ශ්‍රී බුද්ධ වර්ෂ 2568 ක් වූ වප් අව අටවක පෝදා 2024 ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
බළන්ගොඩ - කිරිඳිගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරය (කන්දෙ පන්සල), කුරුවිට - එක්නැළිගොඩ ශ්‍රී වික්‍රමසිංහ අභයතිලකරත්නාරාම පුරාණ මහා විහාරය, කඳන්ගොඩ ශ්‍රී සුවිසුද්ධාරාමය යන විහාරත්‍රයාධිපති, ශාස්ත්‍රවේදී ගෞරව, පශ්චාත් උපාධි, අධ්‍යාපන ඩිප්ලෝමා, පිරිවෙන් සහ රජයේ පාඨශාලා සම්මානිත ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය, පණ්ඩිත, මහෝපාධ්‍යාය කඳන්ගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවිය හා සමඟ “අරියවංශපාල ගණාචරිය ප්‍රවචන විශාරද ශ්‍රී සුමනසාර” යන ගෞරව සම්මාන උපාධි සන්නස්පත්‍ර පුද කිරීමේ උතුම් පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 07 වැනි දින උත්කර්ෂවත් ව බළන්ගොඩ දී පැවැත්වුණි. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක මහෝපාධ්‍යාය, දර්ශනපති, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ “ධම්මජ්ජෝතිනී” කාරක සංඝ සභාව මධ්‍යයේ පැවිදි උතුමන් සහ උත්තම දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මැතිඳුන් ප්‍රධාන ගිහි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් බළන්ගොඩ - කිරිඳගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේ දී මෙකී උතුම් පුණ්‍ය මහෝත්සවය සිදු කෙරිණි. ශතාධික මහ සඟරුවන් විෂයයෙහි අෂ්ඨ පරිෂ්කාර සෙසු පිරිකර සහිත, සඟසතු මහා දානමය පින්කමක් සිදුකිරීම ද මෙදිනට සිදු කෙරිණි. කඳන්ගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේගේ මේ දක්වා ජීවන ගමන් මඟ පිළිබඳ ව විමසා බලන විට ඒ තුළින් සමාජයට ගත හැකි මහඟු ආදර්ශ, වටිනාකම් රාශියකි.
ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01.24 අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 02.03. ගෙවේ. 24 බ්‍රහස්පතින්දා සිල්
අව අටවක
ඔක්තෝබර් 24
අමාවක
ඔක්තෝබර් 31
පුර අටවක
නොවැම්බර් 09
පසළොස්වක
නොවැම්බර් 15
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]