ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් අව අටවක පෝදා 2024 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
කැලණිය රණවන විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ඡායාරූපය - නිශ්ශංක විජේරත්න
ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01.24 අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 02.03. ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
ඔක්තෝබර් 24
අමාවක
ඔක්තෝබර් 31
පුර අටවක
නොවැම්බර් 09
පසළොස්වක
නොවැම්බර් 15
අප ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ උන් වහන්සේගෙන් කමටහන් ලබා ඈත කැලෑවක විදර්ශනා වඩන්නට ගිය භික්ෂූන් වහන්සේ නමක් අරබයා මෙම ගාථාව වදාළ සේක. ඒ ස්වාමින් වහන්සේ බුදුපියාණන් වහන්සේ වෙතින් කමටහන් ලබා ගෙන වනයට ගොස් බොහෝම මහන්සි ව භාවනා කළ නමුත් රහත් වන්නට බැරි වුණා. “මම නැවතත් තථාගතයන් වහන්සේ හමුව කමටහන ශුද්ධකර ගන්ට ඕන. විශේෂ උපදෙස් ලබා ගන්නට ඕන කියා හිතා දුරු මඟ ගෙවා ගෙන නැවත ජේතවනාරාමය බලා පිටත් වුණා. මේ එන ගමනේ පොළවෙන් උඩට වාෂ්ප වගේ මිරිඟුව මතුවී තිබෙනවා දුටුවා. ඒ දර්ශනය දුටු මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ මාගේ ආත්ම භාවයත්, මේ කයත් මිරිඟුවක් වගේ. මිරිඟුව ඇත්ත දෙයක්, අල්ල ගන්න පුළුවන් දෙයක් ලෙස පෙනෙනවා. නමුත් ළඟට ගිය විට එසේ නැහැ. ඒ වගේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ම මේ ස්වාමින් වහන්සේට පෙනුනා සියල්ල මිරිඟුවක් කියලා. මේ ශරීරය පෙනෙන ආකාරය නොවෙයි ඇත්ත වශයෙන් තියෙන්නෙ. මේ ඇතිවීමේ, නැතිවීමේ ස්වභාවය යි. ඇතිවෙන තැනට ගිහිල්ලා බලනකොට එතැනින් නැති වෙනවා. ඊළඟට ඒ විදිහට මිරිඟුව ගැන හිත හිතා ඇවිල්ලා අචිරවතී නැමති ගඟ ළඟට පැමිණ කයේ වෙහෙස, ගිමන් විඩාව නිවා ගත්තා. පැන් පහසුවෙලා ගහක් යට සංසුන් ව ඉඳගෙන බලාගෙන හිටියා. ගඟේ වතුර බොහොම වේගයෙන් ගලන ආකාරය. මේ ගඟේ සැඩ වතුර පාරට පෙණ පිඬු හැදි හැදී නැති වෙලා යන ආකාරය දුටුවා. මේකත් ඒ ස්වාමින් වහන්සේට කමටහනක් වුණා. ඒ ගැන කල්පනා කළා. මගේ රූපය, මේ ශරීරය ආත්මභාවය, මේ සියල්ල පෙණ පිඬක් වගෙයි. ඒ ගැන කල්පනා කරන අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් දුටුවා. තමන් වහන්සේ ඒ කමටහන් දුන්න භික්ෂූන් වහන්සේගේ හිත වැඩ කරන ආකාරය. බුදුරජාණන් වහන්සේට පෙනුනා මේ ස්වාමින් වහන්සේගේ සිත මෝරලයි තියෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඍද්ධියෙන් පෙනී සිට වදාළා. “ඵෙනුපමං කායම්මං විදිත්වා’ මේ කය පෙණ පිඬකට උපමා කළ හැකි බව දැන ගෙන ‘මරීචිධම්මං අභිසම්බුධානො, මේ ශරීරය ඇති මිරිඟු ස්වභාවය නුවණින් වටහා ගෙන, හරියාකාර තේරුම් අරගෙන මාරයාගේ දර්ශන පථයට හසුනොවන තැනකට යන්න කියා වදාළා.
අපගේ ජීවිතයේ දියුණුවත්, පිරිහීමත් තීරණය වීමට අප ඇසුරු කරන පුද්ගලයන් ඉතා තීරණාත්මක ව බලපෑම් කරනවා. ඉතා දුර්ජනයකු ශ්‍රේෂ්ඨයකු වීමටත්, ඉතා දක්ෂයකු දුර්ජනයකු වීමටත් මුළුමනින් ම ඇසුරු කරන පුද්ගලයන් හේතු වෙනවා. ඉතිහාසය පුරාවටත්, වර්තමානයේත් සිදු වූ කොතෙකුත් සදෘශ්‍ය සිද්ධීන් ඊට සාක්ෂි දරනවා. එනිසා පුද්ගල ඇසුර පිළිබඳ යම් අවබෝධයක සිටීම අප කාහටත් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. සර්වසම්පූර්ණ ජීවිතයක් ඇති, සියල්ල අවබෝධ කර ගත් මහා නුවණැති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පුද්ගල ඇසුර පිළිබඳ නොයෙක් පර්යායන්වලින් දේශනා කළ සූත්‍ර දේශනා සිය ගණනක් අපට පෙළදහම තුළ මුණගැසෙනවා. එක් අවස්ථාවක ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. “යම් විදිහක කෙනෙක් එක්ක නම් මිතුරුකම් කරන්නේ. යම් විදිහක කෙනෙක් නම් ආශ්‍රය කරන්නේ, ඔහු අන්න ඒ විදිහේ කෙනෙක් වෙනවා. ඔහු සමඟ එකට ආශ්‍රය කිරීමත් ඒ වගේමයි. දිගින් දිගටම ඇසුරු කරන කොට අනික් කෙනාගේ ගතිගුණ අර ඇසුරු කරන කෙනාටත් පුරුදු වෙනවා. විෂ පොවපු ඊතලයක් නිතර නිතර හොඳ ඊතල ගොඩේ දානවා නම් ඒ ඊතලවලත් විෂ තැවරෙනවා. ඒවගේ නුවණැති කෙනෙක් වුණත් පාපී යහළුවන් ඇසුරු නොකළ යුත්තේ පව් තවරා ගන්න තියෙන බිය නිසාම යි.” විෂම ගති පැවතුම් ඇති සමාජයේ ඇතැම්විට අපි යම් යම් අයගේ ඇසුරට පත්වන්නේ නිරායාසයෙන්ම යි. පුද්ගලයන් දස දෙනකු ගතහොත් ඒ ඒ කෙනා ඇසුරට පි‍්‍රය කරන්නේ දස ආකාරයේ පුද්ගලයන්. ඊට බොහෝවිට එකිනෙකාගේ රුචි අරුචිකම්, සංසාරික පුරුදු, විවිධ ආකල්ප හා දෘෂ්ටීන් හේතු වෙනවා. ධර්මයෙන් වේවා, අධර්මයෙන් වේවා සමාන අදහස් ඇති අය ඔවුනොවුන් ඇසුරු කිරීමට පි‍්‍රය කරනවා. එය ලෝකයේ හැමදාම පවතින ස්වභාව න්‍යායක්.
ලොව බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සිට ම මිනිසාට තිබූ දැඩි අවශ්‍යතාවක් වූයේ, තමාට මුහුණපෑමට සිදුවන අවාසිදායක තත්ත්වයන් හැකිතාක් අවම කර, කයටත් මනසටත් සුවයක්, වින්දනයක් සහිත සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මාර්ගය සොයා ගැනීම යි. විවිධාකාර ක්‍රම ක්‍රියාත්මක කරමින්, අත්හදා බලමින්, සැමදා සතුටින්, සහනයෙන්, වාසය කළ හැකි මඟක් සොයා ගෙන ගිය අතීත මිනිසා, ජීවිතයේ සැප අඩු වීමෙහි දෝෂය නොයෙක් සාධකවලට පැවරූහ. විද්‍යාත්මක ඤාණය මුහුකුරා ගොස් නොතිබීම, විවිධ කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිත නොකිරීම, නව තාක්ෂණික ක්‍රම ඉදිරිපත් වීමේ ප්‍රවණතාව අවමවීම ආදී සාධක මිනිසාගේ දුක් වැඩි වීමට හේතූන් ලෙස අතීතයේ සිට මේ දක්වා ම විද්වතුන් විසින් හඳුන්වා දී ඇත. සාමාන්‍ය මනුෂ්‍යයකු හට කිසි ලෙසකින්වත් අනාවරණය කළ නොහැකි ලොව සත්‍ය ක්‍රියාකාරිත්වය හෙළි කරන සුවිශේෂී දර්ශනයක් වන බුදුදහම, ඉහත ආකාරයේ විද්‍යාත්මක හෝ තාක්ෂණික හෝ දියුණුවක් පිළිබඳ ව දක්වන මතය කුමක් ද? බුදුරජාණන් වහන්සේ නමක් එවැනි විද්‍යාත්මක දියුණුවක් අවශ්‍ය යැයි එය විශේෂයෙන් පසසන්නේ ද නැත. එසේම, විද්‍යාත්මක දියුණුව හානිකර යැයි එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. උන්වහන්සේ එම පිළිතුර ලබා දෙන්නේ බුදුගුණය අවබෝධ කර ගත්, බුද්ධ වචනයෙහි සත්‍යවාදිත්වය අවබෝධ කර ගත්, ධර්මය දැන ගැනීමේ අවශ්‍යතාවය පවතින අයකුට පමණි. අප ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පමණක් ම සිටි, එම පිළිතුර දැන ගැනීමේ අවශ්‍යතාවයෙන් පිපාසිත වූ, පුණ්‍යවන්ත බුද්ධ ශ්‍රාවක පිරිස අප්‍රමාණ වූ අතර, ඔවුහු එම පිළිතුර මහත් ගෞරවයෙන් පිළිගෙන, නිර්වාණාවබෝධය සඳහා කළ යුතු පිළිවෙත් කොටස සම්පූර්ණ කර, උතුම් මාර්ගඵලයන් සාක්ෂාත් කර ගත්හ. එසේ ම, මෙම පිළිතුර පිළිගැනීමට අකැමැති වූ, බුද්ධ වචනය පිළිගැනීමට අකැමැති වූ, පෙර ආත්මභාවයන්හි දී ධර්මය ප්‍රගුණ කර නොසිටි බැවින් ම ධර්ම ඤාණය මුහුකුරා ගොස් නොතිබූ පිරිසක් ද විය.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවියෙන් පිදුම් ලබන කඳන්ගොඩ සද්ධානන්ද මහා නාහිමිපාණෝ
සිසු නිපුණතා ඇගයීමෙන් නාගොල්ල සුමන දහම් පාසල මෙවරත් පළමු තැනට
ඉතිරිය»
තෙලෙස් ධුතාංග
අටුවා අදහස් අභිමත පරිදි ඉදිරිපත් කළ හැකිද ?
සැප දුක හමුවේ කම්පා නොවීමේ වටිනාකම
සසුනඹරට මිණිපහනක් වූබෝපිටියේ ධම්මිස්සර නාහිමියෝ
අනුන්ගේ ජයග්‍රහණ ඉවසන්න දරුවන්ට හුරු කරන්න
දෑ අභිමානය ලොවට ම පෙන්වන මාම්පිට රාජ මහා විහාර පින්බිම
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]