ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ ඉල් පුර අටවක පෝදා 2024 නොවැම්බර් 09 සෙනසුරාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බුදුරජාණන් වහන්සේ රජගහනුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සමයේ අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ෂට් ශාස්තෘවරුන් අතර සිටි පූරණකස්සප විසින් පනවන ලද විශේෂ උපත් හයක් පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවේ එම කරුණ මූලික කර ගනිමින් ඡළාභිජාති සූත්‍රය දේශනා කළ සේක. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ නොවූත්, සුදු පැහැ නොවූත් නිර්වාණය උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ ඇති දෙයක් උපදවයි. ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් සුදු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ සුදු පැහැ නොවූත්, කළු පැහැ නොවූත් නිර්වාණය උපදවයි. මෙම විශේෂ උපත් හය පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් දේශනා කළ සේක. ආනන්දයෙනි, ඇතැමෙක් කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ කෙසේ ද? ආනන්දයෙනි, මෙහිලා ඇතැමෙක් නීච කුලයේ උපන්නේ වෙයි. එනම් සැඩොල් කුලයේ වේවා, වැදි කුලයේ වේවා, කුළුපොතු කුලයේ වේවා, රථකාර කුලයේ වේවා, පුක්කුස කුලයේ හෝ වේවා උපන්නේ වෙයි. දිළිඳු වූයේ, අල්ප වූ ආහාරපාන ඇති ව, දුක සේ දිවි ගෙවෙන, දුක සේ කුසගිනි නිවා ගන්නා, වස්ත්‍ර ලබා ගන්නා කුලයෙහි උපන්නේ වෙයි. එමෙන් ම ඔහු දුර්වර්ණ වූයේ වෙයි. දැකීමට අප්‍රසන්න වූයේ වෙයි. ඉතා මිටි වූයේ වෙයි. බොහෝ රෝගාබාධ ඇත්තේ වෙයි. එකැස් ඇත්තේ වෙයි. වකුටු අත් පා ඇත්තේ වෙයි. කොර වූයේ හෝ වෙයි. පිළු හෝ වෙයි. ආහාරපාන, වස්ත්‍ර, යාන, මල්, සුවඳ විලවුන්, සයනාසන, නිවාස, පහන් ආදී ගෘහෝපකරණ නැත්තේ වෙයි. ඒ තැනැත්තා කයින් දුසිරිතෙහි හැසිරෙයි. වචනයෙන් දුසිරිතෙහි හැසිරෙයි. මනසින් දුසිරිතෙහි හැසිරෙයි. කයින් දුසිරිතෙහි හැසිර, වචනයෙන් දුසිරිතෙහි හැසිර, මනසින් දුසිරිතෙහි හැසිර, කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි. ආනන්දයෙනි, මෙසේ කළු පැහැ ඇති විශේෂ උපතක් ලැබුවේ කළු පැහැ ඇති දෙයක් උපදවන්නේ වෙයි.
නොවැම්බර් 08 සිකුරාදා අ.භා. 11.55 පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10.43 ගෙවේ. 09 සෙනසුරාදා සිල්
පුර අටවක
නොවැම්බර් 09
පසළොස්වක
නොවැම්බර් 15
අව අටවක
නොවැම්බර් 23
අමාවක
නොවැම්බර් 30
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]