[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

ලොව්තුරු සුවයක මිහිර තුන් ලොවට ම පසක් කළ ශාස්තෘන් වහන්සේගේ පිරිනිවීම

සියලු සත්වගට සෙත සලසන්නා වූ, සියලු ලෝකයන්ට අග්‍ර වූ ශාන්තිනායකයාණන් වහන්සේගේ මේ සම්බුදු සසුන නම් වූ ධර්ම රාජ්‍යයෙහි, සෙන්පතියාණන් හා ධර්ම පුරෝහිතයාණන් සේ තුන් ලෝ තලයේ දෙව් මිනිසුන්ගේ අන්ධකාර ලෝකය එළිය කොට වදාළ හිරු සඳු වන් පූජනීය උතුමෝ වූ අප ධර්ම සේනාධිපති වූ සාරිපුත්ත මහරහතන් වහන්සේත්, ධර්ම පුරෝහිත වූ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේත්, අගතනතුරු ලැබුවේ අපගේ ලොව්තුරු බුදුපියාණන් වහන්සේ සම්බුද්ධත්වය ලබා දස මසෙකින් එළඹි නවම් පුන් පොහෝ දවසේ ය. ඒකාසංඛෙය්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරා බෝසතාණන් වහන්සේ සමඟින් ම සසර පුරා පැමිණ, අස්සජී මහරහතන් වහන්සේගෙන් දහම් අසා, දෙසිය පනහක් වූ පිරිසක් සමඟින් වේළුවනාරාමයේ දී පැවිදි බිමට පත් වූහ. තිලොවග නායක වූ අප බුදුපියාණන් වහන්සේගෙන් දහම් අසා ඒ දෙසිය පනහක් වූ පිරිස අරහත්වයට පත් වූ අතර, මුගලන් මහ තෙරුන් වහන්සේ පැවිදිව සත් දිනෙකින් මගධ රට කල්ලවාල ගමෙහි දී බුදුපියාණන් වහන්සේගෙන් ධාතු කර්මස්ථානය අසා අරහත්වයට පත් වූ සේක. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැවිදිව පසළොස්වන දින රජගහනුවර සූකරඛත ලෙනෙහි දී දීඝනඛ පරිබ්‍රාජකයා හට කළ දේශනාව අසමින්, අරහත්වයට පත් වූ සේක. එදින ම සවස් යාමයෙහි වේළුවනාරාමයේ දී අපගේ මහා මුනීන්ද්‍ර වූ බුදුපියාණන් වහන්සේ විසින් උරුවේල කස්සප මහරහතන් වහන්සේ සමඟ වැඩ සිටි පුරාණ ජටිල වූ මහරහතන් වහන්සේ දහස්නමක් ද, සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේ සමඟ වැඩි දෙසිය පනහක් වූ රහතන් වහන්සේ ද සමඟින් එක් දහස් දෙසිය පනහක් වූ මහා ශ්‍රාවක සංඝ සන්නිපාතය මධ්‍යයෙහි, අගතනතුරු පිරිනැමූ සේක. ඒ සමඟ ම අපගේ බුදුපියාණන් වහන්සේ විසින් ඒ බුදු පිරිස මධ්‍යයෙහි ප්‍රාතිමෝක්ෂය දේශනා කළ සේක.


නවම් අව අටවක

 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]