UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය -
මිනිස් ගති ලක්ෂණ අනුව මානය (උඩඟුකම) අත්හල යුතු දුර්ගුණයකි. බුදුරජාණන් වහන්සේගේ අනුසාසනාවට අනුව අනිත්‍ය දුඛ්‍ය අනාත්ම වශයෙන් ස්කන්ධ පංචකය දෙස බලන විට (යථාභූත භ්‍රමණ දර්ශනය) ඇති තතු නොවැටහීම හේතුවෙනි. මෙම දුර්ගුණය මිනිසා වෙත ළංකර ගනී. මානයෙහි විවිධ බව ධර්ම සාහිත්‍ය නොයෙක් තැන සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර -
තමන් හා අනුන් මැන ගැනීම ආකාර තුනකට දක්නට ලැබෙන බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි.

තමා උසස් ලෙස සිතීම - සෙයෙපහමස්මි , තමා සමාන කොට සිතීම - සදිසොහමස්මි

තමා හීන ලෙස සිතීම – හිනොහමස්මි , මානය -සප්ත ආකාරයකට සඳහන් වෙයි.

මානය – (උඩගුකම / අහංකාර) මාන , අභිමානය – අභිසානො

මානාතිමානය – මානාතිමානො

අවමානය – ඔමානො , අධිමානය – අධිමාන , අස්මි මානය – අස්මිමානො , මිථ්‍යා මානය – මච්ඡානො

ප්‍රශ්නය -
අයං වස්සාන කාලෝ මේ වස්සාන කාලයයි. වස් කාලය අවසානය චීවර මාසය හෙවත් කඨින මහා පින්කම් ආරාමවල සිදුකරන කාලයයි. මෙම පින්කම්වලදී කප්රුක් පූජාවද බොහෝවිට අපට දක්නට ලැබෙයි. කප්රුක් කල්පවෘක්ෂ සිතූපැතූ සම්පත් ලබාදෙන වෘක්ෂයක් වශයෙනි. විසුද්ධිය මාර්ග ග්‍රන්ථයේ විස්තර කොට ඇත. කප්රුක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර -
සත්ත කප්ප රුක්ඛානි කප්රුක් හතක් බෞද්ධ ධර්ම ග්‍රන්ථවල සටහන්ව ඇත. එනම්,

පාටලී - සිම්බලී – ජම්බු - පාරිචත්ත , කදම්බ - සිරිස - කප්පරුක්ඛ

ප්‍රශ්නය -
බුදුදහමට අනුව සංවාද, විවාද, ධර්මය පිළිබඳ ගැටලු තුන් නිරාකරණය සඳහාත් ධර්මයෙහි එහි පස්සික ගුණය වඩාත් වැදගත් වෙයි. සංවාද විවාද වලින් ධර්මඥාන උදාකර ගැනීමට ද බෙහෙවින් පිටිවහලක් වෙයි. එහෙත් නූගත්කමින් මතභේද ඇතිකරලීම සඳහා විවාද කර ගැනීම සමාජය භේද භින්නවීමට හේතු සාධක වනු ඇත. පෙළපොතෙහි සඳහන් වන විවාදාපන්න කරුණ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.

පිළිතුරු -
ක්‍රෝධය – ද්වේෂය (කෝපය) – ඊර්ෂ්‍යාව , කපටිකම – පාපකාමී (කෝපය) – (පාපිඩ්ස්තා)

ස්වමතය (තම මතය) දැඩිව ගැනීම. , සන්දිට්ඨික පරමාස - විවාද කරුණු හයක් මෙසේ දැක්වෙයි. මෙම පාපී කරුණු අත්හල යුතු බවත් භේද භින්න නොවී සමඟිව සිටින ලෙසත් බුදුහු වදාළහ.

ප්‍රශ්නය -
සමාජය යන වචනයෙන් බුදුදහම අවධාරණය කරන්නේ කුමක්ද? මානසං භාවයේ අපරිමාණං අප්‍රමාණ වූ සෙනෙහස ආදරය දක්වා සිටින්නේ කවුරුන් උදෙසාද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර -
බුද්ධ ධර්මයට අනුව සමාජය වශයෙන් සැලකෙන්නේ මිනිස් ප්‍රජාවම පමණක් නොවේ. කවර මොහොතක හෝ මෙලොව වසන භූතාවා සම්භවේසීවා සියලුම පණනැතියන් සමාජය හැටියට ගැණෙන බව සඳහන් වේ. මානව භක්තිය මානව හිතවාදය වැනි සංකල්පනාවන් මෑතදී කතාබහට ලක්වූයේ මිනිසුන් විනා සතුන් පිළිබඳ එතරම්ම සැලකිලිමත් නොවූ ආගම් දහම් නිසාය. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සංකල්පය බොදු දහමෙහි අවධාරණය කිරීමෙන් ගම්‍යවන්නේ සකල සත්ත වර්ගයා කෙරෙහිම හිතානු කම්පාව දැක්විය යුතු බවයි. කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට අනුව මවක් තම එකම පුතු යම්සේ රකින්නේද එසෙයින්ම සව් සතුන් කෙරෙහි අප්‍රමාණ වූමෙත් සිතිවිලි වැඩිය යුතු ය. සමාජය මෙසේ පුළුල් අරුතින් තේරුම් ගැනීමට කර්මය සංසාරය යන සංකල්ප මෙන්ම පුත්‍ය සමුද්පාද ධර්මතාවයද පදනම් වෙයි. සසර පැවැත්මෙහි දී මිනිසාට නොනැවූ කිසිවෙකුත් මිනිසුන් අතර තබා තිරිසන් සතුන් අතරද නොවේමය. පන්සිය පනස් ජාතක කතා හොඳම නිදසුනකි. එපමණක් නොව බුදුදහමට අනුව විශ්වයේ අනෙක් ජීවීන් වන දෙවි - බඹුන්, ප්‍රේත – විශ්ව යක්ෂභූතාදීන් හා තිරිසන් සතුන් අතර ද නොනැවුවන් සොයා ගැනීම දුෂ්කර වනු ඇත. එතරම්ම දුරට එක් පුද්ගලයෙක් අනෙක් සියලුම ජීවීන් හා බැඳී සිටී. ඒ සියල්ලන්ගේම එකතුව සමාජයයි.

ප්‍රශ්නය -
බුද්ධ චරිතයේ එක් අවස්ථාවක සුවිශේෂිත පුද්ගලයකු හා සමඟ කළ සාකච්ඡාවකින් උපුටාගත් කොටසකි මේ.

සුනක්ඛත්ත එන්න මා උදෙසා වාසය කරන්න. කියා මම ඔබට කියෙම්ද?

නැත, ස්වාමීනි,

සුනඛත්ත මම ඔබ වහන්සේ උදෙසා වාසය කරන්නෙමියි කියා ඔබ මට කීයෙහිද?

නැත, ස්වාමීනි

සුනක්ඛත්ත, මමත් ඔබට නොකීවෙමි. ඔබත් මට නොකීවෙහිය. එසේ නම් දැන් මම භාග්‍යවතුන් වහන්සේ අතහැර යමිය කීම කෙතරම් අඥාන සාවද්‍ය කියමනක් ද?

මෙම පුවත අදාළ අවස්ථාව කුමක්ද?

පිළිතුර -
සුනක්ඛත්ත නම් ලිච්ඡවී භික්ෂු නම බුදුරජාණන් වහන්සේ තමන්ට සෘද්ධි ප්‍රාතිහාර්ය නොපෙන්වන නිසාත් ලෝකොත් පත්තිය නොදක්වන නිසාත් නොසතුටට පත්ව බුදුරදුන් අතහැර දමා යන බව ප්‍රකාශ කළ විට බුදුරජාණන් වහන්සේ කළ ප්‍රකාශයයි.

 

 

  

 පොසොන් මස පුර අටවක පෝය

පොසොන් මස පුර අටවක පෝය මැයි මස 25 වැනිදා සඳුදා පූර්වභාග 9.36 ට ලබයි. 26 වැනිදා අඟහරුවාදා අපරභාග 12.02 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මැයි මස 25 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජූනි 02 වැනිදා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]