මහා සුවඳ දුම් පූජාවක්
එළඹෙන පළමුවැනි දින සවස 2.00 සිට මෙගොඩ කැලණිය පුදබිමේ දී මහා සුවඳ දුම් පූජාවක්
සිව්බල සේනා සංවිධානය විසින් සංවිධානය කර ඇත.
එදින අලුයම කිරි ආහාර පූජාව දෙමටපිටියේ රතනසිරි හිමියෝ පවත්වති. උදෑසන 10.00 ට
ව්‍යංජන 32ක් සහිත පූජාව මෙහෙයවීම කටුවන පියරතන හිමි, දවල් 12.30 ට ශ්‍රී
කල්‍යාණිවංශිකාරාම විහාරයෙන් රථ පෙරහරක් පිටත්වීම සිදුවන අතර, අංගොඩ මංසන්ධියේ සිට
පාගමනින් පෙරහර පිටත්ව සවස 3.00ට පමණ අඩි 50ක් උසැති හඳුන්කූරු සහ අසූහාර දහසක්
සුවඳ හඳුන්කූරු දැල්වීම, කංචුක පූජාව, 108ක් ඖෂධ ගිලන්පස, මල් කංචුක, අටපිරිකර,
සිවුරු, අෂ්ටපාන පූජා කිරීම සිදු කිරීමට නියමිත ය. සවස 4.00ට මහා සුවඳ දුම් පූජාව
පදියපැලැල්ලේ පඤ්ඤාජෝති හිමියන් විසිනි. රාත්‍රී 7.00ට වැලිමඩ සද්ධාසීල ස්වාමීන්
වහන්සේගේ ධර්ම දේශනාවකි. |