[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

පින්බර නාගදීපයේ අසිරිමත් ඉතිහාසයෙන් ...

දීපවංසය, මහාවංසය, සමන්තපාසාදිකා වැනි ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි බක් අමාවක පොහොය දිනයේ දඹදිව ජේතවනාරාමයේ සිට නාගදීපයට වැඩම කළ බව සඳහන් වේ. නාගදීපය සොළොස් මහා සිද්ධස්ථානයන්ගෙන් දෙවැනි පූජනීය ස්ථානයයි. බුදුරජාණන් වහන්සේ අලුයම් කාලයේ ලොව දෙස බලා වදාරන කල්හි ලංකාද්වීපයෙහි “මණිනාග“ නම් දිවයිනෙහි නා රජවරුන් අතර සිදුවන්නට යන යුද්ධය දිවැසින් දැක සිදුවන මහා විනාශය වැළැක්වීම පිණිස මහා කරුණාවෙන් ‘මණිනාග‘ දිවයිනට වැඩම කළ සේක. පැරැණි ලක්දිව නාගයන්ට වාසස්ථාන වූ නාග භවන තුනක් පිළිබඳ සද්ධර්මාලංකාරයේ ද විස්තර වේ. එනම් වඩුන්නාගල නාග භවන, මණිනාග දිවයින සහ කැලණි ගංගා නාග භවනයි. බුදුරජාණන් වහන්සේ නාගදීප දූපතට වැඩි අවධියේ දී එම දූපත හඳුන්වා දී ඇත්තේ “මණිනාගදීප” නමිනි. එදා බුදුරජාණන් වහන්සේ මණිනාගදීපයට වැඩම කළේ චූලෝදර, මහෝදර නාග ගෝත්‍රික මාමා සහ බෑණා අතර මැණික් පුටුවක් අරභයා ඇති වූ යුද්ධය සංසිඳුවීමට ය. එදා “මණිනාගදීපය” හෙවත් “නාගදීපය” පාලනය කළේ මහෝදර නා රජු ය. පුරාවෘත්තයන්ට අනුව නාගදීපය ඇතුළු මුහුදේ ප්‍රධානියා ව සිටි මහෝදර නා රජුගේ සහෝදරිය වූ තිරවිකා නාග කන්‍යාව සරණ පාවා දෙන ලදී. නැගණියගේ පුත් කුමරු වූයේ වඩුන්නාගල ප්‍රදේශයේ රජ කළ චූලෝදර නම් නා රජු ය. නැගණියගේ සරණ මංගල්‍යයේ දී මහෝදර නා රජු දායාදය වශයෙන් පරිත්‍යාග කරන ලද්දේ පරම්පරාවෙන් පැවත ආ තමන් සතුව තිබූ වටිනා වස්තුවක් වූ මිණි පළඟකි. එනම් මැණික් පුටුවකි. එම මැණික් පුටුව සම්බන්ධ ව මාමා සහ බෑණා අතර ඇති වූ සිත් අමනාපය අවසානයේ දී යුද්ධයක් බවට පත්විය. මහෝදර නා රජුගේ මාමා වූ කැලණියේ මණිඅක්ඛිත නා රජුට ද මෙම ආරවුල පිළිබඳ ආරංචිය ලැබීමෙන් පසු මනිඅක්ඛිත නා රජු ද සේනාව සන්නද්ධ ව නාගදීපයට ගොස් මහෝදර නා රජු හා එක්ව චූලෝදර නා රජුට එරෙහි ව යුද වැදීමට සූදානම් විය.

වප්  පුර පසළොස්වක

ඔක්තෝබර් 28 සෙනසුරාදා පූ.භා. 04.19 න් පුර පසළොස්වක ලබා 29 ඉරිදා පූ.භා. 01.57 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

Second Quarterඅව අටවක

නොවැම්බර් 05

Full Moonඅමාවක

නොවැම්බර් 12

First Quarterපුර අටවක

නොවැම්බර් 20


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]