දියුණු අධ්‍යාපනයකට
බෞද්ධ ක්‍රමවේද භාවිත කරමු
අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ
ක්‍රියාවලියකි.අධ්‍යාපනය යන්න ඉගෙනීම, ඉගැන්වීම, ඇගයීම, රසවි¼දීම, පුහුණුව ආදී
පුළුල් ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි.
අධ්‍යාපනය පුද්ගල හැකියාවන් පිටතට මතු කොට ඒ තුළින් පූර්ණ මිනිසකු බිහි කිරීම සහ
සමාජ සංවර්ධනය කිරීම පෙරටු කොටගත් වැදගත් සංකල්පයක් ලෙස පෙන්වා දිය හැකි ය.
ලොව හොඳ ම අධ්‍යාපන ක්‍රමය මෙන් ම සතුටින් ජීවත්වන රට ලෙස ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ
පින්ලන්තය යි. ඊට මූලික ම හේතුව ලෙස,
තරගකාරී අධ්‍යාපන රටාවෙන් වෙන් ව අත්දැකීමෙන් හා නිරීක්ෂණයෙන් ඉගෙන ගැනීමට දරුවන්ට
අවකාශය සැලසීම.
දරුවන්ගේ විවේකය නිදහස අගය කිරීම. (උදාහරණයක් ලෙස දරුවන්ට මාස හයක නිවාඩු කාලයක්
ලබාදීම. අධ්‍යාපන කටයුතුවලින් පීඩාවට පත් දරුවන් සඳහා විවේක කාමර තිබීම.)
සියලු දරුවන්ට සමානාත්මතාවයෙන් අධ්‍යාපනය ලැබීමට ඉඩහසර ලබා දීම.
හැකියාව මත අධ්‍යාපනික නැඹුරුව ඇති කිරීම (නිදසුනක් ලෙස වෘත්තීය පුහුණු සඳහා යොමු
කිරීම ආදිය පෙන්වා දිය හැකි ය.)
මෙහි අධ්‍යාපන ක්‍රමවේදය සැලකිල්ලට ගත් විට ආගම් බේද කවරක් වුවත් බෞද්ධ ක්‍රමවේද
මුල්කොට ඇති බව බෞද්ධ මූලාශ්‍රය හා සැසඳීමේ දී පැහැදිලි වෙයි.
දරුවා අධ්‍යාපනයට නැඹුරු නො වීමට කායික මෙන් ම මානසික යන ද්විත්වාකාර හේතු බලපායි.
ඒවා ඛණ්ඩනය කොට අධ්‍යාපනයට දරුවා නැඹුරු කරන ක්‍රමවේද පහක් විතක්කසන්ඨාන සූත්‍රයෙහි
පෙන්වාදී ඇත.
අඤ්ඤ නිමිත්ත (ප්‍රතිවිරුද්ධ කුසල සිතිවිලි මෙනෙහි කිරීම)
පාඩම් කිරීමේ දී කම්මැලි වීම, නිදිමත, බඩගින්න, දුරකතනය භාවිත කිරීමට සිතීම ආදී
නොයකුත් කාරණා සිහිපත්වීම තුළ අධ්‍යාපනය අඩපණ වෙයි. මින් මුදවාලීමට උක්ත කාරණයට
අනුව තමාට බෑ කියන සෘණාත්මක සිතිවිලි කාරණා වෙනුවට මූලික අරමුණක් සිහිපත් කොට තමා
අධිෂ්ඨානය පෙරටු කොට ධනාත්මක ව මට පුළුවන්,මම පාඩම් කරනවා,මට පාඩම් මතක හිටිනවා,
සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න දැන් මට පුළුවන්, මම මේ පාඩම කාට හරි කියල
දෙනවා.. යන ධනාත්මක ආකල්ප වර්ධනය කිරීම තුළ අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවේ.
උදාහරණයක් ලෙස වාර විභාගයක දී ශිෂ්‍යයකු ලබා ගන්නා ලකුණු ගැන මව්පියන්, ගුරුවරු
ආදීන් තමාව ඇගයීමට ලක් කරන ආකාරය සිහිපත් කිරීම, මව්පියන්ගෙන් සමත්වීම හේතුවෙන්
ලැබෙන ත්‍යාග පිළිබඳ මෙනෙහි කිරීම මත අරමුණු මූලිකව සෘණාත්මක සිතිවිලි වෙනුවට
ධනාත්මක සිතිවිලි ගොඩනැඟීම මත අධ්‍යාපනයට නැඹුරුවීම සිදුවෙයි.
ආදීනව නිමිත්ත. (උපන් අකුසල විතර්කයේ ආදීනව සිහි කිරීම)
පාඩම් කිරීමට කම්මැලිකමක් දැනෙන විට පාඩම් නො කර සිටීම තුළ තමන්ට ලැබෙන ප්‍රතිඵල
කිහිපයක් හා එයින් තමාට සිදුවන අයහපත මෙනෙහි කිරීම තුළ ද අධ්‍යාපනයට නැඹුරු කළ හැකි
ය.
නිදසුනක් ලෙස වාර විභාගයකට පාඩම් කිරීමේ දී නිදිමත කම්මැලිකම ආ විට පාඩම් නො
කිරීමෙන් වාර විභාගයට ගොස් තමාට පිළිතුරු ලිවීමට නොහැකිව අපහසුතාවයට පත්වන අයුරු
චිත්ත රූප මවාගැනීම, ලකුණු ආ විට ළමුන් අතර ලජ්ජාවට පත්වන ආකාරය මෙන්ම ගුරුවරුන්
අතර ලජ්ජාවට පත්වන ආකාරය සිහිපත් කිරීම, දෙමව්පියන් වාර්තා පොත ඉල්ලන විට ලකුණු අඩු
වූ විට පෙන්වීමේ දී ඇතිවන ගැටලු සිහිපත් කිරීම. ආදී තමාට වන බලපෑම වීමට පෙර සිහිපත්
කිරීමෙන් කම්මැලිකම, නිදිමත නැතිව පාඩම් කිරීමට අධ්‍යාපන කටයුතුවල නිරත වීමට
නැඹුරුවීම සිදුවෙයි.
අසති අමනසිකාර නිමිත්ත
ආදීනව මෙනෙහි කළ ද නැවත ඍණ ආකල්ප ඒ නම්, උපන් අකුසල විතර්ක අමතක කරලීම කළ යුතු ය.
බොහෝවිට දරුවන්ට ඉගෙනීමට ආසාව තිබුණ ද බාහිර බලපෑම හේතුවෙන් මානසික ව ඇතිවන පීඩනය
කරණකොට අධ්‍යාපනයට නැඹුරු නොවේ.
නිදසුනක් ලෙස, පාඩම් කරන විට දුරකතනය මතක්වීම, ටෙලිනාට්‍ය මතක් වන විට ඒවා අමතක කර
දැමීම තුළ අධ්‍යාපනයට නැඹුරු වීම.
විතක්ක මුලභේද නිමිත්ත (උපන් අකුසල විතර්කයේ මුල සිහිකිරීම සෘණාත්මක අරමුණු
ගොඩනැඟෙන විට එම අරමුණ ගොඩනැඟෙන මූලය මෙනෙහි කළ යුතු ය.
උදාහරණයක් ලෙස පාඩම් නො කිරීමට හේතුව නිතර එන නිදිමත නම් ඊට මූලකාරණය පෙර දවසේ නො
නිදා දුරකතනය එබීම, ටෙලි නාට්‍ය බැලීම බව අවබෝධ කොට එම මූලකාරණා අවබෝධයෙන් ඒවායින්
මිදීම, ඈත්වීම තුළ අධ්‍යාපනයට නැඹුරුවීම සිදුවේ.
අභිනික්ගණ්ඨ නිමිත්ත
කායික ශක්තිය සිතට ලබා දෙමින් අකුසල විතර්ක මර්දනය කිරීම මට බෑ, මට නෑ, මට දැන්
කම්මැලි යන ඍණ ආකල්ප මනසට එන විට අරමුණ මූලික ව සිහිපත් කොට අධ්‍යාපනයට බලපෑම් කරන
නිදිමත, කම්මැලිකම, අධික උෂ්ණත්වය කවර සාධකයක් වුව ද දතින් දත ගටා හෝ දිවෙන් තලු
පෙළා සිටින්නාක් මෙන් දැඩි වීර්යයෙන් උත්සාහයෙන් මට පුළුවන්, මට පාඩම් මතකයි,
කාලසටහනකට අනුව මම පාඩම් කරනවා යන හැඟීමෙන් එදිනෙදා පාඩම් එදිනෙදා කිරීමෙන්
අධ්‍යාපනයට නැඹුරුවීම සිදුවෙයි.
උක්ත බෞද්ධ ක්‍රම ශිල්ප ප්‍රායෝගික ව දරුවා අධ්‍යාපනයට නැඹුරු කිරීමේ දී භාවිත කළ
හැකි ය. එමෙන්ම “යඤ්ඤ දේව බහුල මනු විතක්කේති මනෝ විචාරයේ තථා තතිහෝති චේතතො”
යනුවෙන් යමක් ගැන බහුල වශයෙන් නැවත නැවත හිතනවා නම්, සොයා බලනවා නම් එයම වන බව
බෞද්ධ මනෝවිද්‍යාත්මක විග්‍රහය යි. ඒ අනුව දරුවන් අධ්‍යාපනයට නැඹුරු කිරීමට නිතර
නිතර ඉගෙනීමට යොමු කිරීම මුලින් ම නො තේරුනු පාඩම් වුව ද නැවත නැවත අධ්‍යයනයට
පෙළඹවීම තුළ අධ්‍යාපන රුචිය වැඩීමෙන් අධ්‍යාපනයට නැඹුරු වීම සිදුවෙයි.
තවදුරටත් අධ්‍යාපනයට නැඹුරු කිරීමේදී ත්‍රී ශික්ෂා ක්‍රමය ද උපයෝගී කර ගත හැකි ය.
එනම්
සීලය තුළින් කායික සංවරය අපේක්ෂා කරන අතර, මානසික ව අධ්‍යාපනික කරුණු අවධාරණය කර
ගැනීමට කායික සංවරය මූලික වශයෙන් අත්‍යවශ්‍ය සාධකයකි. ඉන් පසුව සමාධි ගත කිරීම යටතේ
ශිෂ්‍යයන්ගේ දැනුම මට්ටම මෙන් ම පෙර කරන ලද පාඩම් සිහිපත් කිරීම තුළ අවබෝධය
ගොඩනැඟිය යුතු ය.
අවසාන වශයෙන් ප්‍රඥාව වැඩීම යටතේ නව කරුණු ඉගෙනුම් මනස තුළ තැන්පත් කිරීම, පෙර
පාඩම් අවබෝධය මත ධාරණයවීම සිදු කරයි. ඒ අනුව අධ්‍යාපනික රුචිය වර්ධනය සමඟ
අධ්‍යාපනික නැඹුරුව ඇතිවේ.
රටක අනාගතයේ පැවැත්ම දරුවන් මත තීරණය වෙයි. දැනුමෙන්, ආකල්පවලින්, මෙන්ම
සාරධර්මවලින් පිරිපුන් දරු පරපුරක් රටට දායාද කිරීමේ මුදුන් මල්කඩ අධ්‍යාපනය යි.
එහෙත් ඛේදනීය තත්ත්වය වී ඇත්තේ බහුතරයක් දෙනා අධ්‍යාපනය තුළින් ඵල ප්‍රයෝජන නො
ගැනීමයි. එය අපොස සාමාන්‍ය පෙළ දක්වා සිටින සිසුන් ප්‍රමාණයත්, උසස් පෙළ විභාගය
සඳහා සිටින සිසුන් ප්‍රමාණයත්, ඒ අතරින් විශ්වවිද්‍යාලය සඳහා ප්‍රවේශ විය හැකි
සිසුන් ප්‍රමාණයත් සැලකිල්ලට ගත්විට තවදුරටත් පැහැදිලි වේ.
එහෙයින් මූලික අඩිතාලමේ සිට ම අධ්‍යාපනයට දරුවා නැඹුරු කිරීමට කටයුතු කළ යුතු ය. ඒ
අනුව උක්ත සඳහන් බෞද්ධ ක්‍රම ශිල්පද උපයෝගී කොට අධ්‍යාපනික නැඹුරුව වර්ධනය කිරීම
තුළින් සාර්ථක ජීවිතයකට උරුමකම් කීමට අපි සැවොම පුරුදු පුහුණු විය යුතු ය.
කැලණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යනාංශයේ
කේ ඉමාලි සහනිකා සේනාරත්න |