ශ්රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් අව අටවක පෝදා 2025 පෙබරවාරි 20 බ්රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
සංකිච්ච හෙරණුවෝ දම් සෙනවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ගෝල නමෙකි. උන්වහන්සේ ඇතුළු තවත් භික්ෂූන් වහන්සේ සොරුන් පිරිසකට කොටු වූහ. එහි දී සංකිච්ච සාමණේර නම සොරුන් හා යාමට ඉදිරිපත් වූහ. එවිට " අපි බේරී කුඩා ඔබ, හොරුන්ට පාවා දුන්නෙමු" යැයි දොස් අසන්නට වන්නේ ද අපට ම ය. එය කෙසේවත් කළ නොහැකි යැයි සියලු ස්වාමීන් වහන්සේ කියන්නට වන්හ. ඇයි ස්වාමීනි එසේ කියන්නේ. එදා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් මාගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වෙත යොමු කළේ මෙම කරුණ දැන ගෙන ම ය. මගේ ගුරු හාමුදුරුවෝ මා ඔබ වහන්සේ සමඟ එව්වෙත් මේ කරුණ දැන ගෙන ම ය. එහෙයින් මේ කරදරය මා පිටට ගත යුතු ම ය. ඒ නිසා මට අවසර දෙන්න. මා අත යම් වරදක් ඇති වූයේ නම් හැමට කමා කරන්නෙමි'යි සියලු වහන්සේ වැඳ යන්නට පිටත් විය. මහ තෙරුන් වහන්සේ සොරුන්හට කියන්නේ ඔබලා ගිනි දල්වන විට, හුල් මුවහත් කරන විට මේ ළදරුවා බියවිය හැකි හෙයින් ඒවා නො පෙනෙන්නට කරව ආදී වශයෙන් කියද්දී, හෙරණුන් රැගෙන සොරු පිටත් ව ගියෝ ය. නියම කොට පෙන්වූ තැන වැඩ සිටි පුංචි සාමණේර රහතන් වහන්සේ සමාපත්තියට සම වැදුනහ. සොර දෙටුවා කඩුව මුවහත් කොට පළමු පහර ගෙල හරහා දුන්හ. එකෙනෙහි ම කඩුව පළල් දෙපසින් එකට එක් විය. නැවත එය දිග හැර ඒ කඩුපාර හොඳින් නො වැදුණේ යැයි සිතා වැරෙන් දෙවැනි පහරක් ද ගැසූහ. එවර තල්පතක් සේ කඩු මිට දක්වා එය හැකිළී ගියේ ය. මේ දැක පුදුම වූ සොර නායක තෙමේ සිත් පිත් නැති මේ කඩුව කුඩා හාමුදුරුවන් වහන්සේගේ ගුණ දන්නා සේ ය. එහෙත් හිත්පිත් ඇති මට එය නොදැනුනේ යැයි හෙරණුන් වහන්සේ පාමුල වැඳ වැටී සමාව අයදමින් “කිසිදු බියක් නො දැනෙන ඔබගේ මුහුණ පිපීගිය කිණිහිරි මලක් සේ බබළන්නේ ය. එයට හේතු කිම”යි ආදී වශයෙන් විමසන්නේ සමාපත්තියෙන් නැඟී සිට සාමණේරයන් වහන්සේ ඔවුනට රහත් ගුණ ප්රකාශ කොට පන්සියයක් වූ මේ සොරු පිරිස් පැවිදි කරවූවෝ ය.
පෙබරවාරි 20 බ්රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ. 20 බ්රහස්පතින්දා සිල්.
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
පසළොස්වක
මාර්තු 13
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]