[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සිසු නිපුණතා ඇගයීමෙන් නාගොල්ල සුමන දහම් පාසල මෙවරත් පළමු තැනට

සිසු නිපුණතා ඇගයීමෙන් නාගොල්ල සුමන දහම් පාසල මෙවරත් පළමු තැනට

ගලේවෙල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ දහම් පාසල් 54ක් අතර පැවැත්වූ සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේ දී නාගොල්ල සුමන දහම්පාසල නොකඩවා 19 වැනි වරටත් පළමු ස්ථානය හිමිකර ගනී.

ගලේවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයට අයත් නාගොල්ල පුරාණ විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලබන ශ්‍රී සුමන දහම් පාසල (ධර්ම විද්‍යාලය )පසුගිය 08 වැනි දින පවත්වනු ලැබූ සිසු නිපුණතා ඇගයීම් තරගාවලියේ දී නොකඩවා 19 වැනි වරටත් පළමුවැනි ස්ථානය හිමි කර ගෙන ඇත. එහිදී පළමු ස්ථාන 11ක් හා අවශේෂ ස්ථාන 30ක් එම දහම් පාසල ලබා ගෙන ඇත.

ගලේවෙල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ දහම් පාසල් 54ක් එම තරගයට සහභාගී වූ බව එම දහම් පාසලේ ප්‍රධානාචාර්ය සාම විනිසුරු පූජ්‍ය මැදබැද්දේ වජිරඥාණ හිමියෝ පැවැසූහ.මෙම ජයග්‍රාහකයන් අතුරෙන් කිහිපදෙනෙක් ම නුදුරු කාලයේ පැවැත්වෙන සමස්ත ලංකා දහම් පාසල් තරගයට සහභාගී වීමට සුදුසුකම් ලබා ඇති බව උන්වහන්සේ පැවැසූහ.

කෙසේවෙතත් එම පාසලේ පවතින අඩුපාඩු නිසා එහි දහම් දැනුම ලබා ගන්නා සිසුහු දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිති. සිසුන් 30 දෙනෙකුගෙන් පමණ 1986 වසරේ ආරම්භ කරනු ලැබූ මෙම දහම් පාසලේ මේ වනවිට සිසුහු 500කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබති.ගුරුවරු 28 දෙනෙක් පමණ ස්වේච්ඡාවෙන් ඔවුන්ට අධ්‍යාපනය ලබා දෙති. අදාළ ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ පවත්වා ගෙන යනු ලබන දහම් පාසල්වලින් වැඩිම සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන්නේ මෙම දහම් පාසලෙනි. 01 වසරේ සිට අවසාන ධර්මාචාර්ය විභාගය දක්වා පන්ති මෙහි පැවැත්වේ.

2006 වසරේ සිට මේ දක්වා ගලේවෙල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ පැවැත්වූ සිසු නිපුනතා දහම් පාසල් තරගවල දී අඛණ්ඩ ව වසරකට ප්‍රථම ස්ථාන 27ක් පමණ හිමිකර ගන්නා බව විහාරාධිපති හිමි හා ප්‍රධානාචාර්ය සාමවිනිසුරු පූජ්‍ය මැදබැද්දේ වජිරඥාන හිමියෝ පැවැසූහ.මෙම සිසුන්ට දහම් දැනුම ලබා දීමේ දී සිසුන්ගෙන් විශාල පිරිසකට ඩෙස් හා බංකු හිඟයකට මුහුණපෑමට සිදුවී ඇත. ඊට අමතරව විහාර මළුවේ එළිමහනේ, බෝධින් වහන්සේගේ සෙවණේ පැදුරු හා තාප්ප උඩ වාඩිවී අධ්‍යාපනය ලැබීමට සිසුන්ට සිදුවී ඇත. එහිදී ඔවුන්ට අවුවැසිවලින් අනේක පීඩා විඳීමට සිදුවෙන බව නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ඒ.ජී.නිශාන්ත රත්නායක මහතා පැවැසීය. මෙම අඩුපාඩු පිළිබඳ තමන් වහන්සේ ඇතුලු මව්පියන් විටින් විට අදාළ බලධාරීන් දැනුවත් කර ඇතත් ප්‍රමාණවත් ප්‍රතිචාරයක් ලෑබී නැති බව විහාරාධිපති හිමියෝ පැවැසූහ. ඒ නිසා මෙම අඩුපාඩු සම්පූර්ණ කර දීමට පියවර ගන්නා ලෙස පරිත්‍යාගශීලීන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටින බව විහාරාධිපති හිමියෝ සහ මව්පියෝ පැවැසූහ.

විහාරාධිපති හිමියන්ගේ දුරකථන අංක 071-8321900 සහ 066-2287537 යන දුරකථන අංක මඟින් වැඩි විස්තර දැන ගත හැකි ය. ඡායාරූපයෙන් දැක්වෙන්නේ පළමු වසරේ සිසුන් පිරිසක් එළිමහනේ බිම වාඩිවී ගුරුවරියකගෙන් දහම් දැනුම ලබන ආකාරයයි.

ඉල් පුර අටවක

 නොවැම්බර් 08 සිකුරාදා අ.භා. 11.55 පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10.43 ගෙවේ.
09 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 09

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]