ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ නවම් පුර පසළොස්වක පෝදා 2025 පෙබරවාරි 12 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
එළඹෙන පළමුවැනි දින සවස 2.00 සිට මෙගොඩ කැලණිය පුදබිමේ දී මහා සුවඳ දුම් පූජාවක් සිව්බල සේනා සංවිධානය විසින් සංවිධානය කර ඇත.
එදින අලුයම කිරි ආහාර පූජාව දෙමටපිටියේ රතනසිරි හිමියෝ පවත්වති. උදෑසන 10.00 ට ව්‍යංජන 32ක් සහිත පූජාව මෙහෙයවීම කටුවන පියරතන හිමි, දවල් 12.30 ට ශ්‍රී කල්‍යාණිවංශිකාරාම විහාරයෙන් රථ පෙරහරක් පිටත්වීම සිදුවන අතර, අංගොඩ මංසන්ධියේ සිට පාගමනින් පෙරහර පිටත්ව සවස 3.00ට පමණ අඩි 50ක් උසැති හඳුන්කූරු සහ අසූහාර දහසක් සුවඳ හඳුන්කූරු දැල්වීම, කංචුක පූජාව, 108ක් ඖෂධ ගිලන්පස, මල් කංචුක, අටපිරිකර, සිවුරු, අෂ්ටපාන පූජා කිරීම සිදු කිරීමට නියමිත ය. සවස 4.00ට මහා සුවඳ දුම් පූජාව පදියපැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසිනි. රාත්‍රී 7.00ට වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකි.
පෙබරවාරි 11 අඟහරුවාදා අ.භා 07.01 පුර පසළොස්වක ලබා 12 බදාදා අ.භා 07.28න් ගෙවේ. 12 බදාදා සිල්.
පසළොස්වක
පෙබරවාරි 12
අව අටවක
පෙබරවාරි 20
අමාවක
පෙබරවාරි 27
පුර අටවක
මාර්තු 06
| PRINTABLE VIEW |
© 2000 - 2025 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]