UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සදහම් දැනුම

ප්‍රශ්නය
මහණෙනි! මෙකල අර්හත් සම්‍යක් සම්බුද්ධ වූ මම ලෝ පහළවීමි, මට සාරිපුත්ත, මොග්ගල්ලාන නම් අග්‍ර ශ්‍රාවක දෙනමක් වෙති. (සං.නි. මේපුල්ල සූත්‍ර 292 පිටුව) මේ පුවතට අනුව සැරියුත් මුගලන් මහරහත් දෙනමගේ අග්‍ර බව බුදුන්වහන්සේ විසින්ම සහතික කොට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
මහාපදාන සූත්‍රයෙහි මෙන්ම වේපුල්ල සූත්‍රයේ ද අගසව් දෙනමගේ පැමිණීම පිළිබඳව සටහන්ව ඇත. ඒ අනුව මහා ප්‍රාඥයන් අතර සාරිපුත්‍ර තෙරුන් වහන්සේද සෘද්ධිමතුන් අතර මොග්ගල්ලාන තෙරුන් වහන්සේද අගතැන්පත් වෙති.

උන්වහන්සේලාගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකට වන විස්තර අතර භාග්‍යවතුන් වහන්සේ විසින් දක්වන ලද පහත සඳහන් ප්‍රකාශය සැලකිය යුත්තකි. ‘යමෙකු හොඳ ආයාචනයක් කරනවා නම් සැරියුත්, මුගලන් තෙරුන් බඳු වෙම්වා! කියා ආයාචනා කළ යුතු ය. සැරියුත්, මුගලන් දෙනම භික්‍ෂූන්ට තරාදියයි. (අං.නි. ආයාචමනා සූත්‍ර. 318 පිටුව)

ප්‍රශ්නය
ගෞතම බුදුරදුන් දරුපරපුර හා කුල පරම්පරා විනාශ කිරීමට කටයුතු කරන්නෙකි. (ම.පා. මහාකන්දක 90 පිටුව) යනුවෙන් විවේචනයට ලක් වූහ. එහෙත් පසුබට නොවූහ. විමසීමක් කරන්න.

පිළිතුර
සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ හමුවන අවස්ථාව වන විට සෑහෙන ශ්‍රාවක පිරිසක් දහම් පණිවිඩය රැගෙන චාරිකාවෙහි යෙදී සිටි බව පිළිගත හැකි ය. එසේම යසකුල පුත්‍ර, ජටිල සොහොයුරන් වැනි ප්‍රකට පුද්ගලයන් භික්‍ෂු ශාසනයට පිවිස සිටි බව පෙනේ. සංජය වැනි කීර්තිමත් පරිබ්‍රාජිකයන්ගේ, කෝලිත, උපතිස්ස වැනි අග්‍ර ශිෂ්‍යයන්ද මෙසේ භික්‍ෂු ශාසනයට ඇතුළත්වීම එකල සමාජයේ සාකච්ඡාවට ලක් වූ බව දක්නට ලැබේ. ශීඝ්‍රයෙන් පැතිරීම නිසා රයන බුදුදහම වැඩෙන, සඟ සසුන සතර දිග් භාගයේ සැරිසරණ, ධර්ම දූතයන් පැවිදි උපසම්පදාව ලබන, ප්‍රසිද්ධ පුද්ගලයන්, පැවිදි වන්නවුන්ගේ සංඛ්‍යාත්මක වර්ධනය යන කරුණු දැක නොසතුටට උදහසට පත් වූවෝ මෙසේ බුදුරදුන් විවේචනය කරමින් චෝදනා කළහ. සමාජයේ පැතිර ගිය මෙබඳු චෝදනා සහ ජනමතයන්ගෙන් තථාගතයන් වහන්සේ නොසැලුණහ. පැවිද්ද සඳහා බලහත්කාරයෙන් පුද්ගලයන් නොඇදගන්නා අතර සිය කැමැත්තෙන් පැමිණ පැවිදිවන බවත් එහිලා නුවණැත්තන් විසින් ඊර්ෂ්‍යා නොකළ යුතු බවත් ප්‍රකාශ කරවූහ. උන්වහන්සේගේ අකම්ප්‍ය භාවයත් බුද්ධිමය නිදහසට ගරු කරමින් ධර්ම ප්‍රචාරය සිදු කිරීමත් නිසා එම ද්වේශ සහගත චෝදනා සහ ප්‍රචාර වැඩිකල් රැඳී නොපැවතුණි.

ප්‍රශ්නය
දැනගත යුතු වූ සියල්ල දැනගත් නිසාත් සියලු ඤාණයට මග උන්වහන්සේ වෙත වූ හෙයිනුත් සබ්බඤ්ඤා හෙවත් සර්වඥයන් වහන්සේ (සියල්ල දත්) යැයි උන්වහන්සේ හඳුන්වනු ලැබේ. මේ උත්තරීතර ඤාණය උන්වහන්සේ ලබාගත්තේ ආත්ම ගණනාවක් තිස්සේ එක් රැස් කොට ගත් තමන් වහන්සේගේම බෝධි සම්භාර පිරීම හේතුවෙනි. පැහැදිලි කරන්න.

පිළිතුර
බුදුරජාණන් වහන්සේගේ පා සටහනක මංගල ලක්‍ෂණ දුටු ද්‍රෝණ නම් එක් බ්‍රාහ්මණයෙක් උන්වහන්සේගෙන් මෙසේ ප්‍රශ්න කළේ ය. ඔබ වහන්සේ දෙවි කෙනෙක්ද? නැත බ්‍රාහ්මණය! මම දෙවි කෙනෙක් නොවෙමි. එසේ නම්, ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද? නැත බ්‍රාහ්මණය! මම ගාන්ධර්වයෙක්ද නොවෙමි. එසේ නම් යක්‍ෂයෙක් ද? මම යක්‍ෂයෙක් ද නොවෙමි. එසේ නම් ඔබ වහන්සේ මනුෂ්‍යයෙක්ද? නැත බ්‍රාහ්මණය. මම මනුෂ්‍යයෙක් ද නොවෙමි. දෙවියකු, ගාන්ධර්වයකු, යක්‍ෂයෙකු හෝ මනුෂ්‍යයකු වශයෙන් සසරේ පුද්ගලයා ක්‍රියාවිරහිත විය යුතු ය.

සමාජගත ජීවිතයෙන් හුදකලාවීම හොඳම ආගමික ප්‍රතිපත්තියයි. මෙම සාවද්‍ය මත සුත්‍රාගත තොරතුරු ආශ්‍රයෙන්ම නිවැරැදි කළ හැකි ය. (අංනි) කම්ම නිදාන සූත්‍රයෙහි එන උපදින්නට හේතුවන කරුණු සියල්ල තමා විසින් සිඳ දැමූබව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ. අධර්මය පරදවා ධර්මය රජකරවනු පිණිස වරින් වර ලොව පහළ වෙතැයි සඳහන් කරන හින්දු දෙවි කෙනෙකු වූ විෂ්ණුගේ අවතාරයක් සේ බුදුරජාණන් වහන්සේ තමන් කිසි විටෙක හඳුනා නොගත්හ.

 

මැදින් අව අටවක පෝය

මැදින් අව අටවක පෝය මාර්තු මස 23 වැනිදා ඉරිදා අපරභාග 8.10 ට ලබයි.
24 වැනිදා සඳුදා අපරභාග 6.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 24 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මාර්තු 30 වැනිදා
ඉරිදා ය
.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 24

New Moonඅමාවක

මාර්තු 30

First Quarterපුර අටවක

අප්‍රේල් 07

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 14


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]