[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සදහම් සිසිලෙන් ලක් මව සුවපත් කළ නියමුවාණෝ

මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ පා සෙවණෙහි ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර පිළිබඳ පෘථුල දැනුමක් ලබා ගත් මිහිඳු මහරහතන් වහන්සේ ධර්මාශෝක මහරජතුමාගේ සහ වේදිසා දේවියගේ පුත්‍ර රත්නයක් වෙති. ධර්මාශෝක මහරජුගේ අනුග්‍රහයෙන් සිදුකෙරුණු තෙවැනි ධර්ම සංගායනාවෙන් පසු නවයක් වූ රටවල් සඳහා ධර්මදූතයන් වහන්සේ පිටත්කර හැරියේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මිහිඳු මහරහතන් වහන්සේ ඉත්ථිය, උත්තිය, සම්බල, භද්දසාල යන තෙරවරුන් ද සුමන සාමණේරයන් වහන්සේ හා භණ්ඩුක නමැති උපාසකතුමා ද සමඟ ලක්දිවට වැඩම කළහ. සුමන සාමණේරයන් වහන්සේ වනාහි සංඝමිත්තා තෙරණියගේ ගිහි කල පුතණුවෝ ය. එකී දූත පිරිස මිහින්තලාවේ අම්භස්තලයට වැඩම කර සිටියදී මුව දඩයමේ ගොස් සිටි දේවානම්පියතිස්ස මහරජුට හමුවිය. එහිදී මිහිඳු මාහිමියන් විසින් තිස්ස තිස්ස යනුවෙන් ආමන්ත්‍රණය කරන ලදී. තමන්ගේ නම කියා මෙලෙස ආමන්ත්‍රණය කරන්නේ කවුදැයි බැලූවිට අම්බස්තලයෙහි වැඩසිටි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන පිරිස රජුට දිස්විය. එහිදී මිහිඳු මහරහතන් වහන්සේ සමණාමයං මහාරාජ - ධම්ම රාජස්ස සාවකා - තවේව අනුකම්පාය - ජම්බුදීපා ඉධාගතා “මහරජතුමනි, අප ධර්ම රාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. ඔබට ම අනුකම්පාවෙන් දඹදිව සිට මෙහි පැමිණියෙමු” ලෙස ප්‍රකාශ කරන ලදී. මෙහිදී තම අත තිබූ දුනු ඊතල බිම දමා දේවානම්පියතිස්ස රජු ඇතුලු පිරිස මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසට ගෞරවාචාර පුද කරන ලදී. ඉන් අනතුරුව ධර්මය වටහා ගැනීමට රජතුමාට නුවණක් ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ විසින් අඹ පැනය හා ඥාතීන් පිළිබඳ පැනය විමසන ලදී. රජතුමා විසින් එම පැනයන්ට ලබා දුන් පිළිතුරු පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මහරහතන් වහන්සේ, රජු ඇතුලු පිරිස සීලයෙහි පිහිටුවා චුල්ලහත්ථිපදෝපම සූත්‍රය දේශනා කළ සේක.


පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]