සදහම් දැනුම

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක් ද? යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.
    (බුදුසරණ 2015.12.18)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කවරෙක්ද? යන්න ලොව හමුවෙහි තැබූ අවස්ථා කිහිපයක් පිළිබඳව සටහන් කරන්න.
    (බුදුසරණ 2015.12.10)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය –පුත් කුමරෙකු උපන් පුවත පිළිබඳ සාමාන්‍ය නිම්හිම් නැති පී‍්‍රතියෙන් ඉල්පී යන පුවතක් වුවද, සුවිශේෂ ගණයේ පියකු වූ සිද්ධාර්ථ නම් පියාගේ සිතට වැටහී ගියේ ඊට වඩා ගැඹුරු දැක්මක් ඒ තුළ සැඟවී ඇති බවයි. එතුමා කල්පනා කළේ සිය පළමු හා එකම දරුවා – රාහු – (බාධාවක) බැඳීමක් ලෙසය. (රාහුලො ජාතො – බන්ධනං ජාතො) සුද්ධෝදන රජතුමා ඒ වචනයට අනුව තම මුණුබුරාට රාහුල යැයි නම් කළේය. සිදුහත් පියාණන්ගේ මෙම බෝසත් කල්පනාව පිළිබඳ ව සමාලෝචනයක් කරන්න.
    (බුදුසරණ 2015.12.03)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – අනුරාධපුර ශාසනික ඉතිහාසයේ චේතියගිරිය, මිස්සක පබ්බත සෑගිරිය යන නම්වලින් හැඳින්වෙන ස්ථාන කුමක්ද?
    (බුදුසරණ 2015.11.19)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතය අවස්ථා 04 කට බෙදා දක්වන ලදී. මේවා චතුරාශ්‍රම ධර්ම යන නමින් ද එකල ව්‍යවහාර විය. මොනවාද මේ චතුරාශ්‍රම ධර්ම. .
    (බුදුසරණ 2015.11.11)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – ව්‍යවහාර ලෝකයේ සැප දෙකකි. ඒ මොනවාද? පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.11.03)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය -
    එතෙ ඛො සංගහා ලොකෙ
    රථස්සාම තීව යායතො
    එතෙ ඛො සංගහා නස්සු
    න මාතා පුත්ත කාරණා
    ලංහථ මානං පූජං වා
    පිතාවා පුත්ත කාරණා

    සිංහල අදහස පැහැදිලි කොට අංකිත පද (ඉරි ඇඳි ) පදවලට පරිකථා (විවරණ) ලියන්න.
    (බුදුසරණ 2015.10.20)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය :–මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වු දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි එව“ තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුනාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි”යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න. 
    (බුදුසරණ 2015.10.12)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය :– පංචසීලයෙහි දෙවැන්න ‘අදත්තාදාන නමින් හැඳින්වෙන පාප ක්‍රියාවකි. ‘අදින්නාදාන’ යන පාලි වැකියෙහි එන පරිදි ‘අදින් යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. “දීයතීති’ දානං “දීම” “පරිත්‍යාගය” පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍රවූ දේශනා ඇතුළත්ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන, ධර්ම දාන, සප්පුරිස දාන ආදි වශයෙන් විවිධ වූ විස්තර ඇතුලත්ව ඇත. මේවා අතරින් එක් තැනක් බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා යනුවෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.10.04)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය :– පංචසීලයෙහි දෙවැන්න ‘අදත්තාදාන නමින් හැඳින්වෙන පාප ක්‍රියාවකි. ‘අදින්නාදාන’ යන පාලි වැකියෙහි එන පරිදි ‘අදින් යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. “දීයතීති’ දානං “දීම” “පරිත්‍යාගය” පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍රවූ දේශනා ඇතුළත්ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන, ධර්ම දාන, සප්පුරිස දාන ආදි වශයෙන් විවිධ වූ විස්තර ඇතුලත්ව ඇත. මේවා අතරින් එක් තැනක් බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා යනුවෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.10.04)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - (සං.නි. 04 සගය්හ සූත්‍ර 256 පිට බු.ජ.මු) ජනසම්මත දුක පිළිබඳව බුද්ධ දේශනාවකි. මේ රූපා, සද්දා, රසා, ගන්ධා, ඵස්සා, ධම්මාච කෙවලා ඉට්ඨා, කන්තා මනාපාච යාවත්ත්ථිති වුච්චති. සදෙවකස්ස ලොකස්ස එතෙවො සුඛ සම්මතා යත්ථ චෙතො නිරුජ්ඣන්ති තං තෙසං දුක්ඛ සම්මතං දෙවියන් සහිත ලෝකයා සැපය ලෙස සම්මත කරගනුයේ යම්තාක් ඇතැයි සිතන පි‍්‍රය කැමැති මන වඩන රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ යන ධර්මයෝය. මේ කාමගුණ යම් තැනෙක නැතිද එය ඔවුනට දුක්ඛ සම්මතයකි.” මෙම ජන සම්මතය පටිසෝතගාමී (වෙනස් මගකට යොමුකරළීම, බුදුන් වහන්සේ ගේ කාර්ය විය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.09.21)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – බුදුරජාණන් වහන්සේ සත්‍ය ධර්මයේ පණිවිඩය වැඩි පිරිසකට කඩිනමින් ලබාදීම සඳහා එක් සැටනමක් වූ රහතන් වහන්සේලා ප්‍රථම ඇමතීම කුමක්ද ?
    (බුදුසරණ 2015.09.12)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    නිවන සඳහා නොපවත්නා පස් නීවරණ කෙනෙක් (අනිබ්බාන සංවත්තනිකා නීවරණ) ඇත. ඒ මොනවාද, ඒ නීවරණ පස මිනිසාට කරන අයහපත මොනවාද?
    (බුදුසරණ 2015.09.05)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය –කසීපුර බරණැස ඉසිපතනය බලා පිටත් වු තථාගතයන් වහන්සේට ගයාවටත් බෝමැඩටත් අතර 'උපක' නම් ආජීවකයෙකු හමුවිය. ඔහු බුදුරදුන් අමතා ඇවැත්නි, ඔබගේ ඉඳුරන් බොහෝම ප්‍රසන්නය. ඡවි වර්ණය පිරිසුදුය. පැහැසරය.

    කවරෙකු උදෙසා පැවිදි වූයෙහිද? කාගේ ධර්මය රුචිකරන්නෙහිදැයි විමැසීය. (ආර්ය පරියේසනය සූත්‍ර)

    උන්වහන්සේ ගේ පිළිතුර වූයේ

    මම සියල්ල අභිභවනය කළෙමි. මම සියල්ල දන්නෙක් වෙමි. සියලු ධර්මයන්හි නොඇලී සියල්ල හැර දමා තණ්හාව ක්ෂය කිරීමෙන් විමුක්තිය තෙමේම සියල්ල දැන කවරෙකු උදෙසන්නෙමි ද? මට ආචාර්යවරයෙක් නැත. මට සමාන කෙනෙක්ද නැත. මම ලොව අර්හත් වෙමි.

    මම ලොව අනුත්තර වෙමි. එකම සම්‍යක් සම්බුද්ධ වෙමි. නිවී සැනසුනෙමි. දම්සක් පැවැත්වීමට කසීපුරයට යමි. දෙවියන් සහිත ලොව දහම් අමාබෙරය වයන්නෙමි.

    උපක – එවිට ඔබ පවසන අන්දමට නම් ඔබ අනන්ත ජින වීමට සුදුසු යැයි කීය.

    බුදුරදහු – ආශාව ක්ෂය කළ මා වැනියෙක් ම ජින වෙයි. මා විසින් පාප ධර්ම බැහැර කරන ලදී. “උපක” එහෙයින් මම ජින නම් වෙමියි භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළහ. දම්සක් පැවැත්වීමට කසීපුරයට යන අතර මග හමු වූ මෙම විශේෂිත හමුවේදී ශ්‍රාවකයා විසින් හිස සලා පිටත්ව යෑමෙන් ඔබට වැටහෙන්නේ කුමක්ද? උපක බුදුන් වහන්සේගේ ප්‍රකාශය තමා ගැන අධි තක්සේරුවක් සේ සලකා පිටත්ව යෑමක්ද? විවරණයක් කරන්න.
    (බුදුසරණ 2015.08.22)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – ගෘහ ජීවිතය අතිශයින් වගකීම් සහිත වූවකි පවුල. සමාජ සංයුතියේ කුඩාම ඒකකය පවුලයි. සමාජයට නව සාමාජිකයන් එක්කරන ආයතනයයි. එම නව සාමාජිකයන් නිරෝගී මානසික තත්වයකින් සමාජයට එවීමෙහි මූලිකම වගකීම මව්පියන් වෙත පැවරෙයි. එම නිසාම අං.නි. සබ්බ්‍රහ්ම සූත්‍රයට අනුව බුදුදහමට ‘පෙර පාසල’ ගෘහයයි. සූත්‍රාගත බුද්ධ දේශනා ඇසුරු කරමින් පවුල් ඒකකයෙහි පවතින වගකීම පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.08.14)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    බුදු දහමට අනුව උතුම් සරණ යෑම යනුවෙන් සඳහන් වන්නේ කුමන පිළිවෙතක්ද?
    (බුදුසරණ 2015.08.07)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    ජිගච්ඡා පරමා රොගා - සංඛාරා පරමා දුඛා
    එතං ඤත්වා යථාභූතං -නිබ්බානං පරමං සුඛං

    පරමාර්ථ වශයෙන් ගත්කළ සියල්ල දුක් වුවද සම්මුති සුවයක් නැතැයි බුදුන් වහන්සේ නොවදාළහ. එබඳු සුඛ” වර්ග රාශියක් ඇති බව බුදුහු වදාළහ. උත්සාහ විය යුත්තේ හීන සැප හැකි තරමින් දුරුකරමින් උතුම් සැප ළඟා කර ගැනීමයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.07.24)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – මහා කාරුණික වූ බුදුරජාණන් වහන්සේ අසරණ වූ දරුවකු දැක අනුකම්පාව උපදවා ආලෝකයක් පතුරුවා ඔහුට පියවි සිහිය ලබා දී, “දරුව මෙහි එව, තථාගතයන් දෙස බලව. රාහුගෙන් සඳ මිදුණාක් මෙන් මම නුඹ මුදා ගන්නෙමි” යි වදාළ සේක. මේ විපතට පත් දරුවා කවුද? බුදුරජාණන් වහන්සේ මොහු මුදා ගත් ආකාරය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.07.15)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - ‘මමායනය යනුවෙන් ධර්මයෙහි සඳහන් වන “මම සැප විඳිමි” යන හැඟීම සත්වයා තුළ පවත්නා තාක් භවයෙන් මිදීම හෙවත් ඉවත් වීමේ කැමැත්ත ඔහු තුළ පහළ නොවේ. මෙය මිථ්‍යා දුෂ්ඨිය (සක්කාය දිට්ඨි) යන නාමයන්ගෙන් ධර්මයෙහි සඳහන් වන අතර එය සත්වයා තුළින් ඉවත් කළ හැකි මාර්ගය කුමක්ද යන්න පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.07.08)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - පරිපටිබද්ධා මේ ජීවිකාති පබ්බජිතෙන අභිණ්හං පච්චවෙක්ඛි තබ්බං (දසධම්ම සූත්‍ර) බෞද්ධ භික්ෂු ජීවිතය සෑම විටම “පරපටිබද්ධ තාවයකින් (අන්‍යයන් හා නිරතුරුව බැඳී පවත්නා) යුක්ත ජීවිතයක් බව සිහි කළයුතුය. පරපටිබද්ධ” පැවිදි ජීවිතය පිළිබඳව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.06.24)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය  - බුදු දහමට අනුව පුද්ගලයා චරිතයෙන් සුචරිත වත් විය යුතුය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.06.16)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - මිනිස් ගති ලක්ෂණ අනුව මානය (උඩඟුකම) අත්හල යුතු දුර්ගුණයකි. බුදුරජාණන් වහන්සේගේ අනුසාසනාවට අනුව අනිත්‍ය දුඛ්‍ය අනාත්ම වශයෙන් ස්කන්ධ පංචකය දෙස බලන විට (යථාභූත භ්‍රමණ දර්ශනය) ඇති තතු නොවැටහීම හේතුවෙනි. මෙම දුර්ගුණය මිනිසා වෙත ළංකර ගනී. මානයෙහි විවිධ බව ධර්ම සාහිත්‍ය නොයෙක් තැන සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.05.25)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය
    ජිගච්ඡා පරමා රොගා
    සංඛාරා පරමා දුඛා
    එතං ඤත්වා යථාභූතං
    නිබ්බානං පරමං සුඛං
    පරමාර්ථ වශයෙන් ගත්කල සියල්ල දුක් වුවද සම්මුති සුවයක් නැතැයි බුදුන් වහන්සේ , නොවදාළහ. එබඳු සුඛ වර්ග රාශියක් ඇති බව බුදුහු වදාළහ. උත්සාහ විය යුත්තේ හීන සැප හැකි තරමින් දුරු කරමින් උතුම් සැප ළඟා කර ගැනීමයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.05.17)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍ර දේශනාවන්හි එන පරිදි බුදුරජාණන් වහන්සේගේ මීළඟ අදහස වූයේ තමා අවබෝධ කරගත් ධර්මය ප්‍රථමයෙන් දේශනා කළ යුත්තේ කාටද? කවරෙක් වහා මේ ධර්මය වටහාගැනීමට සමත් වෙයිද? යන කරුණු පිළිබඳවය. සූත්‍රයෙහි යොමුගත කරුණු අනුව ප්‍රථම ශ්‍රාවකයා කවුරුන් ද? යන්න තෝරා ගැනීම වඩාත් යෝග්‍ය තැනැත්තා කවුද ? යන්නය. බුද්ධ ධර්මයේ ආරම්භය බෝධිමූලය වන අතර බුද්ධ ශාසනයේ ආරම්භය මෙසේ ප්‍රථම ශ්‍රාවක පිරිසෙන් ආරම්භ විය. (සමණා සක්‍ය පුත්තියා) ශාක්‍යපුත්‍ර වූ බෞද්ධ ශ්‍රාවක පිරිස එදා සිට අද දක්වා පරිවර්තන විපරිවර්තන වෙමින් පවතියි. මුල් යුගයේ බෞද්ධ ශ්‍රාවක පිරිස පිළිබඳව හැඳින්වීමක් කරන්න.
    (බුදුසරණ 2015.05.11)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බෝසතාණන් වහන්සේ සසර බොහෝ දීර්ඝ කාලයක් බුද්ධත්වය පතා දුෂ්කර චර්යාවන්හි යෙදෙමින් ලත් බිහිසුණු අත්දැකීම් රාශියක් සැරියුත්, තෙරුන් සමඟ පවසා තිබේ. සසුනෙන් බැහැරව ගිය ලිච්ඡවී පුත්‍ර සුනක්ඛත්ත මුල්කොටගෙන ඇති වූ සාකච්ඡාවෙහි දී සීහනාද සූත්‍රය දේශනාකොට ඇති බව එහි නිදාන කථාවෙන් පැහැදිලි වේ. එහිදී බුදුරජාණන් වහන්සේ සසර දිගු කලක් අත්හදා බැලීමෙන් පර්යේෂණයෙන් ප්‍රායෝගිකව ඥාන දර්ශනය ලබාගත් බව කටුක අත්තකිලමතානුයෝගී ප්‍රතිපදාවලින් එය නොලැබිය හැකි නිසා ඒවා ප්‍රතික්ෂේප කළ බවත් සැරියුත් තෙරුන්ට පැහැදිලි කළහ. මෙහිදී බෝධිසත්ත්වයන් වහන්සේ ප්‍රායෝගිකව සිදුකළ අත්තකිලමථානු යෝගය (දුෂ්කරක්‍රියාව) පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.04.25)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අරභයා දේශනා කොට වදාළ ජාතක කථා දේශනාව කුමක්ද?
    (බුදුසරණ 2015.04.18)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක තෙරුන් වහන්සේ අරභයා දේශනා කොට වදාළ ජාතක කථා දේශනාව කුමක්ද?
    (බුදුසරණ 2015.04.12)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - සකල සත්වයා කෙරෙහි හිතානුකම්පාව දැක්වීම බෞද්ධ ඉගැන්වීම බව “සබ්බේ සත්තා” සංකල්පය පෙළ දහමෙහි අවධාරණය කෙරේ. සූත්‍ර දේශනා ඇසුරෙන් මෙය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.03.27)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – හිමාලවාසි තවුස් පිරිසක් විසින් බුදුරදුන් ලොව පහලව සිටිතියි ඇසූ සිටුවරුන් තිදෙනෙක් බුදුන් වහන්සේ දැක බණ අසා සෝවාන් වූහ. මේ සිටුවරු තිදෙනා කවුද?
    (බුදුසරණ 2015.03.20)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – ධම්මපද ග්‍රන්ථයෙහි එන 20 වන වර්ගයේ දෙවන ගාථාවය. සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.
    (බුදුසරණ 2015.03
    .13)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – බොහෝ බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ වෙත ගෞරවාදරයෙන් බුද්ධ පූජාව අප්‍රමාණ භක්තියකින් සිදු කිරීමට ඉදිරිපත් වෙනවා. බුද්ධ පූජාව ශ්‍රාවකයෙකු විසින් පැවැත්විය යුතු ආකාරය, පිළිබඳ බුදුරජාණන් වහන්සේ ජීවමානව සිටි අවධියෙහි දීම එක්තරා ශ්‍රාවකයෙකුට දුන් අවවාදයෙන් වඩාත් පැහැදිලි වෙයි. මෙම සිදුවීම පිළිබඳ විස්තරයක් කරන්න. .
    (බුදුසරණ 2015.02
    .25)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – ‘මහණෙනි, මනෝ සංචේනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත් පසු තව දුරටත් කළ යුතු කාර්යයක් නැතැයි කියමි.

    ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා ඉන් එහා කළ යුත්තක් නැත.

    මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරන්න.
    (බුදුසරණ 2015.02
    .18)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – හීන –ග්‍රාම්‍ය, පෘථග්ජන ,අනාර්ය,අනර්ථ සංහිත නිසා කාමසුඛල්ලිකානු යෝගයත් දුක්ඛ ,අනාර්ය, අනර්ථ සංහිත නිසා අත්තකිලමථානුයෝගයත් නොසෙවිය යුතු අන්ත දෙකක් ලෙසින් බැහැරලන “ධම්ම චක්කප්පවත්තන සූත්‍රය” සෙවිය යුතු නිවැරැදි මග ලෙස “මජ්ක්‍ධිමා පටිපදා” නමින් හඳුන්වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉදිරිපත් කරයි. මේ ප්‍රතික්ෂිප්ත අන්තද්වයෙහි ම පොදු ලක්ෂණ දෙකක් වූ අනාර්ය බවත් අනර්ථ සංහිත බවත් ඉක්මවා සිටීම එම අන්තවාදයන්ගෙන් මජ්ක්‍ධිමා පටිපදා නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය විශේෂයෙන් වෙන්කොට දක්වන හේතුව වන නිසා ආර්ය හා අර්ථ සංහිත බව එහි විශිෂ්ට ලක්ෂණ දෙක වන්නේය. පැහැදිලි කිරීමක් කරන්න.
    (බුදුසරණ 2015.02
    .12)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – තථාගතයන් වහන්සේ ගොඩනැගූ සමාජවාදී ප්‍රජාතාන්ත්‍රික සමාජය නම් සංඝ සංස්ථාවයි. බෞද්ධ ආරාමික සංස්ථා සියල්ලක් ම මේ ලක්ෂණ මත පදනම් වී ඇති බව විනය පිටක විමර්ශනය කිරීමෙන් පැහැදිලි වෙයි. සංඝ සංවිධානයෙහි ආරම්භය සහ අරමුණු පැහැදිලි කරමින් විමසීමට ලක් කරන්න.
    (බුදුසරණ 2015.01
    .27)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට අද දක්වා පැතිරී ඇති කාල පරාසය තුළ සිංහල භික්ෂු සමාජයේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න.
    (බුදුසරණ 2015.01
    .20)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කර ගනී. එම සමාජය ස්ව ශක්තිය (සක්කෝ) මෙන් ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන්කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කතාවලින් බුදුදහමේ ගමන් මඟ හුදු කල්පිතයක් නොවන බව පැහැදිලියි. සමාජය දුරාචාරය ද ආරම්භ වන්නේ මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්තු අධම සමාජය බිහි කරන්නේ ද මිනිසා විසින් ම ය. එය දුශ්චරිත සමාජයකි. එවිට තිරිසනා මුල්කොට ගෙන බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම, හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2015.01
    .13)