[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පනස්වැනි ජන්ම දිනය සමරන කටුකෙන්දේ විජිත හිමි

පනස්වැනි ජන්ම දිනය සමරන කටුකෙන්දේ විජිත හිමි

බඩල්ගම කටුකෙන්ද සුන්දර ගම්මානයේ දෙල්ගොඩ ලියනගේ විජේරත්න සහ හෙට්ටි ආරච්චිගේ හේමාවතී යන දම්පතීන්ට දාව 1975.01.13 වන දින දෙල්ගොඩ ලියනගේ නිමල් ජයන්ත යන නමින් ජන්ම ලාභය ලබන අපේ ලොකු හාමුදුරුවෝ ළමා කාලය සහෝදරයන් තිදෙනකු සමඟ හැදී වැඩුණි.

කුඩා කල සිට ම දහමට කැමැති මෙම දරුවා 1989.07.13 වන දින මේ උතුම් බුද්ධ ශාසනයේ සාමණේර භික්ෂුවක් ලෙසින් කටුකෙන්දේ විජිත හිමි නම ලබා සසුන්ගත විය. 1992 වසරේ පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටි කටුකෙන්දේ විජිත සාමණේරයන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනේ ඉතිහාසය සනිටුහන් කරමින් විද්‍යාලංකාර පිරිවෙනේ වසරේ විශිෂ්ටම ප්‍රතිඵල ලබා ගනිමින් පිරිවෙන් අවසාන විභාගය සමත්වීමෙන් පසුව මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය පිරිවෙනට ඇතුළත් වන ලදී. එහිදී ද 1995 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයන් ලබමින් සමත් විය. එම සාමාර්ථයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වුණ අප නා හිමියෝ වසර 1997 ජූලි 07 වන දින ගාල්ල මහ මෝදර උදකුක්ඛේප සීමා මාලකයේ දී අධිසීල සංඛ්‍යාත උපසම්පදාව ද ලබා ගත්හ.

මෙහිදී අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් අප හිමියෝ 2007.01.01 වන දින සිට ගුරුවරයකු වශයෙන් පත්වූ කැලණිය විශ්වවිද්‍යාලයේ හින්දි අධ්‍යයන අංශයෙන් පවත්වන ලද පශ්චාත් හින්දි ඩිප්ලෝමා පාඨමාලාවෙන් ද විශිෂ්ට සාමාර්ථ ලැබූහ. එහි ප්‍රතිඵලයක් ලෙසින් රුහුණු විශ්වවිද්‍යාලයේ හින්දි භාෂාව පිළිබඳ බාහිර කථිකාචාර්යවරයකු වශයෙන් තේරීපත් විය.

දමින්නගහවත්ත ග්‍රාමයේ අලුතින් විහාරස්ථානයක් ඉදිවුණි. මෙම විහාරස්ථානයේ ප්‍රධාන පැවිදි අනුශාසක භික්ෂූන් වහන්සේ වූ අපවත් වී වදාළ ආරංගාවේ සෝම නාහිමිපාණන්ගේ සහ වත්මන් දිවුලපිටිය ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ගලේවත්ත ශ්‍රී බෝධිරාජාරාමාධිපති තිඹිරිගොල්ලේ රේවත නාහිමිපාණන් වහන්සේගේ බලවත් ඉල්ලීම මත 2011 වසරේ දී අලුතින් ආරම්භ කරන ලද එම විහාරස්ථානයට වැඩම කරන ලදී.

සෑම මසක ම සිල් සමාදන් වන උපාසක උපාසිකාවන් සඳහා විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කළහ. ප්‍රදේශයේ බොදු දූ දරුවන්ගේ විනාශ වී යන සංස්කෘතික, සමාජ යහපත් ආකල්ප වර්ධනය කිරීම සඳහා ශ්‍රී සූර්යෝදය දහම් පාසල ආරම්භ කරන ලදී. එහි ප්‍රධානාචාර්ය හිමියන් ලෙසින් කටයුතු කරමින් කෙටි කාලයක් තුළ දී මෙම සූර්යෝදය දහම් පාසල කටාන මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර කැපී පෙනෙන දහම් පාසලක් බවට පත් කරන ලදී.

ප්‍රදේශයේ සිටින තරුණ තරුණියන් ඒකරාශී කරමින් “සදහම් සරණ” තරුණ බෞද්ධ සංගමය පිහිටුවා ගත් අතර, තරුණ පිරිස විවිධ ආගමික සාමාජික කටයුතුවලට යොමු කරමින් ඔවුන්ට ද විනාශ වී යන සංස්කෘතිය නැවත ඇති කර ගැනීමට මඟ පෙන්වනු ලබයි. එසේම විහාරස්ථානය කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වන දායක සභාව, විහාර කාර්ය සාධක සමිතිය සහ දහම් පාසල් සංවර්ධන සමිතිය ආදී විහාරස්ථ අනෙකුත් සමිතිවල සභාපතීත්වය දරමින් ඒ තුළින් ගමේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු රාශියක් ඉටු කරනු ලබයි. එසේම ගමේ පොදු සමිති සමාගම්වලට ද වැඩම කර සහභාගී වෙමින්, අනුශාසනා කරමින් ගමේ දියුණුවට නිරතුරු ව කැපවී කටයුතු කරනු ලබන අතර වර්තමානයේ ශාස්ත්‍රපති සාම විනිසුරු කටුවකන්දේ විජිත හිමි මීගමු හරිස්චන්ද්‍ර විදුහලේ නියෝජ්‍ය විදුහල්පති පදවිය උසුලනු ලබයි.

නවම් අව අටවක

 පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.56න් ගෙවේ.
20 බ්‍රහස්පතින්දා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 20

Full Moonඅමාවක

පෙබරවාරි 27

First Quarterපුර අටවක

මාර්තු 06

Full Moonපසළොස්වක

මාර්තු 13

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]