ශ්‍රී බුද්ධ වර්ෂ 2567 ක් වූ වෙසක් පුර අටවක පෝදා 2024 මැයි 15 බදාදා
[UNICODE]
මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |
ආගමෙන් හා දර්ශනයෙන් පොදුවේ බලාපොරොත්තු වන ආධ්‍යාත්මික දියුණුවට මාර්ගය දර්ශනයෙහි ඇතුළත් බව සසඳා බැලීමෙන් නිගමනය කළ හැකි ය. එහෙත් ඒ දෙකෙන් ම දැක්වෙන්නේ ලෝකය හා සත්ත්වයා පිළිබඳ විවරණයයි. බුදුසමය ආගමක් හෝ දර්ශනයක් හෝ නොව ක්‍රියාමාර්ගයක් යැයි කියන්නෝ ද වෙති. මෙහිදී කිව යුත්තේ බුදුසමය ආගමක් යයි ද, දර්ශනයක් යයි ද, මාර්ගයක් යයි ද යන නිගමන සියල්ල ම සත්‍ය බවයි. සංසාර විමුක්තිය බලාපොරොත්තු වන්නා විසින් ගමන් කළ යුතු නියම මාර්ගය බුදුරජාණන් වහන්සේ සොයා ගත්හ. උන්වහන්සේ එයට පා තබා, සෙස්සන්ටත් එය අනුගමනය කිරීමට ඉගැන්වූ සේක. “තුම්හෙ හි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා” ගෞතම බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූයේ දඹදිව දර්ශනවාද, මතවාද, පරිණත ව පැවති අවස්ථාවක ය. ශරීරයට නානා ප්‍රකාර වද හිංසා දීමෙන් සංසාර විමුක්තිය ලැබිය හැකි යැයි එකල දඹදිව පහළව සිටි ඇතැම් ආගමික ශාස්තෘවරු දෙසූහ. එය අත්තකිලමථානු යෝගය නම් විය. එහෙත් ඇතැම්හු ඒ අදහසට විරුද්ධ ව සංසාර විමුක්තිය ලබා ගැනීමට නම් කළ යුත්තේ ශරීරයට හැකිතාක් සැප දීම යැයි තර්ක කළහ. එය කාමසුඛල්ලිකානුයෝගය නම් විය. යමෙක් මළ පසු එය දිරා පොළොවට පස් වෙනවා මිස එය නැවත නූපදින්නාක් මෙන් මරණින් පසු පුලුස්සා දමනු ලබන ශරීරය නැවත නූපදී යයි තවත් කෙනෙක් පැවසූහ. මෙසේ එකල දඹදිව පැවති සකල දාර්ශනික මතවලට ම වෙනස් වූ මතයක් බුදුරජාණන් වහන්සේ ලොවට ප්‍රකාශ කළ සේක.
මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ. 15 බදාදා සිල්
පුර අටවක
මැයි 15
පසළොස්වක
මැයි 23
අව අටවක
මැයි 30
අමාවක
ජුනි 06
© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම සියළුම හිමිකම් ඇවිරිණි. අදහස් හා යෝජනා: [email protected]