සදහම් දැනුම

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි 20 වන වර්ගයේ දෙවන ගාථාව මෙසේය.
    (බුදුසරණ 2009.12.24)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සීලය චාරිත්‍ර හා වාරිත්‍ර යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන්කොට ඇත. මෙයින් “වාරිත්‍ර” සීලය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.12.15)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බෞද්ධ විමුක්ති මාර්ගයෙහි එන චතුරාය¸ සත්‍යය අතරෙන් සතරවන ආර්ය සත්‍යය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.12.09)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය-
    බුදු සිරිත දිරිමත්බව හා ක්‍රියාශීලිත්වයේ අග්‍රගණ ඵලය යි. තම පෞද්ගලික කායික අවශ්‍යතාවයනට යොදන සුළු කාලය හැර දවසේ හැම මොහොතක්ම උන්වහන්සේ ශාසනික මෙහෙවර සඳහාම යෙද වූහ. තම දෛනික කටයුතු කිරීමෙහිදී විධිමත් හා ක්‍රමානුකූ®ලව කටයුතු කළ උන්වහන්සේ ශාසනික මෙහෙවර සඳහාම යෙදවූහ. උන්වහන්සේ ආධ්‍යාත්මික වශයෙන් භාවනානුයෝගී ව විමුක්ති සුව විඳිමින් බාහිර වශයෙන් ශ්‍රාවක සමූහයා ගුණ නුවණින් පොහොසත් කරනු පිණිස පරහිතකාමී ව කැපවීමෙන් කාලය ගත කැරිණි. බුදු සිරිත දෛනික චර්යාව වෙන්කොට ගත්තේ ද ඉහත සඳහන් පරමාර්ථ මුල්කොට ගෙනයි. ඒ අනුව දිනචර්යාව කොටස් පහකට බෙදා උපරිම මෙහෙවර සඳහාම කැපවූහ. මෙයින් එක් කොටසක්වූ පෙර බත් කිස පිළිබඳව සටහනක් ලියන්න.
    (බුදුසරණ 2009.11.24)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුදුරජාණන් වහන්සේ විසින් ශක්‍ර දේවේන්ද්‍රයා වීමට කළ පින්දහම් හා ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ සටහන් කරන්න.
    (බුදුසරණ 2009.11.16)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    පහත සඳහන් නාමයන්ගෙන් හැඳින්වෙන පුද්ගලයන් බුදු සිරිතට බෙහෙවින් සමීපතම පුද්ගලයෝ වූහ. පැහැදිලි කරන්න. සහම්පති, ආළාරකාළාම, උද්දකරාමපුත්ත
    (බුදුසරණ 2009.11.09)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    එක්තරා මහරහතන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද පටිච්ච සමුප්පාද ධර්මය විචක්‍ෂණ ලෙස සාරංශකර සිව්පද ගාථාවකින් දේශනා කළහ. ඒ මහරහතන් වහන්සේගේ නම කුමක්ද? එම ගාථාව කුමක්ද?
    (බුදුසරණ 2009.10.25)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය: අස්මි මානය – මමායනය “මම සැපවිඳිමි” මේ ආදී භාවිතයන් බුදු දහමට අනුව සක්කාය දිට්ඨි” යනුවෙන් සඳහන් වන මිථ්‍යාදුෂ්ඨියයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.10.17)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - තථාගත බුදුරජාණන් වහන්සේ තමා විසින්ම සාක්ෂාත් කරගනු පිණිස (සයං සච්ඡිකාබ්බං) ඉක්මනින් ප්‍රතිඵල ලබනු පිණිස නිර්වාණය සාධනය කරගනු පිණිස නුවණැත්තන් විසින් තම තමාම අවබෝධ කරගනු පිණිස ධර්මය මනාව දේශනාකර ඇත. බුදුදහම දුක කේන්ද්‍ර කරගෙන පවතියි. දුක පිළිබඳව මෙසේ අවධාරණයෙන් දේශනා කළද බුදු සමය සර්වඅශුභවාදී ආගමක් නොවේ. එය මුළු මනින්ම අශුභවාදී හෝ මුළු මනින්ම ශුභවාදී ද නොවේ. එය (යථාභූත ඤාණදස්සන) යථාර්ථවාදීය. පෙලදහම ඇසුරු කරගනිමින් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.10.11)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය  - මහණෙනි, මනෝ සංචේතනාව අවබෝධ කර ගත්තෝ ත්‍රිවිධ තණ්හාව අවබෝධ කර ගත්තෝ වෙති. ත්‍රිවිධ තණ්හාව අවබෝධ කරගත් පසු තවදුරටත් කළ යුතු කාර්යයක් නැතැයි කියමි. ත්‍රිවිධ තණ්හාව තේරුම් ගැනීමෙන් විමුක්ති ප්‍රතිලාභය සිදුවේ. එය බෞද්ධ විමුක්ති මාර්ගයෙහි අවසන් අරමුණයි. එනිසා ඉන් එහා කළ යුත්තක් නැත. මෙම දේශනා පාඨද උපයෝගී කර ගනිමින් දුක්ඛ සමුදය සත්‍යය විස්තර කරන්න.
    (බුදුසරණ 2009.09.26)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට ආගමික සංස්කෘතික සාමාජික හා භාෂා සාහිත්‍ය ආදි විවිධ ක්‍ෂෙත්‍ර පුරා විහිදී ගිය යුගල සම්ප්‍රදායයන් ඔස්සේ (මහාවිහාර - අභයගිරි) ශ්‍රී ලාංකික භික්ෂුව පෙර ගමන්කරුවා බවට පත්විය. ඒ නිසාම උන්වහන්සේ සිංහල භික්ෂුව බවට පත් විය. මෙම ප්‍රස්තුතය පිළිබඳව විවරණයක් කරන්න.
    (බුදුසරණ 2009.09.18)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - උපාදානස්කන්ධ පස හැර සත්වයෙක් පුද්ගලයෙක් ගැන කථාකළ නොහැකිය. උපදින්නේත් දුකමයි. එහෙයින් බුදුරදුන් උපාදානස්කන්ධ පස දුක යැයි වදාළහ. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.09.12)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - නුවණැති සත් පුරුෂයා ‘විචක්ඛණො දිට්ඨෙව, ධම්මෙ උභයෙන වඩ්ඪති’ යනුවෙන් ඔහු දෙලොවම ජයග්‍රාහී තැනැත්තෙකු වන්නේමය. මෙම සුවිශේෂ සත්පුරුෂ ගුණ දහමෙහි ඇතුළත්ව ඇත. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.08.27)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - උපතින් බමුණෙකු වූවත් ගති පැවතුම් වලින් බොදුනුවකු වීම වඩා වැදගත් බව එක්තරා බමුණකු උදෙසා බුදුරදුන් වදාළහ. එම තැනැත්තා කවුද? ඒ සඳහා පාදක වූ සිදුවීම පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.08.20)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - භෞතික හා අධ්‍යාත්මික ක්‍ෂේත්‍රයන්හි ක්‍රියාත්මක වන නියාම ධර්ම පහක් (5) ක් ගැන බුදු දහමෙහි ඉගැන්වෙයි. එම නියාම ධර්ම පිළිබඳව විවරණයක් කරන්න.
    (බුදුසරණ 2009.08.13)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය :
    ලක්දිවට බුදු දහම ගෙන ඒමෙන් පසුව ජලය හා එක්වූ ප්‍රධාන ඇදහිලි හා චාරිත්‍ර ක්‍රම දෙකක් වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා දන්ත ධාතූන් වහන්සේ මුල් කර ගත් පූජා විධීන්ය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ රෝපණය කර එය ජලයෙන් නැහැවීම සඳහා ක්‍ෂත්‍රිය කන්‍යා කුමරියන් සතර දෙනෙක් ධර්මාශෝක රජු විසින්ම අනුරාධපුරයට එවන ලද්දේ සශ්‍රීකත්වය පිළිබඳව එකල පැවැති විශ්වාසය නිසා විය යුතුය. මෙම චාරිත්‍ර සම්ප්‍රදාය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇසුරෙන් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.07.28)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    පහත සඳහන් ධම්මපද ගාථාව තුළ ඉතා වැදගත් සාසනික තොරතුරක් සටහන්ව ඇත. පැහැදිලි කරන්න.එම ගාථාව මෙසේය. “ඉධ වස්සං වසිස්සාම ඉධ හෙමන්ත ගිමිස්ස ඉති බාලො විචන්තෙති – අන්තරාසං නබුජ්ඣතිති”
    (බුදුසරණ 2009.07.21)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුද්ධ කාලීන භාරතයේ දෙදෙනෙකු හමුව එක් අයෙකු අසන ප්‍රශ්න කිහිපයකි මේ. දෙදෙනා කවුද ප්‍රශ්න කළ තැනැත්තා කවුද, මිනිසාට ඇති වටිනාම ධනය කුමක්ද? කුමක් මනාව ප්‍රගුණ කළ විට සැපගෙන දේද? සියලු රස අතර මිහිරිම රසය කුමක්ද? කවර ආකාරයකින් ජීවත් වීම ශ්‍රේෂ්ඨ ජීවිතයක් යැයි අගය කෙරේද? මේ ප්‍රශ්න අසන ලද තැනැත්තාට දුන් පිළිතුරු ද සඳහන් කරන්න.
    (බුදුසරණ 2009.07.15)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - ත්‍රිවිධ චෛත්‍යයන් අතරෙන් ‘පාරිභෝගික චෛත්‍යය වශයෙන් සැලකෙන්නේ බුදුන් වහන්සේ පරිභෝග කළ පාත්‍ර - චීවර පටීධාතූන් හා පිටදුන් බෝධීන් වහන්සේ ආදියයි. දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩමවීමෙන් පළමු වන පාරිභෝගික චෛත්‍යය ශ්‍රී ලංකාවෙහි පිහිටුවන ලදී.
    (බුදුසරණ 2009.06.29)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුදු දහමට අනුව ‘අසාරේ සාරමතිනො සාරේචාසාර දස්සිනො’ මිථ්‍යා සංකල්පනාවකි. ජීවිතය අවනතිය කරා ගෙනයන කල්පනාවකි. ‘සාරංච සාරතො ඤත්වා අසාරංච අසාරතො’ හොඳ හා නරක වෙන්කොට හඳුනා ගැනීමකි. එම කරුණු දෙකින් ඉහතින් සඳහන් කළ මිථ්‍යා සංකල්පනාවට (වැරැදි අවබෝධයට) හේතු කාරක කිහිපයක්. අං. නි. තික නිපාතයෙහි දේශනාවක අන්තර්ගත වෙයි. එය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.06.22)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - මීට වසර දෙදහස් තුන්සියකට පෙර මහින්ද මහ රහතන් වහන්සේ විසින් ශ්‍රී ලංකාවට මේ මහාර්ඝ දායාදය වූ බුදුදහම ගෙන එන ලදී. එම ධර්මදායාදය තුළින් මෙරට ජන ජීවිතය පුරා සිදු වූ වෙනස්කම ශ්‍රී ලංකා ඉතිහාසය උදාර ගුණ ගරුක ජාතියකගේ කථා පුවත බවට පත්කර ඇත. මහින්දාගමනයෙන් පසු යන්නට පෙර වදනකි මේ වංශකථා මූලාශ්‍ර කොටගෙන ඉහත සඳහන් නිගමන සනාථ කරන්න.
    (බුදුසරණ 2009.06.15)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    කාම ලෝකයෙහි (මනුෂ්‍ය - සදෙව් ලොව) විපාක දෙන කුසල කර්ම පිළිබඳ ව පැහැදිලි කරන්න
    (බුදුසරණ 2009.05.31)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - ශාක්‍ය ජනපදයෙහි කපිලවත්ථූපුර සුද්ධෝදන ශාක්‍යමහ රජ ගෞතම මහ බෝසත්තුමාගේ පියාණෝය. බිහිකළ මව මහමායා දේවියයි යන්න මහා පදාන සූත්‍රාගත තොරතුරුවලින්ද හෙළිවෙයි. සුද්ධෝදන මාළිගයෙහි ප්‍රජාපති ගෝතමී සුළු මෑණියන්ගේ නොමඳ මවු සෙනෙහස ලබමින් බෝසත් කුමරා සුඛෝප ජීවිතයක් ගත කළේය. බෝසතාණන් වහන්සේ ගේ ජීවිතය සුකුමාර භාවයෙන් ආඩ්‍යව පස්කම් සැපයකින් පිරිපුන් එකක් නමුත් එබඳු වෙනත් පුද්ගලයන්ට වඩා වෙනස් මඟකින් ඒ දෙස බැලීමට උනන්දු විය. බෝසත් අභිනිෂ්ක්‍රමණය පිළිබඳව මූලාශ්‍ර හා සමගාමීව පැහැදිලි කිරීමක් කරන්න.
    (බුදුසරණ 2009.05.24)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය: -
    බුද්ධ චරිතය හදුනා ගැනීමෙහිදී අවස්ථා දෙකක් අපට හමුවේ. එනම්, බුදුවීමට පෙර අවධිය සහ බුදුවීමෙන් පසු අවධිය වශයෙනි. බුදු වීමට පෙර අවධිය බෝධි සත්ත , මහාසත්ත, බුද්ධංකුර ආදි නම් වලින් හදුන්වනු ලැබේ. බුදුවීමෙන් පසු අවධිය බුද්ධ සම්බුද්ධ අභි සම්බුද්ධ සම්මා සම්බුද්ධ ආදී නම් වලින් හඳුන්වනු ලැබේ. බුද්ධ චරිතයේ මෙම අවස්ථා දෙක පිළිබඳව විවරණයක් කරන්න.(බුදුසරණ 2009.05.17)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    මෙය බුදුරජාණන් වහන්සේගේ පී‍්‍රති උදාන වාක්‍යයකි. මිත්‍රවරුනි, ඒකාන්තයෙන්ම කොණ්ඩඤ්ඤ ධර්මය අවබෝධ කරගත්තේය. ‘එතැන් පටන් ‘ තේරුම් ගත් යන අර්ථයෙන් කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් වූහ.” මෙම උදාන වැකියත්, එතද්ග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං රත්තඤ්ඤාතානං යදිදං අඤ්ඤා කොණ්ඩඤ්ඤොති “ යම් අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් මහණෙක් වේද චිරරාත්‍රඥ වූ මාගේ ශ්‍රාවක භික්ෂූන් අතරෙහි අග්‍රවෙයි. මෙම බෞද්ධ ශාසනික සම්ප්‍රදාය කෙතරම් විනිවිද දක්නා සුළු දැක්මක්ද? බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.(බුදුසරණ 2009.05.01)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    බුදු දහමට අනුව ‘ශ්‍රද්ධාව‘ ශ්‍රේෂ්ඨ ධර්මයක් බව සඳහන් වෙයි. ඒ බව බුදුරජාණන් වහන්සේ එක් දේවතාවකුට දෙසු ගාථාපාඨයකින් පැහැදිලි වේ. ‘කිංසුධ චිත්තං පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ වන්නේ කුමක්ද? යන්න විමසූ විට උන්වහන්සේ සද්ධීය විත්තං පුරිසස්ස සෙට්ඨං’ යනුවෙන් ශ්‍රද්ධාව පුරුෂයාට ශ්‍රේෂ්ඨ වන බව දේශනා කළ සේක. බෞද්ධ ධර්මයෙහි ශ්‍රේෂ්ඨ වන මෙම ශ්‍රද්ධාව පිළිබඳව කෙටි හැඳින්වීමක් කරන්න.
    (බුදුසරණ 2009.04.24)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    මජ්ඣිම නිකායේ ‘කොසම්බි’ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් ධනයක් කෙතරම් දැහැමි වූවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා ගත යුතු ය. අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වූවද බෙදා හදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩිලෙස ම අවධාරණය කර ඇත. පෙල දහමට අනුව ‘චාග‘ සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සං ගහ වත්ථු) දානය පළමු වැන්න ලෙස අවධාරණය කළේ ද එබැවිනි. සමාජ සාධාරණීකරණය සඳහා ද බුදුදහම දානය අවශ්‍යම අංගයක් වශයෙන් සලකා තමාවෙතින් අන්‍යයන්ට හෙවත් ‘එකා සැමටත් සෑම දෙනාටත්’ යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.04.17)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - ගිහි - පැවිදි දෙපාර්ශවයේම පහසු විහරණය (ඵාසු විහාරතා - ඵාසු විහාරාය) බුදු දහමේ අවධාරණය කළ කරුණකි. පෙළ දහමට අනුව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.04.09)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    නිරය(අපාය) දිව්‍යලෝකය යන සංකල්ප දෙක බුදු දහමට අනුව මිනිසාට බෙහෙවින් සමීපවූ විවරණයකි. ඉපැරැණි විහාර ආරාම වල පෙළහර හා ප්‍රථමා ගෘහයෙහි මෙම සංකල්ප දෙක මනාව විවරණය කොට ඇත. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.04.02)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සං: නි: වේළුද්වාර සූත්‍රයෙහි එන “අත්තුපනායික “ධම්ම පරියාය” නමින්ද “අත්තානං උපමං කත්වා නහනෙය්‍ය න ඝාතයේ “ යනුවෙන් “ ධම්මපා ද පාලියෙන්ද අවධාරණය කරන පෙළ දහමෙහි එන “ධම්මපාරියාය “ හෙවත් “ හොඳ හා නරක “ මිනීමේ “ නිර්ණායකය “ (තීරකය ) කුමක්ද?
    (බුදුසරණ 2009.03.26)

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    මහණෙනි! මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහි ම මම ලෝකයත් - ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිණි ප්‍රතිපදාවත් පනවමි. (සං.නි. රෝහිතස්ස සූත්‍රය ) මෙම සූත්‍රයෙන් ලෝක යන්නෙන් අදහස් වන්නේ දුක පිළිබඳයි පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.03.18)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - ශීලය හා ශික්‍ෂාප ද අතර වෙනස පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.03.04)

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - මවක් තම එකම දරුවා ජීවිත පරිත්‍යාගයෙන් රුක ගන්නා පරිද්දෙන් අප සියලු සත්වයන් කෙරෙහි අප්‍රමාණ මෙත් සිත් වර්ධනය කළ යුතුය. ‘සිව් බඹ විහරණ’ (සතර බ්‍රහ්ම විහාර) වලින් පළමුවැන්න මෙත්තා විහරණයයි. බුදු දහමට අනුව ‘සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා’ යන දේශනාවන් හා එකඟවෙමින් ‘මෙත්තා’ (මෛත්‍රිය) පිළිබඳ සමාලෝචනයක් කරන්න.
    (බුදුසරණ 2009.02.24)

  • සදහම් දැනුම

    ප්‍රශ්නය- දෙව් මිනිසුන් සහිත ලෝකයාට (දේව මනුස්සානං නචිරස්සේව) ඉතා කඩිනමින් භෝග සම්පත් බහුල කරගත හැකි හේතු හතරක් (මහන්තං වේපුල්ලං පාපුණන්ති භොගේසු) බුදු දහමෙහි සඳහන් වෙයි. ඒ මොනවාද?
    (බුදුසරණ 2009.02.16)

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුදුදහම නිකෙලෙස් පුරුෂෝතමයකුගේ සොයා ගැනීමකි. බුදුදහමින් අනාවරණය වන පරිදි ජනතාව ජාති මරණාදි පොදු දුකෙහි වැටී සිටිති. මෙය නැතිකිරීමට නම් අනිවාර්යයෙන්ම නිවන සාක්ෂාත් කළ යුතුය. ඒ නිසාම සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බ්‍රහ්මයාගේ ආරාධනාවෙන් පොදු ලෝක දුක් නිවාරණය සඳහා නව දහම් මග ලෝකය හමුවෙහි තැබූ සේක. බුදු සිරිත ඇසුරෙන් සාකච්ඡා කරන්න.
    (බුදුසරණ 2009.01.25)

  • සදහම් දැනුම

    ප්‍රශ්නය: සදාචාර සද්ගුණයන් ප්‍රගුණ කිරීම සඳහා ගිහි සමාජයට උදව් උපකාර කිරීම සංඝ සමාජයේ ප්‍රධාන යුතුකම විය. බහුජන හිත සුව පිණිස ගම් දනව්වල හැසිරෙන්න යනුවෙන් බුදුන් වහන්සේ භික්‍ෂූන්ට අවවාද කළේ එබැවිනි. වැසි කාලය තුළ දී භික්‍ෂූන් වහන්සේ ආරාමවල වැඩවසමින් භාවනානුයෝගී විය යුතු ය. එය වස්කාලය යනුවෙන් හැඳින්වේ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය වශයෙන් විදේශිකයෙකු දැක් වූ අදහසකි. මේ මෙහි සඳහන් ඇතැම් යෝජනා වල දුෂ්කරතා ඇතත් සමස්තය වශයෙන් ගත් කළ වර්තමානික භික්‍ෂු ශාසනික මෙහෙවරට ආලෝකයක් වනු ඇත. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2009.01.18)

  • සදහම් දැනුම

    ප්‍රශ්නය-පිරිත බුද්ධභාෂිතයකි. ඒ නිසාම එහි සුවිශේෂත්වයක් හා පාරිශුද්ධ බවක් ජනනය වේ. එම පාරිශුද්ධිය සංකේත වත් කරනුයේ වඩාත් සුවිශේෂ වූ මණ්පයක් තුළම එම සජ්ඣායනය සිදු කිරීමෙනි. පරිත්‍රාණ දේශනාව වැදගත් ශාසනික කාර්යයකි. පැහැදිලි කරන්න.

    (බුදුසරණ 2009.01.04)