UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ප්‍රශ්නය :– පංචසීලයෙහි දෙවැන්න ‘අදත්තාදාන නමින් හැඳින්වෙන පාප ක්‍රියාවකි. ‘අදින්නාදාන’ යන පාලි වැකියෙහි එන පරිදි ‘අදින් යනු නො දුන් යන අර්ථයයි. නොදුන් දෙයක් ගැනීම පාපිෂ්ට ක්‍රියාවක් මෙන්ම සදාචාර බවින් තොර අසීලාචාර ක්‍රියාවකි. “දීයතීති’ දානං “දීම” “පරිත්‍යාගය” පිනකි. එය සදාචාර සද්ගුණයකි. මෙම සද්ගුණය පිළිබඳව පෙළ දහමෙහි විචිත්‍රවූ දේශනා ඇතුළත්ව ඇත. ආමිස දාන ප්‍රතිපත්ති දාන, ධර්ම දාන, සප්පුරිස දාන ආදි වශයෙන් විවිධ වූ විස්තර ඇතුලත්ව ඇත. මේවා අතරින් එක් තැනක් බුදුරජාණන් වහන්සේ ජළංග සමන්නාගතා දක්ඛිණා යනුවෙන් සුවිශේෂ වූ දානමය පුණ්‍ය ක්‍රියාවක් සඳහන් කරයි. එය පැහැදිලි කරන්න.

පිළිතුර :– අං . නි. 4 පිටුවට

ඉධ භික්ඛවෙ දායකස්ස තීණංගා නි හොන්ති පටිග්ගාහකානං තීණා ගෙනානි හොන්ති

මහණෙනි ! “ජළංග සමන්නාගත “ යනු දායක පක්ෂයෙහි අංග තුනකුත් පිළිගන්නා වූ (ප්‍රතිග්‍රාහක) පක්ෂයෙහි අංග තුනකුත් එක්තැන්ව කරන දානයයි. ඒ සය වැදෑරුම් දානමය පුණ්‍ය ක්‍රියාවෙහි දායක පක්ෂය ‘පුබ්බේව දානා සුමනෝ ආරම්භයෙහිම සතුටු සිත් ඇත්තෙකු විය යුත්තාසේම දන්දෙන අවස්ථාවෙහි දීද ‘දදසං චිත්තං පසාදයේ සොම්නස් ඇත්තෙකු විය යුතුයි. අවසානය දක්වා අත්තමනොහොති දන්දී සතුටු සිත් ඇතිවෙයි.

ප්‍රතිග්‍රාහකයන්ගේද අංග තුනක් සම්පූර්ණ විය යුතුය. ප්‍රතිග්‍රාහකයෝ තෘෂ්ණා රාගයෙන් වෙන්විය යුතුය. දොීස හා මෝහ යන දුර්ගුණයන් ගෙන් වෙන් විය යුතුයි. මෙබඳු පින්කමක විපාක ප්‍රතිලාභයන්ද බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ. ප්‍රඤ්ඤභිසන්දං පුණ්‍ය ප්‍රවාහයක කුසලයන් උල්පතෙකි. සුව ගෙන දෙන්නකි. ඉෂ්ට මනාප සැප සඳහාම හේතුවන පින්කමක එහි විපාක ගණනය මෙතකැයි නිම කළ නොහැකි වේ.

ප්‍රශ්නය :– මෙම පාලි පාඨය කාලීන වශයෙන් ඉතාමත් වැදගත් තොරතුරක් අනාවරණය වෙයි. කියවන්න ‘කො පන භන්තෙ හේතු –කො හෙවත් පැවිදි ජීවිතයෙහි දී උපසපන් වීමෙන් වස් විසීම ගණනය කිරීමෙනි.

පච්චයො , යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.

ස්වාමීනි! යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි ශාසන සද්ධර්මය චිරස්ථායි වේ නම් ඒ හේතු ප්‍රත්‍ය කවරේද? වර්තමානික බුදු දහමෙහි චිරස්ථිතිය (පැවැත්ම) සඳහා පෙළ දහමෙහි එන මෙබඳු තොරතුරු හා දේශනා බොදුනුවන් ධර්ම සාකච්ඡාවලදී භාවිතා කළ යුතුය. පැහැදිලි කරන්න.

පිළිතුරු:– බෞද්ධයන් අතර උපෝෂිත (පොහෝ දින) දිනයන්හි ධර්ම සාකච්ඡා මණ්ඩපයෙහි මෙබඳු දේශනා පිළිබඳව සාකච්ඡා කළ යුතුය.බොහෝ විට සාකච්ඡා කෙරෙන්නේ දෙව්දත් පංච වර යාචනය අවිහිංසා වාදී බව වැනි සරල දේ පමණකි. මෙම සූත්‍ර දේශනාවෙහි ඇති සටහන පොහෝ දින සාකච්ඡාවකට ඉතාම සුදුසු ධර්ම මාතෘකාවකි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් සද්ධර්මය චිරස්ථායි වීමට නම් සිව්වණක් පිරිස ශාස්තෘවරයන් වහන්සේ කෙරෙහි ධර්මය කෙරෙහි සඟරුවන කෙරෙහි ගෞරවයෙන් පළමු තැන්හිලා සැලකිය යුතුය. ශික්ෂාවන්හි මෙන්ම සීලයෙහි අප්‍රමාදීව ගෞරව සහිතව එහි ප්‍රධාන බව සලකා කටයුතු කළ යුතුය.

ප්‍රශ්නය :– සත්‍යය නම් ඇත්තටම පවතින දෙයයි. එමෙන්ම බොරු කළ නොහැකිය යන තේරුමයි. බුදු දහමෙහි සත්වයා හා සම්බන්ධ සත්‍ය හතරක් ගැන ඉගැන්වෙයි. ‘රෝහිතස්ස’ සූත්‍රයෙහි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.මේ බඹයක් පමණ වූ සංඥා සහිත මනස සහිත ශරීරයෙහිම මම ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ප්‍රතිපදාවත් පණවමි” මේ සූත්‍ර පාඨයෙහි”ලෝක” යන්නෙන් අදහස් වන්නේ දුකයි. පෙළ දහමෙහි දුක පිළිබඳව විවිධ නිර්වචනයන් විවරණය කරමින් දුක පිළිබඳ දේශනා පිළිවෙළ පැහැදිලි කරන්න.

පිළිතුර :– ලෝකය පිහිටා ඇත්තේ දුක මතය. එහෙයින් එය පිළිකුල්ය. ලෝකයේ කිසිම හරයක් නොමැත. එහෙයින් එය හිස්ය. එහෙයින් දුක්ඛ නම් පිළිකුල් ජනක හා හිස් බවයි. සාමාන්‍ය මිනිසුන් දකින ලෞකික සැප හුදෙක් ආශාවන් සංසිඳවීම සඳහා පමණකි.

ආශා කරන දෙය ලබාගත් වහාම එය කෙරේ ආශාව අඩු වී යයි. එහෙයින් ආශාවෝ අතෘප්තිකර වෙති. සියලු සත්වයෝම ජාතිය ජරාව, ව්‍යාධිය හා මරණය උරුම කර ගත්තෝ වෙති. මෙම සතර වැදෑරුම් දුක් සහගත තත්වයන්ගෙන් තොරවූ කිසිවෙක් නොවෙති.

සුන් වූ බලාපොරොත්තුව දුකකි. අප පි‍්‍රය කරන පුද්ගලයන් හෝ දේ, සමඟ එක් වන්නට අපි කිසිවෙක් අකැමැති නොවමෙු. එමෙන්ම අප පි‍්‍රයකරන රුචිකරන පුද්ගලයන්ගෙන් හෝ ද්‍රව්‍යවලින් දුරස් වන්නටද අපි කැමැති නොවෙමු. (අං. 4 ඉණ සූත්‍ර 118 පිටු)

දුක පිළිබඳව ප්‍රායෝගිකව වෙනත් විවරණයක් දක්නට ලැබෙයි. “මහණෙනි! ලොව දිලිඳුබව දක්නට ලැබෙයි. “මහණෙනි! ලොව දිළිඳුබව කාමභෝගීනට දුකය. ණය ගැනීම එය දිනෙන් දින වැඩිවීමද (පොලිය) නියමිත දිනට ණය ගෙවීමට නොහැකි වීමද දුකයි. ඒ පිළිබඳ පිරිස්මැද අවමානයට ලක්වීමද දුකකි.

නියම සැපත ඇත්තේ අප සිත් තුළය.

ප්‍රශ්නය :- අනගාරික පැවිදි දියණිය සතු බල සතක් බව දේශනා පාලියෙහි දක්නට ලැබෙයි. ඒ මොනවාදැයි පැහැදිලි කරන්න.

පිළිතුර :– සත්තිමානි භික්ඛවේ බලානි

මහණකම සතු බල සතකි එනම්

සද්ධා බලය –විරිය බලය, හිරිබලය– ඔත්තප්ප බලය – සති බලය – සමාධි බලය – පඤ්ඤා බලය

එතෙහි බලවා භික්ඛු සුඛං ජීවති පණ්ඩිතො මේ බල සතින් යුත් පණ්ඩිත මහණ සුවසේ කල්ගත කරයි.

ප්‍රශ්නය :– අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොට ගත් භික්ෂූන් වහන්සේගේ ජීවන රටාව ආධ්‍යාත්මික සාදාචාරාත්මක හා මානව හිතවාදී ප්‍රායෝගික අගයට මුල් තැන දෙමින් සංවිධානය වී ඇත. ඒ සඳහා පුරන පිළිවෙත් අතර ‘ගමික වත හා වැසිකිළි වත, යන අංග දෙකකි. මෙයින් දෙවැන්නට සඳහන් කළ “වැසිකිළි වත” පැවිදි ගිහි ඕනෑම සාමාජිකයෙකුට අද පවා ප්‍රයෝජනවත් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර:– වැසිකිළිය යනු බොහෝ විට පොදු පරිභෝජනයට වෙන් වූ ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයෙහිදී පනවා ගත් සම්මතයන් වැසිකිලිය ප්‍රයෝජනයට ගන්නා අවස්ථාවෙහිදී නොසලකා හැර පැමිණි පිළිවෙළ අනුගමනය කළ හැකිය.

සාමාන්‍ය පිළිවෙත්වල දී (වෘද්ධා පචායන) වැඩිහිටි අයට මුල් තැන දී සඟ මහලු පිළිවෙළ මෛත්‍රිය තමා සමාන කොට අන් අය කෙරෙහිද හිත මිතුරු ආකල්පයක් ඇති කරන අතර මෛත්‍රිය කළ යුත්තේ මවක් එකම පුතු රකින ලෙසයි.

සඟමහලු පිළිවෙළ සකස්ව ඒ අනුව ශාසනික සම්ප්‍රදාය සකස් වී ඇත.

එහෙත් වැසිකිළි වත නමින් සඳහන් වන එම සම්ප්‍රදායන් මෙහිදී අනුගමනය කිරීම යුක්ති සහගත නොවන බැවින් අවශ්‍යතාවයට හා පැමිණි පිළිවෙළට අනුගමනය කිරීම විශේෂිතය.

 

     ‍   බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 04 වැනිදා ඉරිදා අපරභාග 2.38 ට ලබයි. 05 වැනිදා සඳුදා අපරභාග 2.45 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 04 වැනිදා ඉරිදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 12 වැනිදා සඳුදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 04

Full Moonඅමාවක

ඔක්තෝබර් 12

First Quarterපුර අටවක

ඔක්තෝබර් 20

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 27


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]