[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

66 වැනි ජන්ම දිනය සමරන අරුග්ගම්මන විමලරතන ලොකු හාමුදුරුවෝ

66 වැනි ජන්ම දිනය සමරන අරුග්ගම්මන විමලරතන ලොකු හාමුදුරුවෝ

1958.06.03 දින කේ. මොහොට්ටිඅප්පුහාමි හා එම්.ඩබ්ලිව්. පුංචි නෝනා යන දෙමාපියන්ට දාව මුනසිංහ ලේකම්ලාගේ චන්දදාස නමින් උපත ලැබූ කුල දරුවා 1973.05.03 වන දින ශ්‍රී කොලුගල විජිත නා හිමි, මානෙල් ඔලුවේ සෝනුත්තර නාහිමි යටතේ පැවිදි බිමට ඇතුළත් විය.

බණ දහම්, වත් පිළිවෙත් පුරා ගුරු සිත නො රිදවා කටයුතු කළ අරුග්ගම්මන විමලරතන පොඩි සාමණේරයන් වහන්සේ 1978 උපසම්පදා භූමියට පත්වූහ. උන්වහන්සේ තම ජීවිතය අනුන් සඳහා ම පරිත්‍යාග කරමින් අනේක විධ සමාජ මෙහෙවර රාශියක ආරම්භකයා ලෙස කටයුතු කළහ.

වාර්ෂික ලේ දන් දීම, ඉරු දින දහම් පාසල් ආදියට කාලය, ශ්‍රමය පරිත්‍යාග කරමින් නිස්සරනාද්‍යාශයෙන් කටයුතු කරන අරුග්ගම්මන විමලරතනාභීදාන ලොකු හාමුදුරුවන් වහන්සේ සමාජ සේවකයෙක් හැටියට සිහිකළ යුතු ම ය. නාත්තන්ඩිය මහා පරිවේනාධිපති ලෙස කටයුතු කර එම පිරිවෙනෙන් ම විශ්‍රාම දිවියට පත්විය. ජාති, ආගම්, කුල භේද නො තකා සම සිතින් මනුෂ්‍ය වර්ගයාට උපකාර කිරීම සඳහා නො පැකිළව කටයුතු කරන ලොකු හාමුදුරුවන් වහන්සේ ධර්මධර, විනයධර යතිවරයාණන් වහන්සේ නමක් බව ප්‍රකාශ කළ යුතු ම ය.

අරුග්ගම්මන නාගරුක්ඛාරාම විහාරස්ථානය සහ ගොකරැල්ල අරගම ශ්‍රී සුධර්මාරාමය යන විහාරස්ථානවල දායක කාරකාදීන්ට අනේකවිධ මෙහෙවරක් සිදුකරන උන්වහන්සේ නම්බුනාම තානාන්තර පසෙකලා සෑම මිනිසකු ම සම තත්ත්වයෙන් යුක්තව සිටිය යුතු යැයි කල්පනා කරමින් දිවා රෑ නො බලා කටයුතු කරන සමාජ හිතකාමී යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ 66 වන ජන්ම දිනය වෙනුවෙන් අභිනව ධාතු මන්දිරය ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම 2024.06.03 දින සිදු විය. අප ලොකු හාමුදුරුවන් වහන්සේට තව තවත් ශාසනික මෙන්ම සමාජ සේවය සිදු කරන්නට තෙරුවන් සරණ ලැබේවා. දීර්ඝායු ලැබේවා

පොසොන්
පුර පසළොස්වක

ජුනි 21 සිකුරාදා පූ.භා. 07.32 පුර පසළොස්වක ලබා 22 සෙනසුරාදා පූ.භා. 06.38 ගෙවේ.
21 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ජුනි 21

Second Quarterඅව අටවක

ජුනි 28

Full Moonඅමාවක

ජූලි 05

First Quarterපුර අටවක

ජූලි 13

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]