සදහම් දැනුම

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – අසිරිමත් බුදුසිරිත පිළිබඳ කවියකු දක්වන අදහසකි මේ. “බුදුරජාණන් වහන්සේ අපේ මානව වෘක්ෂයේ පිපුණු මලයි. මල පිපෙන්නේ අසීමිත ලක්ෂ සංඛ්‍යාත වසර ගණනකට පසුවය. එයින් වහනය වන ප්‍රඥා සුගන්ධයෙනුත්, ඇද හැලෙන දයාව නමැති මකරන්දයෙනුත් ලෝකය පිරී යයි.” මේ ප්‍රසිද්ධ කවියාගේ නම කුමක්ද? ඉහත සඳහන් පාඨය ඇතුළත් ග්‍රන්ථය කුමක්ද?
    (බුදුසරණ 2014.12
    .28)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – ව්‍යග්ඝපජ්ජ සූත්‍රය පෙළ දහමට අනුව දිනක් දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරදුන් හමු වී මෙසේ ඉල්ලීමක් කරයි.”ස්වාමීනි! කාමභෝගී ගිහියන් වන අපි අඹුදරුවන් ගේ සම්බාධ සහිතව ගෙහි වසමු. කසී සළු සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ, විලවුන්, රන්රිදී ඉවසමු. ඒ අපට මෙලොව හිත පිණිස සැප පිණිස යෝග්‍ය දහමක් දෙසනු මැනවි” යන්නයි. මෙම පාඨයෙහි හිත පිණිස, සැප පිණිස යෝග්‍ය දහමක් යන්නට යොදා ඇති සුත්‍රාගත වදන් ශ්‍රාවකයන්ට බෙහෙවින් වැදගත් වනු ඇත. භගවා තථා ධම්මං දෙසෙතයෙ අම්භාකං අස්සු ධම්මා “දිට්ඨ ධම්ම සුඛාය සම්පරාය හිතාය සම්පරාය සුඛාය” මෙලොව හා පරලොව හිත සුව සඳහා දහම් දෙසන ලෙස කරන ලද ආරාධනාව බුදුරජාණන් වහන්සේ කළ නොහැක්කක් ලෙස ප්‍රතික්ෂේප කළේ නැත. සිටුපුත්‍රයා ගේ ඉල්ලීම පරිදි බුදුරදුන් දෙසා වදාළ ධර්ම කරුණු පිළිබඳව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.12
    .21)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – සිංහල බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියා වු ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා සමඟ මෙම ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයා විදේශීය නාමය අතහැර ආර්ය සිංහල නාමයක් භාවිතා කරමින්, බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා ගමින් ගමට සංචාරය කළේ ය. එක්තරා නගරයක් මෙතුමාට උපහාර පිණිස ඒ නමින් ව්‍යවහාරයට පත් කොට ඇත. මෙම ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද?
    (බුදුසරණ 2014.12
    .14)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - දස කුසල කර්මයන්ගෙන් පළමුවැන්න දානයයි. දසපාරමිතා –සතර සංග්‍රහ වස්තු දාන – ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වලින්ද, පළමුවැන්නයි. දාානය. දානයෙන් ආරම්භවන දහම් මග ත්‍රිවිධ ප්‍රභේද වශයෙන් ධර්මයෙහි සඳහන් වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.
    (බුදුසරණ 2014.11
    .29)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුදු දහමෙහි එන ප්‍රජාපාලන ප්‍රතිපත්ති සකස් වී ඇත්තේ දශකුශල ධර්මවලට අනුගතවය. මිනිස් ගුණදහමින් පිරිපුන් යහපත් පාලනයක උත්තුංග ගුණාංග දශ රාජධර්ම නමින් එකතුවිය. තමන් පළමුව පිහිටා තමන් තුළ දශ කුසල ධර්ම නමින් වූ සද්ගුණ දශරාජ ධර්ම නමින් ක්‍රියාත්මක කොට දැහැමි සක්විති රජෙකු විය. එසේ තමන් තුළ ඇතිකර ගන්නා සද්ගුණ දස සක්විති වත් නම් වෙයි. ඒ මොනවාද?
    (බුදුසරණ 2014.11
    .22)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – මහලු කාලය හා මරණය අසිරිමත් එකක් වනු දැක්ම සඳහා අවශ්‍ය කරුණු දශයක් ‘ජනසන්ධ’ ජාතක දේශනා වෙහිදී බෝසත්හු වදාළහ. ඒ මොනවාද?
    (බුදුසරණ 2014.11
    .14)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය – බුදු දහමෙහි ආහාර පිළිබඳ දේශනා පාඨයකි මේ “සබ්බේ සත්තා ආහරට්ඨිතිකා” විසම පරිහාරජා ආබාධා” “සියලු සත්වයෝ ආහාරය නිසා පැවැත්ම රඳා පවතී. “විෂම වූ ආහාර පැවැත්මෙන් රෝගී ජීවිතයක් ඇතිවේ”
    ආදි බුදුදහමේ එන ආහාර පිළිබඳ දේශනය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.10
    .31)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    අධනානං ධනෙ අනනුප්පාදිය මාරන දාළිද්දියං වෙපුල්ලං අගමාසි (දී.නි. චක්කවත්තිසීහනාද සූත්‍ර) නිර්ධනයන් අතර ධනය නිෂ්පාදනය නොවීමත් ධනය කා අතරත් සමසේ බෙදී නොයාමත් හේතුවෙන් දිළිඳුකම ලොව පුරා පැතිරී යයි. පෙළ දහමට අනුව දි.නි. අග්ගඤ්ඤ කූටදන්ත සූත්‍රාගත දේශනා පාඨයන් ද තවදුරටත් ඇසුරු කරමින් මිනිසා ධනෝපායනය (ධන රැස්කිරීම) පිළිබඳව බෞද්ධ මතය පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.10.23)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය - තණ්හාව, රාගය හෙවත් ආශාව මුල්කොට සද් ක්‍රියාවනුත් කෙලසීමට පත්වෙයි. මේ ක්ලේශධර්ම දහයක්. ධර්මයෙහි සඳහන් වෙනව. ඒ ක්ලේශ ධර්ම 10 නාමිකව සඳහන් කරන්න.
    (බුදුසරණ 2014.10
    .15)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    සත්වයාගේ පැවැත්මට ප්‍රධාන සාධකය වන්නේ ආහාරයයි. ජීවි අජීවි සියල්ල ආහාරය මත පවතී. ජීවය පමණක් නොව අජීවි වස්තුවක පැවැත්ම සිදුවන්නේද හේතු ප්‍රත්‍ය ආශ්‍රය කොට ගෙනයි. මේ නිසා පැවැත්මේ ප්‍රධාන සාධකය වන ආහාරය පිළිබඳ දත යුතුය. බුදුරජාණන් වහන්සේ “ඒක නාම කිං” ලොව සත්වයා පිළිබඳ ප්‍රධාන කාරණය කුමක්ද යන්නට සෝපාක සාමණේරයන් වහන්සේ “ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා” යනුවෙන් සියලු සත්වයෝ ආහාරයෙන් ජීවත් වන නිසා ආහාරය පළමු කාරණය බව බෞද්ධ මතයයි. මේ මතය තවදුරටත් දේශනා මඟින් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.10
    .01)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය –  මජ්ක්‍ධිම නිකායේ “කොසොම්බි” සුත්‍ර දේශනාවට අනුව ලබා ගත් දෙය කෙතරම් දැහැමි වුවද සමාජ සහජීවනය අරමුණු කරගෙන අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණූ සුළු දෙය වුවද බෙදා හදා නොගෙන නොවැළඳිය යුතු බව දැඩි ලෙස කියැවෙයි. බුදු දහමට අනුව පරිත්‍යාගය (චාග) සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සංගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. සමාජ සාධාරණියකරණය සඳහාත් තමා වෙතින් අනෙක් අයට යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.09
    .23)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය – මහලු කාලය හා මරණය අසිරිමත් එකක් වනු දැක්ම සඳහා අවශ්‍ය කරුණු දශයක් ‘ජනසන්ධ’ ජාතක දේශනාවෙහිදී බෝසත්හු වදාළහ. ඒ මොනවාද?
    (බුදුසරණ 2014.09
    .16)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -ධන කාමයෙන් උද්දාමයට පත්වූ එක් පුද්ගලයෙකුට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.
    සෝචති පුත්තෙහි පුත්තිමා - ගොමිකො ගොහි තථෙව සොචති
    උපධීහි නරස්ස සෝචනා - නහි සො සොචති යො නිරූධති
    දරු සම්පතින් පොහොසත්. තැනැත්තා එම දරුවන් නිසාම ශෝක පසුතැවිල්ලකට පත්වෙයි. ගව හිමියාද ගව සම්පත් නිසාම කිසියම් අවස්ථාවක ශෝකයට පත්වෙයි. මිනිසා (කෙලෙස්) උපධි සම්පත් නිසාම කෙදිනක හෝ ශෝක කරන්නට සිදුවන අතර නිරුපධි (කෙලෙස් රහිත) තැනැත්තා කිසි දිනක ශෝක නොකෙරෙයි.
    (සු.නි. උරග වග්ග ධනිය සූත්‍ර)
    මෙම දේශනාව කවුරුන් උදෙසා දේශනා කරන ලද්දක්ද?
    (බුදුසරණ 2014.09
    .02)
     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - මෙම පාඨය කියවන්න
    එවං පියො පුථු අත්තාපරෙසං
    තස්මා න හිංසෙ පරමත්ත කාමොති
    ’එහෙයින් තමාගේ සුව කැමැති තැනැත්තෙ අනෙකකු නො පෙළෙන්නේය
    ඛු.නි. රාජසූත්‍ර
    බුදුරජාණන් වහන්සේ බෙහෙවින්ම සමීප තම යුවළකට දේශනා කළ උදානයකි. මෙම දායක, දායිකා දෙපළ කවුද? මෙයින් බුදු දහමෙහි දැක්වෙන සර්වකාලීන සද්ගුණය කුමක්ද?
    (බුදුසරණ 2014.0
    8.24)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - බුදුන් වහන්සේ කුරු රට ‘කම්මාස ධම්ම නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස අමතා ‘මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ටාංගික මාර්ගය මෙසේ විස්තර කළහ.
    ’මහණෙනි, දුක් නැති කිරීමේ පිළිවෙත නම්වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, හා සම්මා සමාධි නම් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ ‘සම්මා දිට්ඨි’ හෙවත් නිවැරැදි දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.
    (බුදුසරණ 2014.08.17)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - පරම විඥානාර්ථ බෞද්ධ සමාගම මඟින් ශ්‍රී ලංකාවේ පළමුකොට ආරම්භ කරන ලද බෞද්ධ බාලිකා විද්‍යාලය කුමක්ද?
    (බුදුසරණ 2014.08.04)

     

  • සදහම් දැනුම

    ප්‍රශ්නය - ආර්ය අෂ්ටාංගික මාර්ගය පැවිද්දන් මෙන්ම ගිහියන් සඳහාද දේශනා කරන ලද්දක් නම් ගිහියකුව සිට ආර්ය මාර්ගයෙහි ගමන් කළ හැකි නම් අර්හත්වය පවා ගිහිවසිට ලැබූවාහු සිටිත්නම් කම්සැප විඳිමින් ගිහි ගෙදර නො සිට පැවිදිවන්නේ කුමකට දැයි ගැටලුවක් මතුවෙයි. කාමභෝගී ජීවිතය අතහැර පැවිදිවීමේ අදහස සාමඤ්ඤඵල සූත්‍රය මෙන්ම වෙනත් සූත්‍ර රාශියකදීම විස්තර කියවන්නට ලැබෙයි. මෙම ගැටලුව නිරවුල් කරගැනීම සඳහා සරල පිළිතුරක් දෙන්න.
    (බුදුසරණ 2014.07.26)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුද්ධ දේශනාවට අනුව උතුම් ගිහිගෙය (සදාර බ්‍රහ්මචරිය) මෙසේ වර්ණිතයහ.

    ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො නන්දිතො දේවලොකස්මිං මොදන්තිකාමකාමිනෝ

    සීලයෙන් දැහැමි වූ සතුටු සිත් ඇතිව මෙලොවින් චුතව දෙව්ලොව පස්කම් සැප ලැබ අප්‍රමාණවූ සතුටු වූවාහු වෙත්.

    බුදුරජාණන් වහන්සේ අතිවිශේෂ පුද්ගල දෙදෙනෙකු අරභයා මෙම කරුණු දේශනා කළහ.මේ දෙදෙනා කවුරුන්ද පැහැදිලි කරන්න.

    තං පාපුණන්ති භොගෙසු) බුදුදහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.07.19)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුදුරජාණන් වහන්සේ විසින් පැවිදිවතට ධනය සම්පතක් නොව දුඞඛ දෝමනස්සයක් වුවත් අගාරික ගිහිවතට බාධකයක් නොව සාර්ථක දිවි පෙවෙතකට සාධකයක් බව වදාළහ. ඒ බව චිත්ත ගහපති තුමාට උන්වහන්සේ, සැදැහැති, සිල්වත්, ධන ධන්‍යාදී ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධාදී සීලාදි ආර්ය ධනයෙන්ද යුත් තැනැත්තා වසන පෙදෙස්ද පූජනීය බව වදාළහ. ඒ අනුව දෙව් මිනිසුන් (දෙවමනුස්සානං නච්රස් සේව) ඉතා කඩිනමින් භෝග සම්පත් බහුල කරගැනීම හේතු හතරක් (මහන්තං වෙපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) බුදුදහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.07.05)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය

    (සං:නි:04 සගය්හ සූත්‍ර 256 පිට බු,ජ,මු)

    ජනසම්මත දුක පිළිබඳව බුද්ධ දේශනාවකි මේ ‘රූපා - සද්දා,රසා, ගන්ධා, ඵස්සා, ධම්මාච කෙවලා ඉට්ඨා කන්තා මනාපා ච යාවත්ත්ථිති වුච්චති , සදෙවකස්ස ලොකස්ස එතෙවො සුඛ සම්මතා යත්ථ චෙවිතො නිරුජ්ඣන්ති තං තෙසං දුක්ඛ සම්මතං”

    දෙවියන් සහිත ලෝකයා සැපය ලෙස සම්මත කරගනුයේ යම්තාක් ඇතැයි සිතන පි‍්‍රය කැමැති මන වඩන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ යන ධර්ම යෝය.මේ කාමගුණ යම් තැනෙක නැතිද එය ඔවුනට දුක්ඛ සම්මතයකි.”

    මෙම ජන සම්මතය ‘පටිසොතගාමී’ (වෙනස් මගකට යොමුකරලීම බුදුන් වහන්සේ ගේ කාර්ය වීය. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.06.26)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ.

    බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රථම කොට භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩ හිඳිමින්, සත් දවසක් විමුක්ති සුවය ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත නැවත වින්දනය කරමින් ගතකොට එදවස් හත ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට රාත්‍රියේ ප්‍රථම යාමය තුළ ‘පටිච්ච සමුප්පාදය’ අනුලෝම වශයෙන් මනාව මෙනෙහි කළ සේක. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.06.05)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    මජ්ඣිම නිකායේ ‘කොසම්බි’ සූත්‍ර දේශනාවට අනුව සපයාගත් දෙය කොතරම් දැහැමි වුවද සමාජ යහපැවැත්ම සඳහා සහජීවනය අරමුණු කොටගෙන ධනය බෙදා හදා ගත යුතුය.අවම වශයෙන් තම පාත්‍රයට ලැබුණු සුළු දෙය වුවද බෙදා හදා නොගෙන නොවැළඳීය යුතු බව දැඩි ලෙස ම අවධාරණය කොට ඇත. පෙළ දහමට අනුව ‘චාග‘ සම්පතකි. සිව් සඟරාවතින් (චතුස්සං ගහ වත්ථු) දානය පළමු වැන්නෙන් අවධාරණය කළේ ඒ නිසයි. සමාජ සාධරණීකරනය සඳහාද බුදුදහම දානය අවශ්‍යම අංගයක් වශයෙන් සලකා තමා වෙතින් අනෙකාට හෙවත් ‘එකා සැමටත් සෑම දෙනාටත් ‘ යන තේමාව ඔස්සේ (පරිත්‍යාග) චාග සම්පත්තිය අත්‍යවශ්‍ය අංගයක් විය යුතු බව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.05.28)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    අනුත්තරං පුඤ්ඤඛෙත්තං උතුම් පින් කෙත අංග අටකින් යුක්ත බව, උපමා උපමේය වශයෙන් බුදුහු වදාළහ. ඛෙත්තූපම සූත්‍රයෙහි දී (අං.නි. 5153 ) සාමාන්‍ය කෙතක ගුණාත්මක බව හා පින්කෙතෙහි මහානිසංසං මහා ජූතිකං යන විශේෂණ පද මගින් විශේෂිත බව දේශනා කළහ. මෙම විශේෂිත පින්කෙතෙහි අංග අට මොනවාද?
    (බුදුසරණ 2014.05.21)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    සිද්ධාර්ථ ගෞතම බෝසතුන්ගේ උපත සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූ දින වකවානු පිළිබඳ දේශනා පාලියෙහි එන පරිදි, ඓතිහාසික බුදුසිරිතක් සකස්කරන්න.
    (බුදුසරණ 2014.05.07)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ. බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රථම කොට භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩ හිඳිමින්, සත් දවසක් විමුක්ති සුවය ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත නැවත වින්දනය කර මින් ගතකොට එදවස් හත ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට රාත්‍රියේ ප්‍රථම යාමය තුළ ‘පටිච්ච සමුප්පාදය” අනුලෝම වශයෙන් මනාව මෙනෙහි කළ සේක. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.04.28)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය  -
    බුදුරජාණන් වහන්සේ විසින් ශක්‍ර දේවේන්ද්‍රයා වීමට කළ පින්දහම් හා ඔහුගේ පෞද්ගලික තොරතුරු පිළිබඳ සටහන් කරන්න
    (බුදුසරණ 2014.04.22)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය  -
    කලාත්මක අතින් වැදගත්ම ‘සඳකඩ පහණ’ දෙක පිහිටා ඇති ස්ථානය කොතැන්හි ද? ඒ පිළිබඳව පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.04.07)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය  -
    ධම්මපද ධර්ම ග්‍රන්ථයෙහි 20 වන වර්ගයේ දෙවන ගාථාව මෙසේ ය.
    සබ්බේ සංඛාරා අනිච්චාති - යදා පඤ්ඤාය පස්සති
    අථ නිබ්බින්දති දුක්ඛෙ - එස මග්ගො විසුද්ධියා
    යන ගාථාවෙහි අර්ථය කෙටියෙන් හඳුන්වා ‘සබ්බේ සංඛාරා අනිච්චා යන්න විවරණය කරන්න.
    (බුදුසරණ 2014.03.30)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය  -
    මහණෙනි! මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම ලෝ පහළවීමි, මට සාරිපුත්ත, මොග්ගල්ලාන නම් අග්‍ර ශ්‍රාවක දෙනමක් වෙති. (සං.නි. මේපුල්ල සූත්‍ර 292 පිටුව) මේ පුවතට අනුව සැරියුත් මුගලන් මහරහත් දෙනමගේ අග්‍ර බව බුදුන්වහන්සේ විසින්ම සහතික කොට ඇත. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.03.24)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය -
    ලක්දිවට බුදු දහම ගෙන ඒමෙන් පසුව ජලය හා එක්වූ ප්‍රධාන ඇදහිලි හා චාරිත්‍ර ක්‍රම දෙකක් වූයේ ශ්‍රී මහා බෝධින් වහන්සේ හා දන්ත ධාතුන් වහන්සේ මුල් කර ගත් පූජා විධින්ය. ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ රෝපණය කර එය ජලයෙන් නැහැවීම සඳහා ක්‍ෂත්‍රිය කන්‍යා කුමරියන් සතර දෙනෙක් ධර්මාශෝක රජු විසින්ම අනුරාධපුරයට එවන ලද්දේ සශි‍්‍රකත්වය පිළිබඳව එකල පැවැති විශ්වාසය නිසා විය යුතුය. මෙම චාරිත්‍ර සම්ප්‍රදාය පිළිබඳව ඓතිහාසික තොරතුරු ඇසුරෙන් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.03.08)

     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - අංගුත්තර නිකාය පත්තකම්ම සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ අනේපිඬු සිටුවරයාටයි. මෙම සූත්‍ර පෙළ දහමෙහි එන පරිදි ලොව කෙනෙකු විසින් දුකසේ ලබා ගත යුතු සම්පත් 04 ක් ගැන කියැවේ. එම සම්පත් ළඟා කර ගැනීමට උපකාරි වන දුර්ලභ කරුණු සතරෙකි. ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.02.28)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - ත්‍රිවිධ චෛත්‍යයන් අතුරෙන් පාරිභෝගික චෛත්‍යය වශයෙන් සැලකෙන්නේ බුදුන්වහන්සේ පරිභෝග කළ පාත්‍ර, චීවර, පටි ධාතූන් හා පිටදුන් බෝධීන් වහන්සේ ආදියයි. දඹදිව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව ලංකාවට වැඩම වීමෙන් පළමු වන පාරිභෝගික චෛත්‍යය ශ්‍රී ලංකාවෙහි පිහිටුවන ලදී. ජීවමාන බුදුරජාණන් වහන්සේ වශයෙන් සලකන එම ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේට පුද පූජා සහ හරසර දැක්වීම බෞද්ධයන්ගේ පිළිවෙතයි. හරසර දැක්වීමේ චාරිත්‍ර සමූහයක් ප්‍රචලිතව පවතී. පොසොන් මාසය තුළ එම චාරිත්‍ර විධි බෙහෙවින් දක්නට ලැබුණි. ඉන් කිහිපයක් හඳුන්වා දෙන්න.
    (බුදුසරණ 2014.02.06)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - සැවැත්නුවර ආනන්ද බෝධිය නමින් සුවිශේෂී වූ පූජනීය වස්තුවක් පිළිබඳ සඳහන් වෙයි. ඒ කුමක් පිළිබඳවද?
    (බුදුසරණ 2014.01.30)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය :-
    පෙළ දහමට අනුව අකුසල් විරමණය (වැළකීම) පමණක්ම සදාචාරයේ ප්‍රජනනයට එක් හේතුවක් නොවේ. ගුණ ධර්ම පද්ධතීන් ඒ සඳහා වර්ධනය කර ගත යුතුය. බ්‍රහ්ම විහාර හා සතර සංග්‍රහ වස්තූන් යන සංකල්ප දෙක මෙයින් ප්‍රධාන වෙයි. පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.01.24)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    - මනසින් විශිෂ්ට වූ මිනිසා සදාචාරයෙන් සාමාජිකත්වය තහවුරු කර ගනී. එම සමාජය ස්වශක්තිය (සක්කෝ) මෙන්ම හැකියාව අනුව මිනිසාට තම ඉහළම ස්ථරය වූ රහත්ඵලය හා බුද්ධත්වය දක්වා ම ගමන් කළ හැකි බව බුද්ධ චරිතය හා ශ්‍රාවක චරිත විස්තර කථාවලින් පැහැදිලි වෙයි. දුරාචාරය ද මිනිසා වෙතින් ආරම්භ කොට අදාන්ත වූ අසාන්ත අධම සමාජය බිහි කරන්නේද මිනිසා විසින්මය.එය දුශ්චරිත සමාජයකි. බෞද්ධ සද්ගුණවලින් සුදුස්සාට සුදුසු තැන ලැබීම හා දීම පිළිබඳ ආකල්පය ශ්‍රාවක චරිත නිදසුන් කොට පැහැදිලි කරන්න.
    (බුදුසරණ 2014.01.08)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය :-
    මේ බුදුරජාණන් වහන්සේගේ අන්තිම අවවාද වලින් උපුටාගත් කොටසකි. මෙහි අදහස ඔබේ වචනවලින් සිංහලයට නගන්න. පරිපක්කො වයොමයිහං පරිත්තං මම ජීවිතං පහාය , වො ගමිස්සාමි කතං මෙ සරණ මත්තණො අප්පමත්තා සති මන්තො සුසිලා හොථ භික්ඛවො සුස මාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ යො ඉමස්මිං ධම්ම විනයෙ අප්පමත්තො විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති.
    (බුදුසරණ 2014.01.01)
     

  • සදහම් දැනුම
    ප්‍රශ්නය
    – බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කළ තරුණ යුවළක් විඩාපත් ව, කුඹුරු ගොවිතැනින් හා විවාහ ජීවිතයෙන් ද සමුගෙන බුදුරදුන් වෙතින් පැවිදි බව ලැබූහ. පසුකලෙක රහත් ඵලයට පත්ව ධෘතවාදී ශ්‍රාවකවරුන් අතර අග තනතුරු ලත් ශ්‍රාවකයාණෝ කවරෙක්ද?
    (බුදුසරණ 2013.12.25)