සයුරක ජල කඳ පරදන
කඳුළක අරුමය සසරක
තමන් කැමැති යමක් සමඟ සම්බන්ධ වෙන්න බැරි වූ තැන, අමනාප දේ හා එකතු වන විට දුකයි.
විරුද්ධවාදියකු හා සම්බන්ධ වන්නට සිදුවීම දුකක්.
එවන් විවිධ දුක් එක්රැස් වන විටක දුක ඉවසන්නට නොහැකි වනවා. ඒ අවස්ථාවල දී කඳුළු
වැගිරෙනවා. ඒ කඳුළට හේතුව විසඳා ගත්තත් නැවත නැවත කඳුලු කඩා හැලෙනවා.
භවයෙන් භවය ගෙවී යන මේ දිගු සසර ගමනේ අපි බොහෝ දුක් දොම්නස්වලට මුහුණ දෙනවා. ඒ දුක්
ප්‍රමාණය කළ නොහැකි තරම්. ඒ නිසා ම හඬන, වැලපෙන අවස්ථාවන් රැසකට මුහුණ දෙන්නට
වෙනවා.
එසේ අඬන්නේ වැලපෙන්නේ ඇයි? අඬන වැලපෙන අවස්ථාවන් හි දී කඳුළක් උපදින්නේ, ඒ ඇඬීම
වැලපීම ඇති වන්නේ කොහොමද?
තමන් කැමැති යමක් සමඟ සම්බන්ධ වෙන්න බැරි වූ තැන, අමනාප දේ හා එකතු වන විට දුකයි.
විරුද්ධවාදියකු හා සම්බන්ධ වන්නට සිදුවීම දුකක්.
එවන් විවිධ දුක් එක්රැස් වන විටක දුක ඉවසන්නට නොහැකි වනවා. ඒ අවස්ථාවල දී කඳුළු
වැගිරෙනවා. ඒ කඳුළට හේතුව විසඳා ගත්තත් නැවත නැවත කඳුලු කඩා හැලෙනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සසරේ දී අපි‍්‍රය, අමනාප අය මුණගැසුණු විට
අඬනවා, පි‍්‍රයයන්ගෙන් වෙන් වන විට අඬනවා. පි‍්‍රයමනාප දේ නැති වන විටත් අඬනවා.
මවගේ, පියාගේ, සහෝදරයා, සහෝදරිය පුතා, දුව, ඥාතියාගේ වෙන් වීම නිසා, විපත්තියක්
නිසා, තම භෝග සම්පත්තියට, ව්‍යාපාරයට හානියක් සිදු වූ විට රෝග ඇති වූ විට ආදී
වශයෙන් කරුණු නවයක් පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා.
පටාචාරා චරිතය බලන්න. සතළිස් කෝටියක් ධනය තිබූ සිටු මැඳුරක උපත ලද දියණියක්. ඇය
පටාචාරා ලෙස හැඳින්වූයේ පසු කාලයක දී යි. සිටු දියණිය, සිටු නිවසෙහි සේවකයකු සමඟ
ආදර සම්බන්ධයක් ඇති කර ගෙන ඔහු සමඟ එක්ව ජීවත් වීම සඳහා සිටු නිවෙසින් පිටව ගියා.
අප්‍රසිද්ධ ව ජීවත් වුණා. දරුවකු ලැබෙන්නට ආවා. තමන්ගේ අම්මා, තාත්තා බැහැදකින්නට
යන්නට ආවා. අතරමඟ දී දරුවා ලැබුණා. පෙරළා නිවසට පැමිණියා. දෙවැනි දරුවා ලැබෙන්නට යන
අවස්ථාවේ නැවත අම්මා, තාත්තා දකින්නට යන්නට සිත් වුණා. එහෙත් ස්වාමියා ඊට කැමැති
නෑ. තනිව ම හෝ මවුපියන් දකින්නට යන බව සිතමින් නිවසින් බැහැර වුණා. අතරමඟ දී මහා
වැස්සක් වහින්නට වුණා. අතු කපන්නට ගිය ස්වාමියා හුඹසක සිටි නාගයකු දෂ්ට කර මරණයට
පත්වූයේ ඒ මොහොතේයි. ඒත් පටාචාරා මෙම සිදුවීම ගැන දන්නේ නැහැ. මවුපියන් දකින්න යන
ගමනේ දී දෙවැනි දරුවාත් අතරමඟ දී බිහිවුණා. දණබිම තබාගෙන දරුවන් දෙදෙනා වැස්සෙන්
ආරක්ෂා කර ගත්තා.
පසුදින උදෑසන ඇයට දැන ගන්නට ලැබෙනවා ස්වාමියා මරණයට පත් වූ බව. ඒ අවස්ථාවේ දී ඇයට
බලවත් සංවේගයක් ඇති වුණා. ඉවසන්නට බැරි දුකක්, අසරණභාවයක් දැනුණා. හොඳට ම ඇඬුවා.
කඳුළු වගුරවමින් ඇඬුවා.
වෙන පිළිසරණක් ඇයට නෑ. මවුපියන් වෙත යෑමට දරු දෙදෙනාත් සමඟ ගඟ සමීපයට ආවා. දරු
දෙදෙනා සමඟින් ගඟෙන් එගොඩ වීම අපහසුයි. එක් දරුවකු රැගෙන ගඟින් එගොඩ වී ඒ දරුවා
ගංඉවුරේ තබා අනික් දරුවා රැගෙන යන්නට නැවතත් ගඟේ අනෙක් පැත්තට එමින් සිටියා. ගඟ
මැදට එන විට ගිජුළිහිණියකු පැමිණ කුඩා දරුවා ඩැහැගෙන ගියා.
මෙය දුටු ඇය ගඟ මැද සිට අත්පුඩි ගසමින් ගිජුළිහිණියා එළවන්නට උත්සාහ කළා. ගංඉවුරේ
සිටි වැඩිමල් දරුවා සිතුවේ තමන්ගේ අම්මා තමාට අඬගසනවා කියලයි. ඒ දරුවා ගංඉවුරට ආවා.
ගඟේ සැඬ පහරට හසු වූ දරුවා ගසාගෙන ගියා. දරුවන් දෙදෙනා ම එකවර ම නැති වුණා. ඇයට
දැනුණ දුක කෙසේ නම් ඉවසා දරා ගන්න ද? දෙනෙතින් කඳුළු කඩා වැටුණා. ස්වාමියාත්, දරු -
දෙදෙනාත් නැතිවීමේ සංවේගය දරාගන්නේ කෙසේද?
අවසානයේ ඇය තීරණයක් ගත්තා. ඒ මවුපියන් වෙත යන්නට යි. එසේ ගොස් මවුපියන්ගේ නිවෙසේ
විස්තර සොයා බැලීමේ දී ඇයට දැනගන්න ලැබුණේ තවත් දුක්බර ආරංචියක්. ඒ පෙර දා වැටුණු
මහා වැස්සෙන් තමන්ගේ මවුපියන් ජීවත් වූ නිවස කඩාවැටී මවත් - පියාත් එක ම සහෝදරයාත්
මරණයට පත් වූ බවයි. තවමත් අර ඈතින් දැවෙන්නේ ඒ දර සෑය බවයි, ඇයට දැන ගන්නට ලැබුණේ.
ඇය කෙසේ නම් දරාගන්න ද? කියා නිම කළ නොහැකි දුක් කන්ද? ඇය සිහිසුන් වුණා.
අවසිහියෙන් වීදි පුරා දිවයන්නට වුණා. ඇය දුටු නගර වැසියෝ ඇය පිස්සියක යැයි සිතා ගල්
මුල්වලින් පහර දුන්නා. උසුළු විසුළු කළා.
ඇය දුවගෙන ආවේ ජේතවනාරාමයට, “නැඟණිය, සිහි කල්පනාව ඇති කර ගන්න.” බුදුරජාණන් වහන්සේ
පැවසුවා. ඇය සිටි තැනම දණ බිම ගසා ගත්තා. ලජ්ජාවෙන් හිස පහත් කර ගත්තා. අසල සිටි
අයකු ඇයට සළුවක් දුන්නා. සළුව පොරවාගත් පටාචාරා තමාට මුහුණ දෙන්නට වූ දුක්මුසු පුවත
බුදුරජාණන් වහන්සේට සැල කළා. උන්වහන්සේ පටාචාරාවන්ට ධර්මය දේශනා කොට වදාළා.
මේ ආ සසර ගමනේ දී විවිධ දුක්ඛිත තත්ත්වයන් නිසා තමන්ගේ ඇසින් වැටුණු කඳුළු සතර මහා
සාගරයේ තිබෙන ජලය පරදවනවා. ගලා ගිය කඳුළු ප්‍රමාණය කළ නොහැකි තරම්.
අප කවුරුත් සංසාරේ සැරිසරන විට එක් අයෙක් වෙනුවෙන් හෙළූ කඳුළු මේ සතර මහා සාගරයේ
තිබෙන ජලයට වඩා වැඩියි කියන එකයි. එයින් අප තේරුම් ගත යුතු වන්නේ. ධර්මය ශ්‍රවණය කළ
පටාචාරා අවසානයේ සෝවාන් ඵලයට පැමිනුණා. ඇඬීම නතර වුණා.
පටාචාරාවට පමණක් නොවෙයි. සංසාරයේ සැරිසරන අපටත් අඬන්නට සිදු වෙනවා. දුක් වෙන්නට,
සංවේගයට පත්වෙන්නට සිදු වෙනවා. සසරේ හැටි එහෙමයි. ඒ බව තේරුම් ගැනීමයි කළ යුතු.
යමෙක් ඇතිවීමේ, නැතිවීමේ ස්වභාවය තේරුම් ගන්නේ නැති ව අවුරුදු සියයක් ජීවත් වනවාට
වඩා ධර්මය අවබෝධ කර ගෙන, ප්‍රඥාව ඇති කර ගෙන එක් දිනක් ජීවත් වීම වටිනවා. “ මේ
ආකාරයට ධර්ම දේශනාවට සවන් දුන් පටාචාරා අවසානයේ සියලු කෙලෙස් නසා රහත් භාවයට පත්
වුණා. එපමණක් නොව, විනයධර භික්ෂුණීන් වහන්සේ අතරින් අග තනතුරට ද පත්වුණා.
ඇඬීමට කරුණක් සකස් වූ විටක අප අඬ අඬා සිටියා කියා පිළිතුරක් ලැබෙන්නේ නෑ. යම් දෙයක්
අහිමි වුණා ද? එය ආපසු ලැබෙන්නේ නෑ. එය ලෝක ස්වභාවය යි. මේ තත්ත්වය තේරුම් ගත
යුතුයි. ඇතිවීම නැතිවීම තේරුම් ගත යුතුයි. මෙයින් පැහැදිලි වන්නේ, අනිත්‍ය ස්වභාවය
යි. අනිත්‍ය තේරුම් ගන්නේ නම් ඇතිවීම, නැතිවීම කියන්නේ දුකක්. ඇතිවීමයි - නැතිවීමයි
දුකක් නම් මේ දුක ඇතිවුණේ කොහොමද? මේ දුක හට ගන්නේ මමයි කියාගත්ත නිසයි. ඒ නිසා මේ
මගේ ය කියා ගන්නේ නැත්නම් අනාත්ම කියන දේ පෙනෙනවා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන කරුණු
කවදා හෝ වැටහුණ දිනක සියලු ම කෙලෙස් ප්‍රහාණය කර සෝවාන් ආදී මාර්ග ඵල ලබා අමා මහ
නිවන අවබෝධ කර ගන්න පුළුවන් වෙයි.
දීපා පෙරේරා |