UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පන්නිපිටිය පැලැන්වත්ත සත්බුදු මහ වෙහෙර පුණ්‍ය භූමියෙහි ඉදි කරන ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල මහ සෑයෙහි කොත්වහන්සේ නිරාවරණය කිරීමේ පුණ්‍යෙීත්සවය ඉකුත් දා (09) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. විහාරාධිපති පන්විල ශ්‍රී සෝරත නා හිමියන්ගේ 70 වන ජන්ම දිනය වෙනුවෙන් ඉදි කළ සිතුවම් සහිත උමං ගෙය නා හිමිවරුන් ප්‍රධාන අගමැතිතුමන් අතින් විවෘත විය. එම උත්සව සභාවේ මුලසුන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක නාපාන පේමසිරි මහ නා හිමියන් හෙබවීය. නාපාන පේමසිරි මහා නා හිමි, පන්විල සෝරත නා හිමි අනුශාසනා පැවැත්වූ අතර අග්‍රාමාත්‍ය තුමා එම දහම් හමුව ඇමතී ය.

 

 

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි

ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. බෞද්ධ බුද්ධි මණ්ඩලය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ 9 වන අවස්ථාව මෙය වන අතර පසුගිය රැස්වීම්වලදී සාකච්ඡා කළ කරුණු ඉදිරියට ක්‍රියාත්මක වන අන්දම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. පිරිවෙන් සඳහා ඩෙස් බංකු ලබාදීමට ආරම්භ කර තිබෙන වැඩසටහන යටතේ ඩෙස් බංකු කට්ටල දස දහසක් පමණ මේ වන විට සකස්කර අවසන්ව තිබෙන අතර ඉදිරියේ දී ඒවා පිරිවෙන් සඳහා බෙදාදීමට හැකි බව සඳහන් කෙරිණි. එමෙන්ම බුද්ධ ජයන්ති නව ත්‍රිපිටක ග්‍රන්ථ සංස්කරණය සහ මුද්‍රණය පිළිබඳ ප්‍රගතිය ද සාකච්ඡාවට බඳුන් විය. පුස්කොළ පොත් සංරක්ෂණය සඳහා ගෙන යන වැඩපිළිවෙළ හා ඒ සඳහා නව පුස්තකාලයක් ඉදිකිරීමේ යෝජනාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. ජනවර්ග අතර අන්‍යෝන්‍ය අවබෝධය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් පිළිබඳව ද අවධානය යොමු වූ අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අන්තර් ආගමික කමිටු පිහිටුවීම සහ ඒ සඳහා ආගමික නායකයින්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීම පිළිබඳව ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ විශේෂ සාකච්ඡාවට බඳුන් විය.

ඉතිරිය»

 

දුරුතු පුර අටවක පෝය 


දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා පූර්ව භාග 02.44 ට ලබයි. 27 වන දා බදාදා පූර්ව භාග 2.44 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 26 වන දා අඟහරුවාදාය.

 

මීළඟ පෝය දුරුතු පුර පසළොස්වක ජනවාරි 01 වන දා සඳුදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 26

Full Moonපසෙලාස්වක

ජනවාරි 01

Second Quarterඅව අටවක

ජනවාරි 08

Full Moonඅමාවක

ජනවාරි 16


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]