුත්පිටිය ප්‍රාථමික විදුහලේ
4 ශ්‍රේණියේ
ඩබ්.ඒ. කෞශල්‍යා නුහුබානි

164. වීරපාන - ශ්‍රී ඥාණෝදය දහම් පාසලේ
2 ශ්‍රේණියේ
කේ. කේ. අනුත්තරා


නිවසේ මිණි පහන

උදයට පහන නම් හිරු දෙවි නොවේදෝ
සවසට පහන නම් සඳ දෙවි නොවේදෝ
වනයට පහන නම් වන මල නොවේදෝ
ගෙදරට පහන අපෙ අම්මා නොවේදෝ

කාටත් එකසේ සලකන වැසි වළාවන්
මා සිත් පුබුදුවන නව සඳ කලාවන්
යහපත් ගුණෙන් පරිපූර්ණ වුනාවෙන්
ජාතිත් මගේ අම්මා වාසනාවන්

එම්.ඒ.දිනද ලෝනිත
5 ශ්‍රේණිය,
මා/සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විද්‍යාලය. මාතලේ.


අපේ පුරාණ විහාරය

ශ්‍රී බෝධිරාජාරාම පුරාණ විහාරය ගම්පොළ පුස්සැල්ලාව ග්‍රාමයේ පිහිටා ඇත. පුස්සැල්ලාවේ වජිරඤාණ හිමියන් විහාරස්ථානය දියුණු කිරීමට ඉමහත් පරිශ්‍රමයක් දරයි. පුරාවිද්‍යා පර්යේෂණ අනුව මෙම විහාරස්ථානය තුළ වැඩවසන උතුම් බෝධි රාජයාණන් වහන්සේ බොහෝ ඉපැරණි බව සැළවේ. මහනුවර යුගයේ අවසන් භාගයේ නිමකරන ලද සිතුවම්, දඹ රන් පිළිමයක් සමඟ ධාතුන් වහන්සේලා වැඩ සිටින ඉපැරණි විහාරස්ථනයකි. මෙහි වැඩ සිටින ධාතුන් වහන්සේ වසර පහකට වරක් ජනතාවට වන්දනා කර ගැනීමට අවස්ථාව ලැබේ. විහාර මන්දිරය සමඟ බෝ මළුවේ වැඩ වෙසෙන චෛත්‍යරාජයාණන් වහන්සේ, හිිටි පිළිම වහන්සේ විහාරයට ගෞරවයක් එක් කරයි. සීලානන්ද දහම් පාසල තුළින් අගනා සාරධර්ම, ගුණ ධර්මවලින් යුතු දරු කැලක් අනාගතයට බිහි කිරීමට මහත් පරිශ්‍රමයක් දරයි. ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ශාසනික මෙහෙවර කරන සියලුම ස්වාමින්ද්‍රයන් වහන්සේලාට දීර්ඝායු පතමි.

ඩබ්.එම්.සෙව්මිණී භාග්‍යා වීරක්කොඩි ,
06 ශ්‍රේණිය,
ශ්‍රී සීලානන්ද දහම් පාසල,
පුස්සැල්ලාව .


සෝපාක පොඩි හාමුදුරුවෝ

දඹදිව ජීවත් වූ චන්ඩාල කුලයට අයත් දිළිඳු පවුලක් විය.කුළුඳුල් දරුවා සෝපාක ය. ඔහු කුඩා අවදියේ තම පියා මිය ගියේ ය.

පුංචි සෝපාකගේ මව තවත් ආවාහයක් කර ගත්තා ය. සෝපාකගේ මවට තවත් දරුවෙක් ලැබුණි. අම්මාගේත්, බාප්පාගේත් වැඩි ආදරයක් ලැබුණේ පුංචි මල්ලීට ය. දිනක් සෝපාක මල්ලී සමඟ දබර විය. මල්ලි හඬමින් මවුපියන්ට එය කියන්නට විය. කිපුණු බාප්පා සෝපාක ගෙදරින් පිටමං කිරීමට උපායක් යෙදී ය.

රාත්‍රියේ සෝපාක සොහොන් පිටියකට ගෙන ගොස් එදා ම එහි ගෙනැවිත් දමා තිබූ මළ මිනියකට තබා බැඳ දැමුවේ ය.

පුංචි සෝපාක තනි විය. බියට පත්විය. අඬන්නට පටන් ගත්තේ ය. ජේතවනාරාමයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ ඍද්ධි බලයෙන් සෝපාක දුටු සේක. උන්වහන්සේ සෝපාක සිටින වනාන්තරයට ආලෝක ධාරාවක් නිකුත් කර “සෝපාක නැගිටින්න, බය වෙන්න එපා මම ඔබ බේරා ගන්නම්” යැයි වදාළ සේක.

සෝපාක ආලෝකය දෙසට ගමන් කළේ ය. බුදුරජාණන් වහන්සේ සෝපාකට දහම් වදාළහ. සෝපාක දහම් අසා පැවිදි විය. එදා පුංචි සෝපාක හාමුදුරුවන්ට සතුටක් දැනුණි. උන්වහන්සේ සියලු දේ අනිත්‍ය බව වටහා ගනිමින් බවුන් වඩා උතුම් වූ රහත් ඵලයට පත් වූ සේක.

කිසාන් රන්සික අමරසිංහ,
4 වසර,
සිරි වජිරාරාම දහම් පාසල
බම්බලපිටිය.


නිසල නොවේ මා සිත

සසර ගමනේ අතර මං වී
දැවෙන සතහට සිසිල දෙනුවස්
කුමරු සිදුහත් එදා නික් මී
ගියේ සත්‍ය සොයා ගන්නයි

එදා ඒ ලෙස බුදුන් ගිය මඟ
පිළිවෙතින් පෙළගැසී යන්නට
කසාවත ගත දැරුවේ අම්මේ
සසර මෙතෙකින් නිම කරන්න ද?

හද කකියනා දෑස රිදවන
වේදනාවක් ඇයි දැනෙන්නේ
මවුනි තවමත් කසාවත ළඟ
නැහැනෙ මගෙ සිත නිසල වන්නේ

එල්.ජී.රොෂාන් චතුරංග
8 ශ්‍රේණිය,
සිරිධම්ම විද්‍යාලය
ලබුදුව.


තුරුලතා රැක ගනිමු

පරිසරය මනුෂ්‍යයා සතු උතුම් දායාදයකි. මානව වර්ගයාගේ යහපැවැත්මට අත්‍යවශ්‍ය වූ විවිධ ශක්තින්ගෙන් පිරිපුන්, සැකැස්මෙන් හා ක්‍රියාකාරීත්වයෙන් විවිධ වු එය සොබා දහමෙහි විශ්මිත නිමැවුමකි. භෞතික පරිසරයෙහි සමතුලිත බව රකින සුන්දරත්වය ඔප් නංවන සත්ත්වයන්ගේ ජීවනාලිය වන ගස් වැල් වැවීම මහා පින්කමක් බව බුදුදහම උගන්වයි. බුදුරජාණන් වහන්සේ තුරුලතා ඇසුරෙහි ඉපිද ,බුදු වී පිරිනිවන් පෑ ශාස්තෘන් වහන්සේ නමකි.

එසේම නිරතුරුවම තුරුලතා ඇසුරෙහි ම වැඩ සිටිමින් දහම් දෙසූ අසම සම ආචාර්වරයෙකි. අපි සැම ද උන්වහන්සේගේ ආදර්ශය ගෙන තුරුලතාවන්ට ආදරය කරමින් ඒවා ආරක්ෂා කිරීමට පෙළ ගැසෙමු.

එච්.එම්.සිව්මාලි නෙත්මි කාව්‍යා
8 ශ්‍රේණිය,
ශ්‍රී ධර්මෝදය දහම් පාසල
රිකිල්ලගස්කඩ.

 

 


දහම් අධ්‍යාපනයේ වැදගත්කම

දහම් අධ්‍යාපනය අද සමාජයට ඉතා වටිනා දෙයකි. අද මිනිසුන් සමාජයට අහිතකර දේ සිදු කරයි. සමාදන් වන සිල්පද බිඳ දමයි. දහම් පාසල් නො යන ළමෝ ද සිටිති. සමහර ළමයි ගුරුවරුන්ට, පන්සලේ වැඩ සිටින ස්වාමීන් වහන්සේට, මවුපියන්ට නො සලකති. ගෞරව නො කරති. සාරධර්ම නො දන්නා දරුවා පිරිහේ. “සාරධර්ම” යනු ඉතා වටිනා ගුණ ධර්මයි. අපට සාරධර්ම ඉගෙනීමට දහම් පාසල් අධ්‍යාපනය අත්‍යවශ්‍ය යි. පොතෙන් ඉගෙන ගන්නා දෙයට වඩා සමාජයෙන් ඉගෙන ගැනීමට ඇති දේ බොහෝ ය. දහම් අධ්‍යාපනය හදාරන දරුවන් නම්‍යශීලි වේ. “හිටියොත් හොඳට හැඳී දෙවියොත් නමට වඳී” යනුවෙන් පැරැණි කියමනක් ද ඇත.

එම්.චමෝද්‍යා වසීනා සිතුමිණි
8 ශ්‍රේණිය,
ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය ,
වැලිහිඳ.

 

 

 


අපේ බණ මඩුව

ටී.එච්.සදීප පෙරේරා ,
7 ශ්‍රේණිය,
ආදර්ශ පිරිමි විදුහල,
ජයවඩනගම.

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]