[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

සම්බුදු සසුනේ පිහිට ලබන්න ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් පුරුදු පුහුණු කරන්න

අපගේ ජීවිතයට ලොව්තුරා තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ දහම්පද අසන්නට වාසනාව ලැබුණු නිසා උතුම් පිළිසරණක් මේ මනුස්ස ජීවිතයේ දී අපට ගොඩනඟා ගන්නට පුළුවන්කමක් ලැබුණා. හැබැයි ඒ සඳහා ලොකු වෙහෙසක්, මහන්සියක්, කැපවීමක් ඕනෑ. සම්බුදු සසුනේ පිළිසරණ උදෙසා මූලික ව අපට අවශ්‍ය වන කරුණු දෙකක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව යි. කෙනකුට ශ්‍රද්ධාව සහ ප්‍රඥාව එකට ලැබුණෙත් ඒ ජීවිතයට පිළිසරණක් හදා ගන්න පුළුවන්. ඒ සඳහා රහතන් වහන්සේ උපමාවක් වදාළා. එක්තරා වඩුබාස් කෙනෙක් ලීයක් යතු ගාන්නට සිතා යත්ත කියන උපකරණයෙන් යතු ගානවා. යතු ගාන්න ඒ ශිල්පියාට අත හුරුවීමේ දක්ෂකම තිබෙන්න ඕනෑ. සමහර තැන් තිබෙනවා ළඟ ළඟ යතු ගාන්න ඕනෑ. සමහර තැන් ලීය දිගේ යතු ගාන්න ඕනෑ. එය කළ යුතු ආකාරය ඔහුට තේරෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ශ්‍රද්ධාවයි, ප්‍රඥාවයි. එලෙස උපමා කළේ රහතන් වහන්සේයි. ප්‍රඥාව යත්ත වගේ නම්, ශ්‍රද්ධාව අත වගේ. යත්ත තිබෙනවා, අත නැහැ. එවිට යතු ගාන්න බැහැ. තව කෙනකුට යත්ත නැහැ. අත තිබෙනවා. ඒත් යතු ගාන්න බැහැ. යතු ගානවා නම් යත්තත් ඕන. යතු ගාන ශිල්පියාට අතත් ඕනෑ. ඒ වගේ කෙනකුට ශ්‍රද්ධාව සමඟ ප්‍රඥාව තිබෙනවා නම්, මේ සම්බුදු සසුන මුණ ගැසුන මොහොතේ, ධර්මය ඇසුණ මොහොතේ අපේ ජීවිතයට පිළිසරණක් හදා ගන්න අපට අවස්ථාව තිබෙනවා.


වෙසක් පුර අටවක

මැයි 15 බදාදා පූ.භා. 04.22 පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 15

Full Moonපසළොස්වක

මැයි 23

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]