[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

 

දෙදෙව්ලොව සැප ගෙන දෙන කඨින චීවර පූජාවේ මහානිශංස

“යාවතා සබ්බපරික්ඛාරෙ සංඝස්ස සතකං දදෙ එකස්ස කඨින දානස්ස කලං නාගසති කෙළසිං ගිරිරාජ සමංරාසිං සංඝෙ දෙති තිචීවරං එකස්ස කඨින දානස්ස කලං නාගසන්ති සොළසිං” යම්තාක් සියලු පරිෂ්කාරයන් නිරන්තරයෙන් දිනපතා භික්ෂු සංඝයාට දුන්නේ වී නමුත් එක් කඨින දානයකින් සොළොස් කලාවෙන් එක් කලාවක් තරම්වත් එය නොවටින්නේ ය), සම්බුද්ධ ශාසනය තුළ කෙරෙන පූජාවන් අතුරෙහි උත්තමාමිස හෙවත් උතුම් ම ආමිස පූජාවක් ලෙස කඨින චීවර පූජාව ප්‍රමුඛස්ථානයෙහි ලා සැලකේ. කඨිනං ච පරික්ඛාරාවාසදානං ච උත්තමං -
බුද්ධප්පමුඛ සංඝස්ස දානං ධම්මස්ස ලේඛනං - බෙත්තදානං ච බුද්ධස්ස පටිමා කරණම්පි ච - කරණං වච්චකුටියා අට්ඨපුඤ්ඤානි වුච්චරෙ
කඨිනදානය, අටපිරිකර පූජාව, ආවාස සාදා දීම, බුදුපාමොක් මහ සඟන උදෙසා දන්දීම, ධර්මය ලිවීම, කෙත්වතු පිදීම, බුදුපිළිම තැනවීම, වැසිකිළි කැසිකිළි කරවීම යන මේ පින්කම් අට අට මහා පින්කම් වශයෙන් සැලකේ. මෙම අටමහා පින්කම් අතරත්, සෙසු ආමිස පූජා අතරත්, කඨින චීවර පූජාව ප්‍රමුඛස්ථානයේ සැලකේ. ඊට හේතුව වන්නේ භික්ෂු විනයටත්, බුද්ධ ශාසනයේ චිරස්ථිතියටත් කඨිනචීවර පූජාව මහෝපකාරී වන නිසා බව සිතිය හැකි ය.


වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]