[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පානදුර රන්කොත්වෙහෙර බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඡායාරූපය - ගයාන් පුෂ්පික

බිනර  අව අටවක

ඔක්තෝබර් 06 සිකුරාදා පූ.භා. 06.37 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.11 න් ගෙවේ.
06 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

යුදඟනාව ජාත්‍යන්තර භාවනා උයනේ ඉදිකිරීම් ඇරඹේ

බුත්තල ඓතිහාසික යුදඟනාව රාජමහා විහාර පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකෙරෙන ජාත්‍යන්තර භාවනා උයනේ වැඩ ආරම්භ කිරීම පසුගිය දා සිදුකෙරිණි. ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ චරිතයට පණ පෙවූ ඉන්දියානු ජනප්‍රිය නළු ගගන් මලික් මහතා ඇතුළු ඉන්දියානු දූත පිරිසකගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීම යුදඟනා සෑ රදුන් අභියස දී සිදුකෙරිණි. ඊට සමගාමීව සර්වඥ ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයක් ද සිදුකෙරිණි. ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක බුත්තල යුදඟනාව රාජමහා විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන,මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක ඔක්කම්පිටිය දෙමටමල් විහාරාධිපති ගල්ටැම්වත්තේ පුඤ්ඤානන්ද යන ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය සහ බුත්තල ප්‍රාදේශීය ලේකම් ඇතුළු විශාල පිරිසක් මෙම පින්කමට සහභාගී වූහ.

කුඩා අකුසලයකින් වුව යන්නට වන ප්‍රේත ලෝකය

ඛුද්දක නිකායට අයත් පේතවත්ථු වර්ණනාව මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ ජනයාට දේශනා කළ වටිනා දේශනා අතරට එක් වෙයි. විශේෂයෙන් කර්ම විපාකය පිළිබඳ ඉතා පැහැදිලි විවරණයක් මේ තුළ අන්තර්ගත වන හෙයින් සදාචාරාත්මක සමාජ වටපිටාවක් ගොඩනඟා ගැනීම උදෙසා මෙම දේශනාව බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බව බෞද්ධ ඉතිහාසය විමසීමේ දී පෙනෙයි. පේතවත්ථු වර්ණනාවෙහි ඇතුළත් කතා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙයි. එනම්, බුදුරදුන් විසින් කළ දේශනා හා නාරද තෙරුන් විසින් ප්‍රේතයන් වෙතින් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් ලද විවරණ යනුවෙනි. පේ‍්‍රත යන්නෙහි තේරුම මළ තැනැත්තා යන්න ය. භාවගාමී මිනිසා කළ කුසල අකුසල අනුව ඊළඟ භවය නිර්මාණය වන බව බුදුදහමෙහි පිළිගැනීම වෙයි. සුගතිය හෝ දුගතිය අපට උරුම වන්නේ කුසල් අකුසල් මහිමයෙනි. මෙලොව දී ලබන දඬුවම් මෙන් ම අකුසලයට පරලොව දී ලැබෙන දඬුවම් මෙම ප්‍රේතයින්ගේ කතාන්දරවලින් හෙළි කෙරෙයි. සද්ධම්මෝපායන නැමැති ග්‍රන්ථය ප්‍රේතයන්ගේ ස්වභාවය පිළිබඳ මෙසේ වර්ණනා කර තිබෙයි. “ඇට සම් නහර ඉතිරි වූ සිරුරු ය. ඇස් හා කොපුල් ඇතුළට කිඳා ගොස් ඇත. අවුල් වූ හිසකෙස් ය. අඳුරු වූ මුහුණු ය. කිහිල්ලෙහි හා සිරුරෙහි දික් රෝම ය. සිරුර රැළි සහිත ය. මුළු ලොව විරූප බව එක්තැනෙක රැස් වූවක් වැන්න.” නොවසන ලද රහස් පියෙස් ඇති බත් ටිකක්, පැන් ටිකක් නොලබන ප්‍රේතයෝ විඩාවට පත්ව හොවිති. එසේ වැතිරී සිටින්නවුන්ට අවුරුදු දහස් ගණනකින් ආසාව උපදවන, මෙහි එන්න, බත් කන්න, පැන් බොන්න, යන හිස් වචන ඇසේ. ඒ හඬ ඇසූ සැණින් හැම දෙන ම නැඟී සිටීමට අසමත් ව බත් පැන් ආශාවෙන් ඔවුනොවුන් ඇඟ එල්ලී මහා දුකින් නැඟී සිටිති. නැඟී සිටීමට ඉක්මන් වූ ප්‍රේතයෝ වැටී ශක්ති නැති බැවින් එකිනෙකාගේ ඇඟ එල්ලෙති. එවිට එල්ලුණු එවුන්ගේ අත් ගසා දමති. දුබල බැවින් වෙව්ලමින් ඇඟෙහි එල්ලෙන්නේ ය.

දුක සැප තීරණය වන්නේ තමන් කරන කියනදේ අනුවයි

මරණින් මතු නැවත උපතක් ඇති බව සිතන, අදහන සෑම කෙනෙක් ම අපේක්ෂා කරන්නේ ස්වකීය ඊළඟ ජීවිතය සුගතියෙහි ඉපිද සැප විඳීමටයි. බොහෝම සුළු පිරිසක් පමණක් මරණින් මතු නිවන් සුව පතති. අප ප්‍රාර්ථනා කරන ආකාරයෙන් ම මරණින් මතු සුගතියෙහි ඉපදීමට හැකියාවක් වේද? නැත. මිනිසුන්ගෙන් වැඩි දෙනක් මරණින් මතු සතර අපායෙහි උපදිති. බුදුරජාණන් වහන්සේ දිනක් ඇට්ටේරියා වනයක දී වනයෙහි ඇති කොළ මිටක් අතට ගත්හ.” මා අතේ ඇති කොළ ප්‍රමාණයද වැඩි? නො එසේ නම් මේ මහා වනයේ ඇති කොළ ප්‍රමාණය ද වැඩි? යනුවෙන් භික්ෂූන් වහන්සේගෙන් ප්‍රශ්න කළහ. වනයේ ඇති කොළ ප්‍රමාණය හා සසඳන කල ඔබ වහන්සේගේ අතෙහි ඇති කොළ ප්‍රමාණය ස්වල්පයකි'යි” භික්ෂූන් වහන්සේ පිළිතුරු දුන්හ. මරණින් මතු උපත ද එබඳු ය. මිනිස් ලොවෙන් චුත වී දෙව්ලොව යන්නන් අල්ප ය. මිනිස් ලොවින් චුත වී නැවත මිනිසත් බව ලබන්නන් අල්ප ය. මිනිස් ලොවින් චුත ව අපායෙහි යන්නන් බොහෝ ය. බුදුරජාණන් වහන්සේ දිවැසින් දුටු සැබෑ තත්ත්වය එලෙසින් දේශනා කළහ. මරණින් මතු සුගතියෙහි ඉපදීමට බලා සිටින බොහෝ අය ස්වකීය ජීවිතයේ ඇති දුර්වල විෂමතා නිසා ම දුගතියෙහි උපදිති. කෝරඛත්තිය නම් යෝගියා එවැන්නෙකි. හෙතෙම තමා මරණින් මතු දෙව්ලොව උපදින බවට අනාවැකි කීවේ ය. බුදුරජාණන් වහන්සේ කෝරඛත්තියගේ මරණින් මතු ඔහුගේ මළ මිනිය ලවා තමා උපත ලද කාලකඤ්ජික පේ‍්‍රත භවයේ දුක් සහිත උපත කියන්නට විය. සමහර අන්‍යාගමිකයෝ විවිධාකාර ව්‍රත සමාදන් ව විවිධාකාර විශ්වාස අනුගමනය කරමින් මරණින් මතු සුගතියේ ඉපදීමට සූදානම්ව සිටිති.

මසැසට පෙනෙන ලෝකය මනසින් දකින්න

දවසක් ආහාර ගත් හාවෙක් බෙලි, තල් ගසින් යුත් වනයක නිදන්නට විය. නින්දට පෙර අහස දෙස බලන ඔහුට මේ අහස කඩා වැටුණොත්, මේ පොළව පෙරළුණොත් කුමක් වේවි දැයි සිතිවිල්ලක් පහළ විණි. මේ සිතිවිල්ලෙන් ම ඌට නින්ද යාගෙන එද්දි බෙලි ගෙඩියක් තල් අත්තකට කඩා වැටිණි. මෙය විශාල හඬකි. ඌට සිතුණේ අහස කඩා වැටුණ බවකි. පොළව පෙරළී ගිය බවකි. බිය වූ හාවා දුවන්නට විය. මේ මොකදැයි, මේ මොකදැයි ඌට මුණ ගැසුණ කැළේ අනෙක් සත්තු විමසූහ. අහස කඩා වැටුණා. පොළව පෙරළෙනවා, පණ බේරාගන්න දුවනවා, අනෙක් සත්තු මෙය අසා ඒ ගැන විමසීමකින් තොරව දුවන්නට වූහ. හාවෝ, මුගටියෝ, මුවෝ, ගොන්නු, මී හරක්, අලි ඇත්තු මේ ආදි සියලු සත්තු දිවූහ. වනයෙහි කලබලයක් විය. මේ කලබලය දුටු සිංහයා කවර කලබලයක් දැයි ඔවුන්ගෙන් විමසී ය. එවිට අහවලා මෙසේ කීවා. ඒ නිසා දුවනවා. සත්තු පිළිතුරු දුන් හ. අවසානයට මේ හාවා හමු විණි. ඌ ද තමා ලද අත්දැකීම කීවේ ය. සිංහයා ඌ හා අනෙක් සතුන් හා එක්ව එතැනට ගොස් විමසා බලා බෙලි ගෙඩියක් තල් අත්තකට වැටුණ අවස්ථාව පෙන්වා, එය බිය විය යුතු කාරණයක් නොවන බව දැන්වීය. පන්සිය පනස් ජාතක පොතෙහි එන දද්දභ ජාතකය තුළ දක්නට ලැබෙන මේ කතන්දරය තුළ විමසා බලා කටයුතු කිරීම තුළින් කලබල නතර වෙන බව නිදර්ශනය කරයි.මෙවන් කරුණක් පූර්විකාව වශයෙන් ගත්තේ විමසා බලා කටයුතු නොකිරීම නිසා ඇතිවන අනවශ්‍ය කලබල හා හානි පාඩු අප සමාජය තුළත් දක්නට ලැබෙන බැවිනි. අප කලබල කරන උණුසුම් වාර්තා විටින් විට අප සමාජය තුළ ඇති වෙයි. මෑත දී ඇති වූ කලබලය නම් චැනල් ෆෝ වාර්තා චිත්‍රපටය යි.

බුදුසරණ Youtube
බොදු පුවත්

ඉතිරිය»

බෞද්ධ දර්ශනය

ඉතිරිය»

විශේෂාංග

ඉතිරිය»

වෙහෙර විහාර

ඉතිරිය»


 

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]