කලණ මිතුරු ඇසුරක
අසිරිය
බුද්ධශාසන අමාත්‍යාංශයේ
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ
ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල
උන්වහන්සේට ඇති වූයේ මහත් සංවේගයකි. මහ තෙරුන් වහන්සේ සොරුන්හට කියන්නේ ඔබලා ගිනි
දල්වන විට, හුල් මුවහත් කරන විට මේ ළදරුවා බියවිය හැකි හෙයින් ඒවා නොපෙනෙන්නට කරව
ආදී වශයෙන් කියද්දී, හෙරණුන් රැගෙන සොරු පිටත්ව ගියෝ ය. නියම කොට පෙන්වූ තැන වැඩ
සිටි පුංචි සාමණේර රහතන් වහන්සේ සමාපත්තියට සම වැදුනහ
සංකිච්ච හෙරණුවෝ දම් සෙනවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ ගෝල නමෙකි. උන්වහන්සේ ඇතුළු
තවත් භික්ෂූන් වහන්සේ සොරුන් පිරිසකට කොටු වූහ. එහි දී සංකිච්ච සාමණේර නම සොරුන් හා
යාමට ඉදිරිපත් වූහ. එවිට " අපි බේරී කුඩා ඔබ, හොරුන්ට පාවා දුන්නෙමු" යැයි දොස්
අසන්නට වන්නේ ද අපට ම ය. එය කෙසේවත් කළ නොහැකි යැයි සියලු ස්වාමීන් වහන්සේ කියන්නට
වන්හ.
ඇයි ස්වාමීනි එසේ කියන්නේ. එදා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් මාගේ ගුරු
හාමුදුරුවන් වහන්සේ වෙත යොමු කළේ මෙම කරුණ දැන ගෙන ම ය. මගේ ගුරු හාමුදුරුවෝ මා ඔබ
වහන්සේ සමඟ එව්වෙත් මේ කරුණ දැන ගෙන ම ය. එහෙයින් මේ කරදරය මා පිටට ගත යුතු ම ය. ඒ
නිසා මට අවසර දෙන්න. මා අත යම් වරදක් ඇති වූයේ නම් හැමට කමා කරන්නෙමි'යි සියලු
වහන්සේ වැඳ යන්නට පිටත් විය.
මහ තෙරුන් වහන්සේ සොරුන්හට කියන්නේ ඔබලා ගිනි දල්වන විට, හුල් මුවහත් කරන විට මේ
ළදරුවා බියවිය හැකි හෙයින් ඒවා නො පෙනෙන්නට කරව ආදී වශයෙන් කියද්දී, හෙරණුන් රැගෙන
සොරු පිටත් ව ගියෝ ය.
නියම කොට පෙන්වූ තැන වැඩ සිටි පුංචි සාමණේර රහතන් වහන්සේ සමාපත්තියට සම වැදුනහ. සොර
දෙටුවා කඩුව මුවහත් කොට පළමු පහර ගෙල හරහා දුන්හ. එකෙනෙහි ම කඩුව පළල් දෙපසින් එකට
එක් විය. නැවත එය දිග හැර ඒ කඩුපාර හොඳින් නො වැදුණේ යැයි සිතා වැරෙන් දෙවැනි පහරක්
ද ගැසූහ. එවර තල්පතක් සේ කඩු මිට දක්වා එය හැකිළී ගියේ ය. මේ දැක පුදුම වූ සොර නායක
තෙමේ සිත් පිත් නැති මේ කඩුව කුඩා හාමුදුරුවන් වහන්සේගේ ගුණ දන්නා සේ ය. එහෙත්
හිත්පිත් ඇති මට එය නොදැනුනේ යැයි හෙරණුන් වහන්සේ පාමුල වැඳ වැටී සමාව අයදමින්
“කිසිදු බියක් නො දැනෙන ඔබගේ මුහුණ පිපීගිය කිණිහිරි මලක් සේ බබළන්නේ ය. එයට හේතු
කිම”යි ආදී වශයෙන් විමසන්නේ සමාපත්තියෙන් නැඟී සිට සාමණේරයන් වහන්සේ ඔවුනට රහත් ගුණ
ප්‍රකාශ කොට පන්සියයක් වූ මේ සොරු පිරිස් පැවිදි කරවූවෝ ය.
නිසි වයස්හි උපසම්පදාව ලැබ සංකිච්ච රහතන් වහන්සේ පන්සියයක් වූ එම භික්ෂු පිරිස සමඟ
ඉසිපතනයෙහි වැඩ සිටියහ.
මේ කාලයෙහි බරණැස එක්තරා මිථ්‍යාදෘෂ්ටික බමුණුූ යුවළකට පුතුන් දෙදෙනෙක් හා එක්
දුවක් සිටියහ. වැඩිමහල් පුතුගේ එක් උපාසක මිත්‍රයෙක් සංකිච්ච රහතන් වහන්සේ වෙත මෙම
වැඩිමහල් පුතු කැඳවා ගෙන ගොස් බණ දහම් ඇසීමට සැලැස්වූහ.
කාලය ගතවෙද්දී භික්ෂූන් වහන්සේගේ ප්‍රතිපත්ති දැක පැහැදුනු බාල සහෝදරයා හා සහෝදරිය
ද පින්කම් කිරීමෙහි කැමැති වූවෝ වූහ. මෙසේ තිදෙනා ම සම්පත් පමණින් දන් දෙමින් මහණ
බමුණන්ට ද සත්කාර කළහ. ගරු කළහ. එහෙත් මව්පියන් දෙපළ ශ්‍රද්ධා නැත්තේ,
මිත්‍යාදෘෂ්ටික ම වූහ. පැවිදි උතුමන් කෙරෙහි අප්‍රසන්න වූහ. ඔවුනට අගෞරව වන පරිදි
කටයුතු කළෝ ය. දන්දීම ආදි කොට ඇති පුණ්‍ය ක්‍රියාවන්හි ඇලුම් නොකළා පමණක් නොව,
පැවිදි උතුමෝ නොරිස්සවූහ.
මේ අතර ඔවුන්ගේ දියණිය මාමාගේ පුතුට විවාහ කර දීමට කතිකා කර ගෙන සිටියමුත් ඔහු
සංකිච්ච තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් හා සංසාරය කෙරෙහි කලකිරීමෙන් මහණ විය.
එහෙත් ඔහු නිතර මෙම ගෙදරට දානය සඳහා වඩින්නේ ය. මව් බැමිණිය තම දියණිය යොදා සාමණේර
හිමි පොළඹවා ගත්හ. මෙයින් හෙතෙම උකටලී වූයේ, මම සිවුරු හැර, උපැවිදි වෙමි'යි
උපාධ්‍යායයන් වහන්සේට නිතර කියන්නට විය. උපාධ්‍යායයන් වහන්සේ ශාසනයේ ඔහුට ඇති
සම්පත් දැක, සාමණේරය, එය තවත් සත් දිනකට, මසකට, නැවැත අඩමසකට ආදී වශයෙන් කල් තැබුවේ
ය. මේ අතර මහා වැස්සකින් හා සුළඟින් මේ බමුණු ගෙය ද කඩා වැටී එයට යට වී බ්‍රාහ්මණ
යුවළ ද, පුතුන් දෙදෙනා ද, දියණිය ද මරණයට පත්වූහ.
මොවුන් අතුරෙන් බමුණා හා බැමිණිය පේ‍්‍රත ලොව උපන්නා හ. අනෙක් තිදෙනා භූමාටු
දෙවියන් ව උපන්හ. වැඩිමහල් පුතුට හස්ති (නාග) යානයක් ද, බාල පුතුට, වෙළඹුන් යෙදූ
වාහනයක් ද දියණියට රන් විමනක් ද දෙව්ලොව දී පහළ වූහ. පේ‍්‍රත ව උපන් මේ බමුණුූ
දෙපොළ පොලු මුගුරුවලින් එකිනෙකාට පහර දී ගන්නේ ලෙයින් හා සැරව බුදිමින් මහත් දුක්
විඳින්නට වූහ. එකිනෙකා පහර දෙන්නේ ක්‍රෝධයෙන් යුතු ව නිකරුණේ පරුෂ වචනයෙන් බැණ
වදිමින් අසතුටින් ම ජීවත් වෙති.
මේ අතර (කිසිත් නොදත්) සාමණේරයන් වහන්සේ සංකිච්ච උපාධ්‍යායයන් වහන්සේ හමුව “මම ගෙදර
යන්නෙමි'යි” එයට අවසර දෙන්න යැයි ඉල්ලා සිටියහ. උපාධ්‍යායයන් වහන්සේ කිසිත් නො කියා
කළුවර පක්ෂයෙහි වූ මාසේ පෝය දිනක සාමණේරයන් ද කැටිව ඉසිපතනාරාමයේ පිටිපසින් ටික
දුරක් ගොස් නතර ව සිටියහ. එවේලෙහි පළමු කී දේවපුත්‍රයන් දෙදෙනා තම නැඟණියන් සමඟ දේව
සමාගමට යමින් සිටියහ. ඔවුන්ගේ මව්පියෝ පරුෂ වචන කියමින්, පොලු ඔසවා ගෙන, අවුල් ව
ගිය කෙස් ඇති ව දාගිය තල්කඳන් වැනි කළු ශරීර ඇති ව, වැගිරුණූ ලේ ඇති ව, ඉතා
පිළිකුල් සහගත ලෙසින් ඉහත කී දෙවිවරුන් ලුහුබැඳ යමින් සිටියහ. එවේලෙහි සංකිච්ච
තෙරුන් වහන්සේ තම ඍද්ධියෙන් ඒ යන සියලු දෙනා සාමණේරයන් වහන්සේට පෙනෙන්නට සලස්වා
" සාමණේරය, මේ යන්නවුන් ඔබට දැකිය හැක්කේ දැයි ඇසීය. සාමණේරයන් වහන්සේ ද ඇත් වාහනයේ
පටන් සියලු දෙනාගේ ම පිළිවෙළින් වතගොත විචාළේ ය. ධවල වූ ඇතු පිටින් ඉදිරියෙන් ම එක්
දෙවියෙක් ද, වෙළඹුන් යෙදූ රියකින් තව දෙවියෙක් මැදින් ද, දස දිසාවන් බබුළුවමින්
දීප්තිමත් වු මුව දෙනකට බඳු ඇස් ඇති දිව්‍ය කන්‍යාවක් රන්සිවි ගෙයකින් තුන් වෙනුව
ද, මෙසේ ගමන් කළහ.
පොලු, මුගුරු ගත් අත් ඇති ව, හැඬූ මුහුණින් තැනින් තැන තුවාල වුණු ශරීර ඇතිව
පසුපසින් ගිය පේ‍්‍රතයෝ දෙදෙනාගෙන් විමසන්නේ ඔබලා කුමන පාප කර්මයකින් මේ තත්ත්වයට
පත්වූයේ දැයි ඇසීය.
වහන්ස, මෙහි යම් දෙවි කෙනෙක් ඉදිරියෙන් යෙත් ද, ඒ අපගේ වැඩිමහල් පුතණුවන් ය. ඔහු
ශ්‍රද්ධාවෙන් පැහැදී දන් දී සුවපත් ව දැන් සතුටු වෙයි.
මැදින් ගමන් කරන්නේ, ඒ අපේ බාල පුත්‍රයා ය. ඔහු මසුරු මල දුරු කොට, දන් දී මෙසේ
බබළයි. පසු පසින් යම් දෙවඟනක් යන්නී ද, ඕතොමෝ අපගේ බාල දියණිය යි. ඇය තමාගේ කොටසින්
අඩක් දන් දී ඒ පිනෙන් සුවපත් ව මෙසේ සතුටු වෙයි. අපි මසුරු සිත් ඇත්තේ මහණ බමුණන්ට
අගෞරව කළෙමු. පරිභව කළෙමු. මෙවන් කර්ම ඇති අපේ දරුවෝ දන් දී සැප විඳිති යි. අපි
පොලු මුගුරුවලින් තළා ගනිමින් පිපාසයෙන් හා බඩ ගින්දරෙන් යුතු ව ලේ සැරව බොමින්
දුක් විඳින්නෙමු'ය. ඒ පේ‍්‍රතයෝ දෙදෙන මෙසේ තමන්ගේ පාප කර්මයන් පවසා
‘අපි ඔබ වහන්සේගේ නැන්දා සහ මාමා වන්නෙමු’ යැයි ද පැවැසූහ.
එය ඇසූ සාමණේරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ පැවිදි ජීවිතයේ ඇති කලකිරීම් පහකොට
උපාධ්‍යායයන් වහන්සේ දෙපා අල්ලා වඳිමින් මෙසේ කීය.
ඔබ වහන්සේ විසින් යම් අනුකම්පාවක් මට කළ යුත්තේ ද? ඒ එසේ ම මට කරන ලදී. ඒකාන්තයෙන්
ම මහත් අනතුරකට වැටීමට සිටි මා බේරා ගෙන ඇත. දැන් මට ගිහිගෙයින් වැඩක් නැත. ශාසන
බ්‍රහ්මචරියාව මැනවින් පිළිපදින්නෙමි'ය යැයි කීය.
උන්වහන්සේ නොබෝ කලෙකින් ම රහතන් වහන්සේ අතර තවත් එක් නමක් වීය.
මේ සියලු ප්‍රවෘත්තිය සංකිච්ච මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට දැන්වූයෙන්
භාග්‍යවතුන් වහන්සේ අර්ථෝත්පත්ති කොට එහි සිටි පිරිසට දහම් දෙසූ සේක. එය බොහෝ ජනයාට
ඵල සහිත එකක් ම විය.
*
අපි එකිනෙකා තළාගෙන ලෙහෙසරුව පානය කරමු. බොහෝ පානය කොටත් සෑහීමකට පත් නොවෙමු. එය ද
රුචියෙන් නො වන්නෙමු ය.
*
මනුෂ්‍ය ව සිටි අපි නො දුන් පරිදි ම, නො දෙන සුළු මනුෂ්‍යයෝ මේ පේ‍්‍රත ලෝකයෙහි
ඉපිද සිටින්නා හ. ඔවුහු වැලපෙත්. යම් මනුෂ්‍ය කෙනෙක් භෝග සම්පත් ලැබ, තමනුත් අනුභව
නොකරන්නේ (දීමෙන්) පින් ද නො කරන්නේ නම්, ඔවුහු දුක් එළවන කටුක ඵල ඇති පව්කම් කොට
මරණින් මතු (පේ‍්‍රතලොව) සාපිපාසාවෙන් පීඩිත ව මහත් දුක් අනුභව කෙරෙත්.
*
ධන, ධාන්‍ය, ක්ෂණික ය. (ටික කාලයකට ය) ලැබූ (මනුෂ්‍ය) ජීවිතය ද ක්ෂණික ය ( ටික කලකට
ය) දිගු කල් නැති දේ ද ක්ෂණික යැයි දැන නුවණ ඇත්තෝ යහපත් දේ ම කරන්නේ ය.
*
ධර්මයෙහි දක්ෂ වූ යම් මනුෂ්‍යයෙක් මේවා මෙසේ දනිත් ද?, ඔවුහු රහතුන්ගේ වචන අසා දන්
දීමෙහි පමා නොවෙති”.
නාග ප්‍රේතවස්තුව (ඛුද්දක නිකාය ප්රේතත්ථුපාළීය)
|