[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වප් පුර පසළොස්වක පෝ දා 2023-10-28

සමඟිය ම උතුම් වේ

ලෝකයේ ඇතැම් රටවල අද යුද ගිනි ඇවිළී තිබේ. අපිද ඉකුත් කාල වකවානුව තුළ තිස් අවුරුදු යුද්ධයකින් අපමණ පීඩා වින්දෙමු. එමඟින් සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යනාදී අප සහෝදර සියලු ජාතීන්ට ම සිදු වූයේ බරපතළ විපත් ය, සිත් පීඩාවන් ය, දුක් දොම්නස් ය.

යුද ගිනි ඇවිළෙන්නේ සාමය කඩ වූ විටය. අනෙකා පරදවා යමින් තමා ඉස්මතු වීමට තැත් කළ විටය. වෛරී සිතිවිලි සිත් තුළ හටගත් විටය. එහෙත් “වෛරයෙන් වෛරය නො සන්සිඳේ. අවෛරයෙන් ම එය සන්සිඳේ” යනු ඉතා සරල සම්බුද්ධ දේශනාවකි. එහි අර්ථය හොඳින් ම වටහා ගන්නා යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් කිසිදාක වෛරී සිතිවිලි සමාජගත කරන්නේ නැත. ජන සමාජ සමඟ අවෛරීව ක්‍රියා කරනු ඇත. යුද්ධයේ නිසරුකම පිළිබඳ ඕනෑම අයකුට තේරුම්ගත හැකි ඉතාම සරල දේශනාවක් ලෙස එය හඳුන්වා දිය හැකි වන්නේ එබැවිනි. එය වෛරය පිළිබඳ වූ එක් බුද්ධ භාෂිතයක් පමණි. ඒ හැර විවිධාකාර වූ මුහුණුවරින් ඒ ගැන බුදුදහම තුළ මැනවින් උගන්වා තිබේ.

පුද්ගලයන් කිහිප දෙනකු අතර පවත්නා අසමගිය පසුව සමූහයක් අතර පවත්නා අසමගියක් බවට පත් වෙයි. එහි අනුක්‍රමික විකාශයක් ලෙස විවිධ ජාතීන් අතර, විවිධ රටවල් අතර අසමගිතා වර්ධනය වෙයි. ඒ ඒ පුද්ගලයන් අතර පළමුව සුහදතාව වර්ධනය කරවීම තුළින් සුහදතාව සමාජගත සිද්ධාන්තයක් බවට පත්වෙයි. බුදු දහම තුළ හුදෙක් ප්‍රායෝගිකව එම සිද්ධාන්තය ක්‍රියාත්මක කොට තිබේ.

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණෙන කවර තරාතිරමේ අයකු වුව ද උන්වහන්සේ පළමුව ඉතාම සුහදශීලී ලෙස පිළිගනිති. “එන්න ඔබගේ පැමිණීම ඉතා යහපත් ය.” යනාදී වදනක් බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් පළමුව අවධාරණය කෙරෙයි. උන්වහන්සේගේ වදන් බෙහෙවින් කර්ණරසායන ය. සතුටුසාමීචි සුහද පිළිසඳරක යෙදීම ද බුදුරදුන්ගේ පිළිවෙතයි. හමුවන ඕනෑම කෙනකුට එය පොදු ය. රළු මුහුණින් කිසිවකුත් සමඟ උන්වහන්සේ කතා බහ නො කළහ. එක් කරුණක් සිතේ තබාගෙන තවත් කරුණක් අවධාරණය නො කළහ. තමා හමුවට එන පුද්ගලයා කතා කිරීමට පෙර බුදුරදුන් ඉතාම සුහදව ආමන්ත්‍රණය කොට කතා බහට මුල පිරීය. සුහදතාව පිළිබඳ බුදුරදුන් ඉගැන්වූ පළමු අදියර එයයි.

මෙය පුද්ගලයකු සමාජයක් හා රටක් හරිහැටි වටහාගත්තේ නම් සමස්ත මානව වර්ගයා ම සුහදතාවයෙන් පරිපුන් සිත් ඇත්තන් බවට පත් වෙයි. වෛරී සිතුවිලි අවෛරී සිතිවිලි බවට පත් වෙයි.

ලොව ඇතම් තැනෙක ඇවිලී පවත්නා යුද ගිනි සමස්ත ලෝකයට ම සුළුවෙන් හෝ බලපෑමක් ඇති නොවන්නේ යැයි සිතිය නොහැකි ය. සම්බුද්ධ දේශනාව එදාටත් වඩා අද ජීවත්වන අපට බෙහෙවින් ම වැදගත් වන්නේ ඒ නිසා ය. අපි එකාවන් ව එක්සිත් ව අද වප් පුන් පොහෝදා බොහෝ බොදුනුවන්ගේ මුවින් නිති කියැවෙන මේ ප්‍රාර්ථනාව ම කරමු.

සුගත හිමි නාමය – වී ලොව කුසුම් දාමය
දුරුව බල කාමය – උදා වේවා ලෝක සාමය

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]