[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ඇතුගල ආරණ්‍ය සේනාසනයේ සක්මන් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඇතුගල ආරණ්‍ය සේනාසනයේ සක්මන් සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ

ඓතිහාසික කුරුණෑගල ඇතුගල ආරණ්‍ය සේනාසනයේ ඉහළම ස්ථානයේ ස්ථාපිත මෙම මනරම් සක්මන් ඉරියව්වෙන් වැඩ සිටින සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරනු ලැබුවේ ඇතුගල ආරණ්‍ය සේනාසනාධිපති මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ජෙට්ඨානුවිජ්ජක ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය දෙබත්ගම පියසුමන නාහිමියන්ගේ සංකල්පයකට අනුව යි.

නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ මාස 4 වැනි කෙටි කාලයක් තුළ නිර්මාණය කිරිමට සමත් වී ඇත. මේ උතුම් නිර්මාණයේ නිර්මාණකරුවා වන්නේ ශාසන කීර්ති ශ්‍රී කලා විභූෂන බී.ඒ. පද්මසිරි කලා ශිල්පියා යි. එසේම මෙම දැවැන්ත නිර්මාණය සදහා මූලික ධන පාරිත්‍යාගය විදේශීය පින්වතියක් වන මැලේසියාවේ, මලක්කා නුවර අමෙලා මොනිකා මැතිනිය විසින් දරනු ලැබූ අතර ලාංකීය සැදැහැවතුන්ගෙන් ද මේ නිර්මාණය සදහා ආධාර උපකාර හිමි විය.

ඇතුගල පර්වතයේ නිර්මාණය කළ මෙකී සක්මන් ඉරියව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කොට සැදැහැවතුන්ගේ වන්දනාමානය සඳහා විවර කිරීමේ මහා පුණ්‍යොත්සවය පසුගිය සැප්තැම්බර් 21 වැනි දින සවස 4 ට මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රීමත් මහානායක මීරිගම මිණිඔලුව ශ්‍රී විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති, අග්ගමහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මහා නාහිමිපාණන් වහන්සේගේ පින්බර සුරතින් සිදු විය.

ගන්තුනේ අස්සජි මහා නාහිමිපාණන් වහන්සේ , බෝමැල්ලේගොඩ සුමනතිස්ස නාහිමි ඇතුලු මහානායක ,අනුනායක ස්වාමීන් වහන්සේ ඇතුලු මහා සංඝරත්නයත් , වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්, වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමන්, මැලේසියානු දූත පිරිස ඇතුලු දෙස් විදෙස් පිරිසක් මෙම උතුම් අවස්ථාව සඳහා සම්බන්ධ විය.

බිනර  අව අටවක

ඔක්තෝබර් 06 සිකුරාදා පූ.භා. 06.37 න් අව අටවක ලබා 07 සෙනසුරාදා පූ.භා. 08.11 න් ගෙවේ.
06 සිකුරාදා සිල්.

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 06

Full Moonඅමාවක

ඔක්තෝබර් 14

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසළොස්වක

ඔක්තෝබර් 28

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]