[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

කූරගල රාජමහා විහාර
ධාතු මන්දිරය

ඉල් පුර අටවක

 නොවැම්බර් 08 සිකුරාදා අ.භා. 11.55 පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10.43 ගෙවේ.
09 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

 

සය වැදෑරුම් සුවිශේෂී උපත්

බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සමයේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ෂට් ශාස්තෘවරුන් අතර සිටි පූරණකස්සප විසින් පනවන ලද විශේෂ උපත් හයක් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ එම කරුණ මූලික කර ගනිමින් ඡළාභිජාති සූත්‍රය දේශනා කළ සේක. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු පැහැ නොවූත් නිර්වාණය උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු පැහැ නොවූත් නිර්වාණය උපදවයි. මෙම විශේෂ උපත් හය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දේශනා කළ සේක. ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේ ද? ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. එනම් සැඩොල් කුලයේ වේවා, වැදි කුලයේ වේවා, කුළුපොතු කුලයේ වේවා, රථකාර කුලයේ වේවා, පුක්කුස කුලයේ හෝ වේවා උපන්නේ වෙයි. දිළිඳු වූයේ, අල්ප වූ ආහාරපාන ඇති ව, දුක සේ දිවි ගෙවෙන, දුක සේ කුසගිනි නිවා ගන්නා, වස්ත්‍ර ලබා ගන්නා කුලයෙහි උපන්නේ වෙයි. එමෙන් ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි. දැකීමට අප්‍රසන්න වූයේ වෙයි. ඉතා මිටි වූයේ වෙයි. බොහෝ රෝගාබාධ ඇත්තේ වෙයි. එකැස් ඇත්තේ වෙයි. වකුටු අත් පා ඇත්තේ වෙයි. කොර වූයේ හෝ වෙයි. පිළු හෝ වෙයි. ආහාරපාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, නිවාස, පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි.

හෙළ සාහිත කෙත සුපෝෂිත කළ මිහිඳු සංස්කෘතිය

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, ලක්දිවට වැඩම කොට, ධර්ම දේශනා කොට ඇත්තේ සිංහල භාෂාවෙනි. ඒ බැව් “ධම්මං භාසිත්වා දීපභාසාය එවං (මහාවංශ 14 පරිඞ 65 ගාථා) මහාවංශ ගාථාවෙන් පැහැදිලි වේ. උන්වහන්සේ සමීපයෙහි පැවිදි වූ අරිට්ඨ හිමිපාණන් ඇතුළු සිංහල භික්ෂූන් වහන්සේ ලවා තමන් වහන්සේ භාරතයෙන් ගෙන එන ලැබූ, පාලි අටුවා හෙළ බසට පරිවර්තනය කරවන ලදි. “මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරෝ හෙළ බසින් තැබූහ. (ජයතිලක සංස්කරණය 6 පිට) යන ධම්පියා අටුවා ගැටපදයේ සඳහන් වන, මෙම පුවතින් ද ඒ බැව් තහවුරු වේ. තථාගතයන් වහන්සේගේ ධර්මය උගැන්වීමේ මූලික අදහස පෙරදැරි ව මහාවිහාර භූමියේ විද්‍යායතනයක් ආරම්භ කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, එහි උගැන්වීම ආරම්භ කළහ. එම විද්‍යායතනයෙහි අධ්‍යාපන කටයුතුවල නිරත වූ බොහෝ දෙනකුට ධර්මය පිළිබඳවත්, භාෂා ශාස්ත්‍ර පිළිබඳවත්, මනාපිටිවහලක් ඇති කර ගැනීමට ශක්තිය ඇති විය. මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී මාර්ගෝපදේශකත්වය නිසා ටික කලකින් ම එහි විපුල ප්‍රයෝජනය ලක්දිව වැස්සෝ ලබා ගත්හ. ක්‍රි.පූ. 3වැනි සියවසේ හෙවත් දෙවනපෑතිස්ස රාජ්‍ය සමයේ නියමිත අක්ෂර මාලාවක් හෝ භාෂා ඥානයක් තිබී නැතත්, 3වැනි සියවසෙන් පසු ග්‍රන්ථ ලිවීමට තරම් ශක්තියක් ඇති කර ගෙන තිබේ. මෙම භාෂාන්තර ඥානය ලැබූ භික්ෂූන් වහන්සේ, ග්‍රන්ථකරණයෙහි නියැළී ඇත. අනුරාධපුර යුගයේ දී රචනා වී ඇති, කෘති අතර දැනට විද්‍යමාන වන්නේ කෘති 3කි. එනම් ධර්මප්‍රදීපිකාව, සියබස්ලකර, සිඛවලද හා සිඛවලඳ විනිස යන කෘති තුනයි. අනුරාධපුර මුල් අවධියේ රචනා වී ඇති ග්‍රන්ථ අවිද්‍යමාන නිසා සාහිත්‍යය පිළිබඳ වූ පැහැදිලි අවබෝධයක් ලබා ගත නොහැකි ය. සිංහල භාෂාවෙන් රචිත හෙළ අටුවා ග්‍රන්ථ 3ක්, 5 වැනි සියවස දක්වා මහා විහාරයේ තැන්පත් ව තිබී ඇත. ඒ බැව් සමන්තපාසාදිකාවේ සඳහන් මෙම ගාථාවෙන් පැහැදිලි වේ.

 

දුර්භික්ෂ කලෙක දී වුව ආහාර හිඟ නොවීමේ පින

ලංකා ශාසන ඉතිහාසයේ සංවර ඉඳුරන් ඇති ශ්‍රද්ධාවන්තම රජතුමා අපේ සද්ධාතිස්ස මහරජතුමා යි. මේ රජතුමාගේ නම ඇහුවත් හැමෝම දන්නවා කාගේ කවුද, මොනවද ලංකාවට කරපු ශාසනික සේවය කියලා. රුහුණු රටේ දිගාමඬුල්ලට ආදරය කළ මේ රජතුමා කුඹුරු ගොවිතැනින් රට ස්වයංපෝෂිත කළා. ක්‍රියාත්මක කර තිබුණු කෘෂිකාර්මික කටයුතු අධීක්ෂණය කරන්න රාජ්‍ය නිලධාරින් යොදවලා තිබුණා. ඒ වගේම අවශ්‍යතාව අනුව උසස් නිලධාරීන් ද ගොවිබිම් පරීක්ෂා කරන්න යැව්වා. දවසක් උසස් නිලධාරියකුට කතා කර කියනවා ‘ඔබ වහා ම කොට්ටසාල ගමට ගිහින් ගොවිතැන් කටයුතුත්, ජනතාවගේ සුවදුක් ආදියත්, සංවර්ධනය විය යුතු හෝ ප්‍රතිසංස්කරණය විය යුතු බොහෝ දේ තියෙනවා නම් ඒවාත් බලාගෙන එන්න’ කියලා. මේ උසස් නිලධාරියා රාජ නියෝගයෙන් ‘කොට්ටසාල’ ගමට ගියා. ඒ ආරංචිය කනවැකුණු ගම්වැසියෝ රජතුමාට තමන්ගේ සුවදුක් වාර්තා කරන්න එන නිලධාරියාට හොඳින් සලකන්න ඕන කියලා හිතාගෙන ගිතෙල් මිශ්‍ර රස ම රස කෑමක් සකස් කළා. රාජ්‍ය නිලධාරියාත් පෙර දැනුම් දුන්න පරිදි ම උදෑසන කාලයේ කොට්ටසාල ගමට ගියා. ගම්වැසියන් එක්ක කතා බස් කරමින් ඉන්න අතරේ හැමදාම මේ ගමට වැඩම කරන පිණ්ඩපාතික තෙර නමත් වැඩම කළා. මිනිසුන් පිණ්ඩපාතය පිළි ගන්වන්නට ගෙවල්වලට යන්න සැරසෙන විට නිලධාරියා ඔවුන් වළක්වා තමන්ට දුන් රසම රසවත් ගිතෙල් මිශ්‍ර කෑම තෙරුන් වහන්සේට පූජා කර නමස්කාර කළා. මිනිසුන්ගේ කටයුතු වගේ ම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු පිළිබඳවත් හොයා බලා රජතුමාට ඒ සියල්ල වාර්තා කරන බවට ගම්වැසියන්ට පොරොන්දු වෙලා යන්න ගියා. මේ උසස් නිලධාරියා රජතුමාට සේවය කර විශ්‍රාම ගියා. කලක් ගතවත්ම ආයු කෙළවර කළුරිය කර කොට්ටසාල ප්‍රදේශයේ ම ‘වල්ලවහ’ නම් ගමේ අඹුසැමි යුවළකට දාව ඉපදුණා. මව්පියන් ‘සුමන’ කියා මේ සිඟිත්තාට නමක් දුන්නා. ක්‍රමයෙන් වැඩිවියට පත්වෙලා ගොවිතැන් කරමින් ජීවත් වුණා. සුමන තරුණයා නිසි කල මව්පියන්ගේ ආශීර්වාදයෙන් විවාහ ජීවිතයට ඇතුළු වුණා.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]